ඇමතිකමක් ගත්තේ මධ්‍යම කාරක සභාව කියූ නිසා.. මගේ උවමනාවකට නොවේ..- සුමේදා වරදක් කල සේ කියයි..

January 4, 2017 at 7:06 am | lanka C news | ලංකා සී නිවුස්
ඇමතිකමක් ගත්තේ මධ්‍යම කාරක සභාව කියූ නිසා.. මගේ උවමනාවකට නොවේ..- සුමේදා වරදක් කල සේ කියයි..

තමා ජාතික ආණ්ඩුව නියෝජනය කරමින් සිටින්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයක් අනුව බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමා ඉතිහාසයේ සිට මේ දක්වා විශාල කැපකිරීමක් සිදුකළ බවත් තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ප්‍රකාශ කළාය.

නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ  පසුගියදා බඩල්කුඹුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  පැවති උත්සවයකට සහභාගීවෙමිණි.

“වත්මන් ජාතික ආණ්ඩුවට එක්වුණේ ග්‍රාමිය  ජනාව වෙනුවෙන් යම් සේවාවක් කරන්න. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ අරමුණුවලට යාමේදී යම් යම් අඩුපාඩු සිදුවෙන්න පුළුවන්. නමුත් සමස්ථයක් ලෙස ගමේ ජනතාවට යම් වැඩකොටසක් ඉටුකරන්න හැකියාව ලැබුණා කියලා කියන්න පුළුවන්. ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් හැම විටම උත්සාහ ගන්නේ රට, රටේ ජනතාව හා පක්ෂය ආරක්ෂා කරගැනීමට. මේ රට 30 වසරක යුද්ධයෙන් බේරාගැනීමට නායකත්වය ලබාදුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම මේ රට තිරසර සංවර්ධනයක් කරා ගෙනයාමට නායකත්වය ලබාදෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා යනුවෙන්ද නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

– ප්‍රසාද් මංජු

12,449 Viewers

7 Comments to “ඇමතිකමක් ගත්තේ මධ්‍යම කාරක සභාව කියූ නිසා.. මගේ උවමනාවකට නොවේ..- සුමේදා වරදක් කල සේ කියයි..”

  1. Sanath Peiris says:

    දැන් ඔක්කොම බබාලනෙ

    චන්ද පදනම අර්බුදයට යනබව තේරැනාම බය හිතිල වගේ

  2. බන්ඩා says:

    අාප්පය නායකත්වය ලබා දෙන්නේ ශ්‍රිලනිප අපේක්ෂක මහින්ද පරදවා පරගැති රනිල සමග එක්වී රට ජාතිය විනාස කරන්නය්. ඊළඟ චන්දෙන් පරාජය උඹල නලලෙ කොටාගනය් තියෙන්නෙ.

  3. ගමරාළ says:

    දේශපාලඥයෙකුගේ දේශපාලන ඡීවිතය තීරණය වන්නේ මධ්‍යම කාරක සභාවේ කැමැත්ත මත නොව ඡනතාවගේ කැමැත්ත මතයි… මධ්‍යම කාරක සභාව යනු පක්ෂ නායකයාගේ කැමැත්තයි… ඒ හින්දා ඡනතාව වෙනුවෙන් හිට ගන්නේ නැතුව මධ්‍යම කාරක සභාව වෙනුවෙන් හිට ගන්න දේශපාලඥයන්ට වෙන්නේ මොකක්ද කියලා මැඩම්ට අමුතුවෙන් කියන්න ඕන නෑනේ…

  4. asaranaya says:

    සුමෙදා නගෝ ආප්පයගෙ ආප්ප ගහා ගහා ඉදපල්ල එපමණයි ඔහෙලාට ඉතිරිව ඇත්තේ

  5. සිරිතේක්කු says:

    ඉතිං ඊලඟ පාරත් මධ්‍යම කාරක සභාවටම කියලා මංත්‍රී කමකුයි ඇමති කමකුයි ගන්ඩකො මහ මැණිකෙ.

  6. අනාථයා says:

    තව ඔය තියෙන ලට්ට ලොට්ට ටිකක් මූණෙ උලාගෙන මධ්‍යම කාරක සභාවෙ මැද්දටම වෙලා ඉන්න​.මේ වයසට තනි වෙන්න නරකයි සුමේධ නෝනෙ..

  7. nanayakkara says:

    පචපාලනයට පඩපාලනයට ජඩපාලනයට යමපාලනයට සහය දුන් සියලුම ශ්‍රිලනිප මංත්‍රීන් ඊළග මැතිවරණයෙන් වත් ගෙදර යැවීමට ශ්‍රීලනිප සාමාජිකයින් වග බලා ගත යුතුය.

Main News