ඇමති මංගලගේ ලේකම් සමග අත්අඩංගුවට ගත් කුඩු තොගය ගැන ASPගෙන් කට උත්තරය ගනී…

August 8, 2017 at 12:00 pm | lanka C news
ඇමති මංගලගේ ලේකම් සමග අත්අඩංගුවට ගත් කුඩු තොගය ගැන ASPගෙන්  කට උත්තරය ගනී…

ගල්කිස්ස ද සේරම් පාරේදි මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් සමඟ පොලිස් භාරයට ගත් සුඛෝපභෝගි ජිප් රථයේ තිබු සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අයත් රාජකාරී හැදුනුම්පත සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසු බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ජිප් රථයේ තිබු ප්‍රභු ආරක්ෂක සේවයේ නියුතු සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අයත් රාජකාරී හැදුනුම්පත, ඔහුගේ පෞද්ගලික වාහනයේ රක්ෂණ සහතිකය, බැංකු කාඩ්පත් හතරක්, ෂොපින් කාඩ් කිහිපයක් හා පොලිස් රෝහලට ඇතුලත්වීම සඳහා වු ප්‍රෙවේශ පත්‍රයක් පොලිසිය බාරයට ගෙන ඇත.

මුහුදු වෙරළේ පැවත්වෙන සාදවලට සුඛෝපභෝගි ජිප් රථයකින් පැමිණ මත්පෙති හා මත්ද්‍රව්‍ය අධික මිලට විකුණන බවට පොලිස් විශේෂ කාර්යය බලකා මුලස්ථාන කදවුරේ මෙහෙයුම් අංශයේ නිලධාරින් ලද තොරතුරක් අනුව වැටලීම කර ඇත.

එහිදි රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ද පොලිස් අත් අඩංගුවට ගැනිණ. එම වැටලීමත් සමඟ ඔහුන් මුදාහරින ලෙස ඉහළ පොලිස් නිලධාරින්ගෙන් වැටලීම සිදු කල කණ්ඩායමට බලපෑම් එල්ල වූවද ඉහළ නිලධාරින්ගේ සහාය නොඅඩුව ලද නිසා ඒ අයුරකින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට වැටලීම කල පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබුණ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන බවත් එම වැටලීම් කල පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුට අද ගල්කිස්ස පොලිසියට පැමිණෙන ලෙස ද උසස් පොලිස් නිලධාරියෙකු දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන බව ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.

මේ අතර එජාපයට හිත්වත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ලේකම් වන සමීර මනහර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමක නියුතුව සිටියදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවයි. ඇමතිවරයාගේ ආරක්‍ෂක සහකාර පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්නගේ නිල හැඳුනුම්පත හා බැංකු කාඩ් පත්ද අත්අඩංගුවට ගෙන ඇතැයි එහි දැක්වෙයි. Link

14,621 Viewers

4 Comments to “ඇමති මංගලගේ ලේකම් සමග අත්අඩංගුවට ගත් කුඩු තොගය ගැන ASPගෙන් කට උත්තරය ගනී…”

  1. Saradiel says:

    යහපාලනය තුක් නොදකින්

  2. gamaya says:

    සිල් රෙදි බෙදුවොත් නඩු
    කුඩු බෙදුවොත් ඇප

  3. Boo says:

    විදේශ ඇමති බැඳුම්කර සහ විදේශ විනිමය හොරෙක්.

    මුදල් ඇමති කුඩු කාරයෙක් සහ විකෘති ලිංගිකයෙක්.

    අගමැති බැඳුම්කර හොරෙක් සහ පොන්නයෙක්.

    සෞක්‍ය ඇමති බොරු බේගල්ම කියන මන්ද බුද්ධිකයෙක්.

    මෙගාපොලිස් ඇමති විකෘති ලිංගික ආශාවලින් පෙලෙන කපටි අමනයෙක්.

    මොකක්ද මේ රට?

Main News