ඇමතිවරයෙකුගේ වාහනයකට යන්නේ ලක්ෂ 75යි.. ඉතිරි කෝටි 3.75ක් ආණ්ඩුවේ බදුයි..

May 19, 2017 at 1:20 pm | lanka C news
ඇමතිවරයෙකුගේ වාහනයකට යන්නේ ලක්ෂ 75යි.. ඉතිරි කෝටි 3.75ක් ආණ්ඩුවේ බදුයි..

රජයේ ඇමතිවරුන්ගේ නිල භාවිතය සඳහා ගෙන්වන වාහන සඳහා වැය වන්නේ එක් වාහනයකට රු. ලක්ෂ 75ක මුදලක් පමණක් වන බව ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ කියා සිටී.

එම වාහනයක් සඳහා රු. ලක්ෂ 450ක් වියදම් වන බවට වන සාවද්‍ය මතයක් සමාජගත කර ඇතැයි ඔහු කියා සිටියේ අද (18) සිරිකොත දී පැවති එජාප මාධ්‍ය හමුවක් අමතමිනි.

බදු වශයෙන් අය කෙරෙන රු. ලක්ෂ 375ක මුදල භාණ්ඩාගාරයට යැවෙන බවත් හෙතෙම කියා සිටියේය.

පසුගිය රජය සමයේදී සිදු කළ ආකාරයට මෙම වාහන සඳහා රජයේ මුදල් අමතරව වැය කිරීමක් සිදු නොකොට අදාළ ඇමතිවරයාගේ අමාත්‍යංශයට සපයා ඇති ප්‍රතිපාදනවලින් වාහනය මිල දී ගැනීම සිදු වන බව ද ගමගේ මහතා කීය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූයේ, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කොට, කෘෂි නිෂ්පාදනවල අගය දාමය ඉහළ දැමීම සඳහා ලෝක බැංකුව සමඟ එක්ව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.
ඒ යටතේ දේශීය ව්‍යවසායකයින්ට ආයෝජන අවස්ථා උදා කර දී, අවශ්‍ය දැනුම, මූල්‍යාධාර හා නිෂ්පාදන වෙළෙඳපොලක් ලබා දී, ඔවුන් දිරි ගැන්වීම ද සිදු කෙරෙන බව හෙතෙම කීය.

එපමණක් නොව ඒ හරහා රැකියා අවස්ථා 150,000ක් පමණ බිහි කිරීමට ද හැකි වනු ඇතැයි ඇමතිවරයා පැවසීය.

– ජෝර්ජ් පෙරේරා

7,725 Viewers

16 Comments to “ඇමතිවරයෙකුගේ වාහනයකට යන්නේ ලක්ෂ 75යි.. ඉතිරි කෝටි 3.75ක් ආණ්ඩුවේ බදුයි..”

  1. gona says:

    amathi thumo, badu kiyanne adayamakne. ithin othana adayama laksa 375yi. car eke viyadama laksa 75yi. eka nisa laksa 375k vena adayamen ara laksa 75ka viyadama adu karala eka car ekakin laksa 300k labayak thiyenava kiyannath puluwan neda?

    • ඕගොල්ලෝ පවු says:

