ඇමති ජෝන්, සුජීවගේ රෙදි ගලවයි.. නොකී රහස් රැසක් හෙලි කරයි..

December 19, 2017 at 10:00 am | lanka C news
ඇමති ජෝන්, සුජීවගේ රෙදි ගලවයි.. නොකී රහස් රැසක් හෙලි කරයි..

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට වඩා තමාට හොඳට සිහිබුද්ධිය තිබෙන බවත් ඒ අනුව සුජීව සේනසිංහ මහතාට වඩා තමා හොඳින් කටයුතු කරන බවත් සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.

ජෝන් අමරතුංග අමාත්‍යවරයාට අවුරුදු 80ක් පමණ වන බවත් වයසට ගියවිට එක එක කතා කියන බවටත් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයක් ගැන විමසූ අවස්ථාවේදී ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

ඊයේ පෙරේදා දේශපාලනයට ඇවිල්ලා සුජීවලා මොනවාද දන්නේ. එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් මං මැතිවරණ කීයකට මුහුණ දුන්නාද? කෙතරම් මැර තර්ජන අපට එල්ල වුණාද? පසුගිය ආණ්ඩුව කාලේදී කෙතරම් මැර තර්ජන එල්ල වුණාද? ඒ වගේ තර්ජන ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයේ පාක්‍ෂිකයන්ට එල්ල කරන්න එපා. එහෙම කවුරුහරි මැර තර්ජන අපට කරන්න ආවොත් ඒකට ඉඩ දෙන්නේ නැහැ කියන එකයි මං කිව්වේ.

මට වයස ගියාට සුජීවලාට වැඩිය ඉතා හොඳ සිහි බුද්ධියෙන් මම කටයුතු කරනවා. කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන මගේ ළඟට එන්න එපායි කියලා ජනාධිපතිතුමා පසුගියදා කිව්වේ කාටද?

ජනාධිපතිතුමාට ‍ෙදාස් කියන්න එපා කියලා එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අගමැතිතුමා අවවාද කළේ කාටද? කියලා හොයලා බලන්න. එතකොට සිහිබුද්ධිය නැතිව වැඩ කරන්නේ කවුද? කියලා කාටත් දැනගන්න පුළුවන්’ යැයිද ජෝන් අමරතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

– Mawbima

44,460 Viewers

6 Comments to “ඇමති ජෝන්, සුජීවගේ රෙදි ගලවයි.. නොකී රහස් රැසක් හෙලි කරයි..”

  1. Sudaa says:

    උනුන් කුළල් කා ගන්නා සොදුරු
    මොහොත.

  2. රටට හිතවත් says:

    මෙන්න මේ වගේ අලි -අලි එකතුවෙලා වලි දාගත්තනම් හරි! එතකොට කැලේ ඉන්න අලි ඇත්තු ටික ඉතුරුවෙයි , දළ ටිකත් රැකෙයි! මොකද මුන් එකෙක්, දෙන්නෙක් ගේ “දළ” කපා ගත්තනම් ඇත්තු දාහකගේ දළ වික්කට වඩා ආණ්ඩුව ගෙනියන්න සල්ලි හොයාගන්න පුළුවන් වෙයි!!

    • Jonaa'S Brother says:

      60 පැන්නත් 80 පැන්නත් වඳුරෝ ගහ උඩ, කුඹ ගහා තවම කෙලින්, තඹ බනානා වගේ නොවෙයි, තේරුනා නේද

  3. Pina says:

    අපේ සුජීව සර් ගෙ රෙදී ගලවන්න ජෝන් සර්ට බෑ. මොකද දන්නවාද ඒක සිද්ද වෙලා දන් මාසයක් විතර වෙනවා.

    • අබරන් says:

      දියවන්නාවේ හොරු රැල ගැන කවර කතාද බොලව්

  4. ගිය රජයෙන් සෑදූ මන්තීරු කැඩුවට මූ හිරේ යා යුතුයි අරූ බැංකුව කැඩුවට හිරේ පදිංචිය ලබා දිය යුතුයි.

Main News