ඇමති දුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- ඇමති පලනි තිගාම්බරම්

July 9, 2018 at 9:39 pm | lanka C news
ඇමති දුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- ඇමති පලනි තිගාම්බරම්

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන මඟින් ඉදිකරන ලද තවත් නිවාස 95 ක් ගරු අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්ව‍යෙන් ඊයේ (08) දිනයේදී ජනතා අයිතියට පත් කරන ලදි.

ඒ අනුව නුවර එළිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය මානෙලි වතුයායේ නිවසා 25 ක්, මස්කෙලිය එමිල්ඩල් වතුයායේ නිවාස 20 ක්, බ්‍රවන්ලෝ වතුයායේ නිවාස 20 ක් සහ මවුසාකැලේ වතුයායෙ ඉදි කෙරුණු නිවාස 20 ඇතුළු නිවාස 95ක් ජනතා අයිතියට පත් කෙරුණි.

තවද මෙම සියළු නිවාස ව්‍යාපෘතීන් සඳහා විදුලිය, ජලය ඇතුළු සියලුම යටිතල පහසුකම් අමාත්‍යාංශ ප්‍රතිපාදන යොදාගනිමින් සපයා දෙනු ලැබේ. මෙම සෑම නිවසක්ම පර්චස් 07 ක ඉදිකර ඇති අතර එම නිවාස සඳහා නිරවුල් ඔප්පුද ලබා දීමට නියමිතයි.

මෙම උත්සව අවස්ථාවන්ට එක්වූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියේ වත්මන් රජය මඟින් වැවිලි ප්‍රජාව උදෙසා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදය ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා,

“වතුකම් කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සදහා හාම් වතු හාම් පුතුන් සමඟ ලබන ඔක්තෝබර් මාසයේ එකඟතා ගිවිසුමට අත්සන් කිරීමට නියමිතයි. මේ වන විට කඳුකරයේ සිටින නායකයින් කම්කරු වැටුප වැඩි කිරීමට නිසි පියවරක් ගෙන නොමැත. පසුගිය දා වැටුප් එකගතා ගිවිසුම අත්සන් කරන වෘත්තිය සමිති සාකච්චාවක් පවත්වා ඇත. එහිදි බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවේල් සුරේෂ් මහතා  රුපියල් 750 ක් මූලික වැටුප් ලබා නොදුන්නොත් වැටුප් ගිවිසුමට අත්සන් නොකරන බවට පවසා ඇත. එසෙනම් එය හොද දෙයකි. නමුත් අවුරුදු 50 ක් වැඩි කාලයක් ඇමතිධුරය සිටිය අය තමා වැටුප් වැඩි කිරීමෙ ගිවිසුමට අත්සන් කළේ. එම කාලය පුරා කම්කරුවන් ගේ වටුප් වැඩි කිරීමෙ දී කම්කරුවන් රවටා ඇත. ඒ අයට සාධාරණ වැටුපක් ලබා දී නොමැත. එවන් තත්වයක් තුල දැන් ඒ අය පවසනවා වැටුප් වැඩි කිරීමට මා ඇමතිධුරයෙන් අයින් වියයුතු බව. කම්කරුවන්ට 1000 ක මූලික වැටුපක් ලබා දිමට මාගේ ඇමතිකම බාධාවක් නම් මා ඉල්ලා අස්වීමටත් සූදානම්.

පරම්පරා ගණනාවක් වතුකරයේ නායකයින් යැයි කියාගන්නා පිරිස් අමාත්‍යධුර දැරුවද  එක බිම් අඟලක් වැවිලි ප්‍රජාව උදෙසා ලබා දීමට කටයුතු කර නොමැති තත්වයක් තුල මා පැමිණීමෙන් පසු වතු කම්කරුවන්ට පර්චස් හතක තනි නිවාස ඉදිකර නිරවුල් ඔප්පුවක් ද ලබා දීමට කටයුතු කළා. ඔවුන්ගේ කාලයේ තනි ගෙවල් වෙනුවට තට්ටු පේලි නිවාස ලබාදුන්නා. ඒවා ලැයිම් කාමරවලටම සමානයි. මේ පිරිස් ජන්දේ කාලේට ජනතාවට නොයෙකුත් බොරු කියමින් ජන්දය ලබගෙන ජනතාවට කල දෙයක් නොමැත. පසුගිය පළාත් පාලන ආයතන ඡන්දයේදී ඔවුන් පැවසුවේ අලියා කම්කරුවන්ගේ ඊපීඑෆ් එක කෑවා කියාය. මේ විදියට ජනතාව රවටා ඇති බවට ජනතාව ඉදිරි මැතිවරණවලදී තේරුම් නොගතහොත් සිදුවන්නේ තනි ගෙවල් වෙනුවට නැවතන් ලැයිම් කාමරවලට සමාන පේලි තට්ටු නිවාස ඔවුන්ට හිමි වීමයි’ යැයිද අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා මෙහිදී කියා සිටියේය.

අරුණ රත්නායක

12,632 Viewers

2 Comments to “ඇමති දුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- ඇමති පලනි තිගාම්බරම්”

  1. Sandy says:

    මුටත් නිව්ස් වල හෙඩින් වලට යන්න ඕනෙ වෙලා වගේ

  2. NAK says:

    Aliya EPF eka keva thamai eka boruwak novei.

Main News