      මහත්තයෝ තමුන්ට මහජනතාවගේ තිබෙන පිළිගැනිම මේ අහක යන පිචන් ඇමතියෝ බේරගන්න ගිහින් නැතිකරගන්න එපා
      අපි කවුරුත් දන්නවා යුරෝපයේ නිෂ්පාදිත වාහන සහ ඇමෙරිකාවේ නිෂ්පාදිත වාහන ඉතාම මිල අදික වාහන කියල ඒවගේම කවුරුත් දන්නවා ඒ වාහන වලට යන නඩත්තු වියදම අමතර කොටස් ආදිය සාමාන්‍ය ජපන් වාහනයක අමතර කොටස් වගේ සිය ගුණයකට වඩා වැඩි බව . ඒවගේම අපි කවුරුත් දන්නවා ඒ යුරෝපයේ වාහන සහ ඇමෙරිකානු වාහන ජපාන වාහන වලට වඩා ඉතාම ඉක්මනින් අබලන් වන බව මෙයට හෙතුව එම වාහන ඉතාම සියුම් එලෙක්ට්‍රොනික උපාංග වලින් සමන්විත නිසා බවත් අපි දන්නව් .
      ඕනෑම බෙන්ස් වොල්වෝ බිඑම් ඩබ්ලිව් වගේ වාහනයක් පරිගණකයේ වැරදි පරික්ෂාවට සවිකලොත් එරර් මැසේජ් දෙසීයක් පමණ එන බවත් ඒවා සිලල්ල නිවැරදි කරන්න බොහෝවිට ලක්ෂ ගණන් මුදල් යන බවත් එනිසා බොහෝ දෙනා එදිනෙදා දිවීමට අදාළ වැරදි පමණක් සාදාගෙන ඉතිරිය අමතක කරන බවත් එනිසාම එම වාහන ඉතාම ඉක්මනින් අබලන් ලෙඩ බරිත වාහන වන බවත් .
      ඒවගේම අපි දන්නවා ජපානයේ නිෂ්පාදිත ලෑන්ඩ්කෘසර් ,පජෙරෝ ප්‍රාඩෝ වැනි වාහනත් ඉතාම නඩත්තු මිල අදික වාහන බව .
      ඒවගේම අපි ඔක්කොම දන්නව් මේ රට ආර්ථික අවපාතයෙන් ගොඩ එන්න බැරිව දඟලන රටක් බව
      එහෙවු රටකට මේ සුදු අලි වගේ යුරෝපිය වාහන මොකටද ?unp හා සිරිසේන වන්දනා කරන ඉන්දියාවේ අමතිලා යන්නේත් ඔය වාහන වලද ?
      ජපානයේ නිෂ්පාදිත ටොයෝටා අලියොන් හෝ නිසාන් බ්ලුබර්ඩ් වගේ වාහනයක් ඔය ඇමතිලාට තිබුනම හොඳටම ඇති නේද ?
      අතිවිශාල ඉන්දියාවේ මහජන සේවය කරන්න ඔවුන්ගේ ඇමතිලා අර දුනු සවිකරපු නැඩ වාහනය වන අමබසඩර් වාහනයේ යනවානම් මේ පොඩි රටේ සවාරි යන්නට උම්බ්ලාට පොඩි ජපන් වාහන මදි වෙන්නේ කොහොමද ?

      මෙන්න තීරු බදු රහිත 2017 ටොයෝටා වාහන මිල
      ටොයෝටා කැම්රි (සුකොපබෝගී වාහනයකි ) රුපියල් මිලියන 3.3
      ටොයෝටා කොරොල්ලා (සාමාන්‍ය සුකොපබෝගී වාහනයකි ) රුපියල් මිලියන 2.6
      බෙන්ස් මිල අඩුම රථයක මිල මිලියන 7.5

      දුප්පත්කම තුරන් කරන්න රට දියුණු කරන්න අපේ චන්දයෙන් එන උන් අපේ බදු මුදලින් ගන්න පුළුවන් අඩුම වාහනය ගන්නේ නැතිව ඊට වඩා තුන්ගුණයක් වැඩි වාහන ගන්නේ මොකද ?
      නමුත් මේ ඇමති කියල තිබෙන්නේ අඩුම බෙන්ස් එකක මිල මිසක් අපේ ඇමතියෝ ඉල්ලන බෙන්ස් එකේ මිල නෙවෙයි
      අපේ ඇමතිලා ඉල්ලන බෙන්ස් එකක් රුපියල් මිලයන 20 කට වැඩියි එකියන්නේ ලක්ෂ දෙසියයක් .
      ලක්ෂ 33 ක ජපන් වාහනයක් අරගෙන අවුරුදු දහයක් කරදරයක් නැතිව පාවිච්චි නොකර ලක්ෂ දෙසියයකට බෙන්ස් එකක් අරන් වාර්ෂිකව මිලියන් ගණන් නඩත්තුවට වියදම් කරමින් අවුරුදු පහකින් හයකින් ලදරන් වන වාහන අපේ බදු මුදලින් ගන්නේ අපිට සේවය කරන්නද ?

