ඇමතිකම ගැලෙවුවොත් සියළු රහස් හෙලි කරනවා.. අගමැති රනිල්ට ඇමති රවීගෙන් තර්ජන.. ඇමති විජේදාසත් ගර්ජන දමයි..

April 30, 2017 at 10:54 pm | lanka C news
ඇමතිකම ගැලෙවුවොත් සියළු රහස් හෙලි කරනවා.. අගමැති රනිල්ට ඇමති රවීගෙන් තර්ජන.. ඇමති විජේදාසත් ගර්ජන දමයි..

කැබිනට් සංශෝධනයේ දී තමා දැනට දරන ධුරයෙන් ඉවත් කළහොත් පසුපෙළෙහි අසුන් ගන්නා බවත් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතැම් රහසිගත දේවල් හෙළි කිරීමට තමා පියවර ගන්නා බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අග්‍රාමාත්‍යවරයා හමුවී ප්‍රකාශ කර ඇත.

එමෙන්ම සරත් ෆොන්සේකා මහතාට එජාපයේ උපනායක තනතුරක් ලබා දීමට දරන ප්‍රයත්නය සම්බන්ධයෙන් ද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් අගමැතිවරයාට විරෝධයක් එල්ල වී ඇති බවත් සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය මාර්තු මාසයේ සිට මුදල් ඇමැති ධුරය සහ විදේශ අමාත්‍ය ධුරවල මාරුවක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණි. එයට බලපෑ මූලිකම හේතුව වූයේ මුදල් ඇමැති රවී කරුණානායක මහතාට එල්ල වී තිබූ චෝදනාය. මෙරට ආර්ථිකය බරපතළ අර්බුදකාරිත්වයකට ලක් කළ බවට සහ පිළිගත් මූල්‍ය නීති රීතිවලට එපිටින් ගොස් ඔහුගේ හිතවත් ව්‍යාපාරිකයන් වෙත වැඩි වශයෙන් සැලකීමට යාම සම්බන්ධයෙන් ඇමැතිවරයාට චෝදනා රැසක් එල්ල වී තිබුණි.

කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රවී කරුණානායක සිය තීරණය දැනුම් දීමත් සමඟ ඇමැති ධුර සංශෝධනය කල් ගොස් තිබේ. කැබිනට් සංශෝධනය මෙම මස 26 වන දින සිදු කිරීමට මීට පෙර ජනාධිපතිවරයා තීරණය කර තිබිණි.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂයේ සහ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් හටගෙන ඇත. ඊට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයාට හිතෙන හිතෙන ආකාරයට මන්ත්‍රී ධුර වෙනස් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කිරීමය. එහි දී නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ මේ රටේ ජනතාව බලය ලබා දී ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බැවින් විධායකයට තීරණ ගැනීමේ බලයක් ඇති බවටයි. එසේම මෙම එජාප මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙහි අරමුණ ඇමැති මණ්ඩල සංශෝධනය කල් යාම කෙරෙහි නැඟෙන විරෝධය යටපත් කිරීම බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව එජාපය තුළ සිදු කිරීමට නියමිතව තිබූ නිලතල වෙනස ද එනම් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ උපනායක තනතුර පිරිනැමීම ද කල් යමින් පවතියි. එම වෙනස සිදු කිරීමට නියමිතව තිබුණේ පක්ෂයේ දැනට පවතින උපනායක තනතුරු සංඛ්‍යාව වැඩි කිරීමෙනි. එහෙත් මීට විරුද්ධ වෙමින් විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකශ කර ඇත්තේ ඇමැතිකම පවා අත්හැර පැමිණි තමන් සහ තවත් පුද්ගලයන් සිටිය දී ඡන්ද පදනමක් නොමැති සරත් ෆොන්සේකාට උපනායක තනතුරක් ලබා දීමේ පදනමක් නොමැති බවයි. එවැනි තීරණයක් ගතහොත් තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන බවට ඔහු පවසා ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය තුළ කැබිනට් සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගිය බව ද දැනගන්නට තිබේ.

සිතාරා කුලරත්න
සත්හඬ

42,923 Viewers

10 Comments to “ඇමතිකම ගැලෙවුවොත් සියළු රහස් හෙලි කරනවා.. අගමැති රනිල්ට ඇමති රවීගෙන් තර්ජන.. ඇමති විජේදාසත් ගර්ජන දමයි..”

