ඇමති අමරවීරගේ නිවසේ ගුටි කෙලියක්…

March 3, 2018 at 12:00 pm | lanka C news
ඇමති අමරවීරගේ නිවසේ ගුටි කෙලියක්…

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතාගේ නිවසේදී ගුටි කෙලියක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවණයේ අතිරේක ලයිස්තුවෙන් අපේක්‍ෂකයන් පත් කිරීම සදහා අතාවුල්ලා මහතාගේ ජාතික කොංග්‍රසය සහ ශ්‍රීලනිප නියෝජිතයන් අතර වූ සාකච්චාවකදී මෙම ගැටුම ඇතිව තිබේ.

මෙහිදී පහර කෑමට ලක්ව ඇත්තේ ශ‍්‍රීලනිප පොතුවිල් ආසනයේ සංවිධායක අබ්දුල් මජීඩ් මහතායි.

පහරදීමත් සමග මන්ත්‍රිවරුන් තේරීම ඇනහිට ඇත.

මහගමසේකර මාවතේ පිහිටි ඇමති අමරවීරගේ නිල නිවසේදී මෙම සාකච්චාව පැවැත්වී ඇත්තේ ගිය 28 වැනිදායි. අතාවුල්ලා මහතා ඔහුගේ නියෝජිතයන් 25ක් පමණ පිරිසක් සමග මෙම සාකච්චාවට පැමිණ ඇති අතර පහරදීමට හේතුව වී ඇත්තේ අක්කරෙයිපත්තු හා අඩ්ඩාලචේනයේ ආයතන සදහා අතිරේක ලැයිස්තුවෙන් ශ්‍රීලනිප නියෝජිතයන් දෙදෙනකු ලබාදෙන්නැයි කරන ලද යෝජනාවයි.

37,675 Viewers

2 Comments to “ඇමති අමරවීරගේ නිවසේ ගුටි කෙලියක්…”

  1. Api. Unp says:

    Paharadeema Nissa. Hiskabala tuwaala una amanaweerata pratikaara kala waidyawarun
    Kiyala sitiye hiskabala tula molayak netinisaa barapatala nowana. Bawai
    Aappayaagen pasu naayakatwayata ohu sudusu bawai

  2. Ithin othanadeema oya wimaraaarayaaatath kelalaa demma nam iwaraine. Ethakota thawath jaathidrohiyek iwaraine.

Main News