      • සුදා says:

        ඇත්ත රුපියල් ලක්ෂ 75 වැයකරලා පොඩිම බෙන්ස් එකක් ගන්න සල්ලි වලින් අපේ ඇමතිවරුන්ට මේ රටේ ආර්ථිකයට ගැලපෙන ටොයෝටා කොරොල්ලා රථ තුනක් ගන්න පුළුවන් .
        අට පාස් වෙලා දේශපාලනය කරන අපේ ඇමතිලාට ඊට වඩා ලොකු වාහන මොකටද ? ටොයෝටා කොරොල්ලා රථ ඉතාම හොඳයි අවුරුදු 15 බොහොම අඩු නඩත්තුවක් යටතේ පාවිච්චි කරන්න පුළුවන් වාහනේ හොඳට තියෙනවනම් ගත්ත ගානට වඩා වැඩියෙන් උනත් ආපහු විකුනන්න පුළුවන් .
        ලක්ෂ 75 බෙන්ස් එක එක සර්විස් එකක් කරන්න රුපියල් 40000/ යනවා බ්රේක් පෑඩ් දාන්න මුළු එසෙම්බ්ලි එකම මාරුකරන්න ඕනා සෙන්සර් එක්ක එකක මිල රුපියල් ලක්ෂයයි රෝද හතරට ලක්ෂ හතරයි .විල් හබ් ගියොත් ලක්ෂ තුනයි සාමාන්‍ය ටොයෝටා කාරයක විසිපන්දාහයි. (ඒජන්ත මිල )

    • fass says:

      Menna kano pinum

    • kaniya says:

      ඒ විතරක්ද ඇමතිතුමෝ ඔය කුසිකර්ම ඇමති තමුන්ගේ හිතවතියක් වන නිළියගේ බිල්ඩිම කුලියට අරගෙන මාසිකව ලක්ෂ දෙසීයක් ගෙවන්නේ වගාව සංවර්දනය කරන්න වෙන්න ඇති නේද ?(එයාගේ හිතවතියගේ )
      නිකන් හිතල බලන්න නිලියට ඕනනම් මාසිකව එක බෙන්ස් එක ගානේ ගන්න සල්ලි දෙනවා අපේ කුසී ඇමති

      • asaranaya says:

        අරකත් අත ගාවගන්න ගමන්

      • suda says:

        කෘෂිකර්ම ඇමතිගේ මිතුරියගේ ගොඩනැගිල්ලට ගෙවන්නේ ලක්ෂ දෙසිය නෙවෙයි ලක්ෂ දෙසිය හතළිස්පහක් මාසෙකට
        මේ කාගේ සල්ලිද ?දුමින්ද දිසානායක ගෙදරින් ගෙනාව සල්ලිද මේ නිලියට හම්බු කරලා දෙන්නේ ?
        මේ මුදල් අනුමත කලේ මිස්ටර් ක්ලින් ඉන්න මිස්ටර් ඉනසන්ට් ඇන්ඩ් ක්ලින් යහපාලන චැම්පියන් සිරිසේන ඉන්න කැබිනට් එකෙන් නේද ?
        බත්තර මුල්ලේ ඉසුරුපායේ අලුත්ම ගොඩනැගිල්ලේ ඕනා තරම් ඉඩ තිබෙද්දී මේ ගොඩනැගිල්ල කුලියට ගත්තේ ඇයි ?දැන් එය පාවිච්චි නොකර අවුරුද්දකට වැඩියෙන් වහල තියෙන්නේ ඇයි කුලී ගෙවා

  2. janaka says:

    ඉති යකෝ අමාත්‍යංශයට සපයා ඇති ප්‍රතිපාදනවලින් වාහනය මිල දී ගත්තත් ඒ සල්ලිත් මහජනයාගේ බදු මුදල් නේ, වෙනදට වැඩිය වැඩිපුරත් වෙන්කර ගනියි වාහනයටත් එක්ක. උබල හිතාගන ඉන්නේ මේ රටේ ඉන්නේ හරක් විතරයි කියලද.

