ආහාර පිළිබද දැඩි අවධානයක් යොමු කළ යුතුයි..

December 3, 2017 at 2:05 am | lanka C news
ආහාර පිළිබද දැඩි අවධානයක් යොමු කළ යුතුයි..

රසායන ද්‍රව්‍ය පිළිබද අනතුරු තක්ෂේරුව සහ කළමණාකරණය පිළිබද වැඩසටහන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ දී පසුගියදා පැවැත්විනි.

මෙම අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස Professor Her Royal Highness Princess Chulabhorn Mahidol of the Kingdom of Thailand එක්වුවාය.

මෙම වැඩසටහනේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“අපගේ පරිසරය අහඹු ලෙස හෝ අනතුරුදායක ලෙස දුෂණයට ලක්වෙමින් තිබෙන නිසා රසායන ද්‍රව්‍ය පිළිබද අනතුරු තක්ෂේරුව සහ කළමණාකරණය ඉතා කාලෝචිත මාතෘකාවක්. නවීන ජීවන රටාව හේතුවෙන් ආහාර කර්මාන්තය ද ඇතුලුව විවිධ කර්මාන්ත සදහා රසායන දුව්‍ය වැදගත් වෙනවා. එමගින් අපගේ සෞඛ්‍යයට හා යහ පැවැත්මට විවිධාකාර අනතුරු සහ උපද්‍රව ඇති වෙනවා. ප්‍රවේසම් සහගතව කළමණාකරණය කළ යුතුයි. ඇතැම් රසායන ද්‍රව්‍ය පිළිකා වැනි රෝග ව්‍යාප්ත කරන බවට විද්‍යානුකූලව සාක්ෂි සහිතව ඔප්පු කර තිබෙනවා.

එම නිසා අපගේ ආහාර පිළිබද ඉහළ අවධානයක් යොමු කළ යුතු වෙනවා. එම අනතුරුදායක බව නැති කිරීම සදහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. විශේෂයෙන්ම බෝනොවන රෝග ඉළක්ක කර ගනිමින් මුලික අනතුරු තක්ෂේරුවට අදාලව කටයුතු කළ හැකි යාන්ත්‍රණයක් ගොඩනැගීම සහ ප්‍රවර්ධනය මෙහිදී අත්‍යාවශ්‍ය වෙනවා.”

මෙහිදී සෞඛ්‍යඅමාත්‍යවරයා විසින් තායිලන්තයේ Chulabhorn Mahidol කුමරියට සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

405 Viewers

Leave a Comment

Main News