  1. White Shark says:

    රහස් කියන්නේ මොනවාද? TNA එක එක්ක ගහපු හොර ගිවිසුම්, කොටි diaspora වෙන් චන්දෙට වියදම් කරන්න දීපු කළු සල්ලි, මහා බැංකුවෙන් හොරා කාපු සල්ලි බෙදා ගත්ත හැටි, පහුගිය අවුරුද දෙක පුරා මහජන ධනය කොල්ල කාපුවා, පහුගිය අවුරුද දෙකට ගහපු කොමිස්, රටට එක කතාවක් කියලා ඉන්දියාව සහ චීනේ එක්ක රටට හොරෙන් අත්සන් කරපු ඇත්ත ගිවිසුම්, වෙනත් නානා ප්‍රකාර පුද්ගලයන් එක්ක අත්සන් කල ගිවිසුම්, ඒවායින් මුදල් ගසා කෑ හැටි.

    මේ කතාවෙන් පැහැදිලිවම පේනවා මේ ආණ්ඩුව රටේ ධනය හිතුමතේට පාවිච්චි කරලා තියෙන බව. මහා පරිමාණ හොරමැරකම්, දූෂණ වල යෙදීලා තියෙන බව.

    මහජන චන්දයෙන් ඇවිල්ල මුන් කරලා තියෙන මහා පරිමාන හොරකම් ගැන දැන ගන්න ජනතාවට පරම අයිතියක් තියෙනවා. රට පාවලා දීපු හැටි දැන ගන්න ජනතාවට පරම අයිතියක් තියෙනවා.

    ලංකාවේ Elite Group එකට අයිති, ටයි කෝට් දාගෙන, ලංකාවේ ආර්ථිකයේ හදවත, මහා බැංකුවම, තමන්ගේ උගත්කම, බුද්ධිය සහ දැනුම අති සූක්ෂම සහ අළුත්ම ක්‍රමයකට පාවිච්චි කරලා රටටම පේන්න, එළිපිටම, ඉතිහාසගත විදියට මහජන ධනය මංකොල්ල කාපු ලංකාවේ සුපිරි පංතියේ මහා පරිමාණ වංචාව ඇතුළු, රවී කරුණානායක මුදල් ඇමති දන්න අනිකුත් මහා පරිමාන වංචා සියල්ල එළිදරව් කර ගත යුතුයි.

    ඒ නිසා රවී කරුණානායකව අනිවාර්යයෙන්ම මුදල් ඇමති කමින් ඉවත් කරලා, මංකොල්ල කාපු මහජන ධනය ආපහු රටට අර ගන්න ඕනේ. වැරදිකාරයන් හිරේ දාන්න ඕනේ.

    • Saradiel says:

      කොටි කරුප්පයියාව ගෙදර යවා ඔහුගේ දේපල රාජසන්තක කර හොරාගත් මුදල් නැවත ලබාගත යුතුයි
      රනිල් ,රවී ,සිරිසේන කරුණාකර ඉල්ලා අස්වන්න… යහපාලන පාර්ලිමේන්තුව විසුරුවා හරින්න… අපේ රට විනාශ නොකරන්න
      රටේ ජනතාව දැන්වත් මේ දේශද්‍රෝහියන්ගෙන් අපේ රට ජාතිය බේරාගනිව් ..බලා සිටීමට කාලයක් නැත

  2. RW says:

    Both Ravi and Wijedasa have lot of allegations It’s good for UNP if these two leave the party and join Joint Opposition.

  3. Sadda says:

    Jaya wewa. E ekkama hena hathath wadeewa. Boru karayo.

  4. ExUNPer says:

    You all have swolowed the Diaspora tablet, due to blindness and magic desires,..
    and the outcome will be health deterioration.
    You guys have no honesty, no integrity,….you guys are blindly doing every kind of patching.
    There is no professionalism.
    Only close analogy is village prostitutes.

  5. Boo says:

    හොරු සමඟ අමු හෙළුවෙන්.

  6. GodFather says:

    Even both MS and RW cannot do minor changes in the cabinet. This is because that Ravi is not a strong person but MS-RW are weak and corrupted.

  7. love nature says:

    කල හොද පස්සෙන් එනවා කියන්නේ මෙන්න මේකටයි …

  8. love nature says:

    මුල අමතක වීම දෙමළ ජානවලින් එන දෙයක්‌

  9. dicky Bird says:

    In the past Ranil was the thug with the backing of Gonawala Sunil to neutralise persons within the party like Ravi.K. Now that mantle of being the strong man has been passed onto Ravi.K by Mr. Dirty @ Batalanda.

    Therefore, Ravi.K is calling the shots. Ranil.W has become a nicom poop.

Main News