  3. අනාථ ජනයා says:

    අම්මට හු හු හුගාක් අමාරුයිද? ඕව සමනලයින්ට හරියන කතා ලන්කාවෙ බහුතරයක් තාම පිරිමි. හරිය

  4. Boo says:

    වාහනේ මිලට වඩා බද්ද වැඩි මොන රටේද?
    මේ මීහරකුන්ගෙ රටේ.
    ඔය කියන හැම බොරැවක්ම පිලිගන්නෙ කවුද?
    රාජපක්සගෙ රත්තරන් අස්සය ලැම්බොගිනියක දාගෙන එනකං බලාගෙන ඉන්න හරක් ඉන්න රටේ ඉන්න මී හරක් මිසක් වෙන කවුද?

  5. Alapaluwa says:

    දයාගමගේ මහා ගොං කථාවක් නොවේ කියන්නේ ඇමති කෙනෙකුට කාර් එකකට යන්නේ ලක්ෂ 75 ඉතිරි කොටි 3.75 බදුයි කියලා.
    අරි මට මුලින්ම දැනගන්න ඕනේ ඔය හොර තාක්කඩි ටික ඒ බදු ගෙවනවද කියලා ? නිකම් බාබා පාර්ට් ගොං ආතල් දෙන්න හදන්න එපා තමුසෙලා ගෙවන්නේ රුපියල් 1750 වැනි හෙන ගාහන විශාල ටැක්ස් එකක් බවනම් ගොඩේ ඉන්න ටෝයියෝ ටිකනම් දන්නේ නැති වුනාට අපිනම් දන්නවා. සාමාන්‍ය පුද්ගලයෙක් එම වාහනය ගෙන්නුවොත් ඔය කියපු බදු 3කොටි .75 ගෙවන්න වේවි අනිවාර්යෙන්ම දවස් තුනකට ප්‍රථමයෙන් නැතහොත් තවත් දඩ ගෙවන්න වේවි Port charges කියලා . ඒකනිසා ලැබුණු සැප විඳින්න ඉකම් බොරුකියා මිනිසුන් මුලා කරන්නේ නැතිව. හරියටම දැනගන්න අවශ්‍යනම් ඔනෑම වහනයක් CIF Colombo මම කියන්නම් ඔය ඔබ කරතිබෙන්නේ ප්‍රාඩෝ ලෑන්ඩ්කෘෂ 2016 වැනි වාහනයක මිළ.කරුණාකර මේ අහිංසක එදාවේලා කන්න නැති මිනිසුන්ව අන්දවන්න එපා පවු සිදුවේවි.

    • Alapaluwa says:

      අද ජපාන යෙන් එකට සාපේක්ෂිතව බැලුවොත් USD Japanese yen rate 111 USD වෙන්නේ 49.550 මෙය රුපියල් 152 වැඩිකෙරුවොත් හරියටම ගාන එවි. එකියන්නේ Yen Million 5’500’000. ඉතින් තවත් ගල්පැලෙන බොරුනම් කියන්න හදන්න එපා.

  6. NARAYANA says:

    For the country’s revenue 37.5 million might hrough by his mother. KALAKANNIYA

  7. NARAYANA says:

    For the country’s revenue 37.5 million might hrough by his mother. KALAKANNIYAm

  8. ABBA says:

    Sabee Pussy langa Dumee kusee

  9. නයා.... says:

    හරි එහෙනම් මටත් එකක් දීපන් ලක්ෂ 75 ට. ලීස් එකක් දාලා මමත් ගන්නම්

    මන්ත්‍රි කාරයින්ට ඔයිට අමතරවත් තව ඩියුටි ෆ්‍රී කාර් පර්මිට් එකක් දෙනවානේ අපිට ඒක එපා ලෑන්ඩ් කෲසර් එකක් විතරක් ලක්ෂ 75කට දීපල්ලා

Main News