ඇමති මංගල දිවුරුම් දුන් දා සිට භයානක යුගයක් ඇරඹිලා…

January 3, 2019 at 6:31 am | lanka C news
ඇමති මංගල දිවුරුම් දුන් දා සිට භයානක යුගයක් ඇරඹිලා…

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වේ.

ස්වාධීන රූපවාහිනී සේවයේ දේශපාලන තනතුරු අහෝසි කිරීම සහ අකාර්යක්ෂම පරිපාලනය යටතේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම යන කරුණු මුල්කරගෙන එම ආයතනයේ සේවක සේවිකාවන් පිරිසක් පසුගිය සතියේ සාමකාමී උද්ඝෝෂනයක නිරතව විය. සාධාරණ ඉල්ලීම් මුල්කරගෙන පැවැති එම උද්ඝෝෂණයට සහය පළ කළ සේවක සේවිකාවන් 13 දෙනකු හට ජනවාරි මස 01 වැනි දින සිට ආයතන පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කර තිබේ.

සුජිත් විදානපතිරණ, තුසිත ගුණසේකර, චතුර චාමිකර, තුෂාරි ගමගේ, ප්‍රභාත් දුෂ්‍යන්ත, චතුක දිවාකර, සමීර චතුරංග, බර්නන් අබේසිංහ, ගයාන් ඇල්ලෙගොඩ, ගයාන් සංජය, නිමේෂ් ප්‍රනාන්දු, නුවන් සම්පත්, සමීර සෙනෙවිරත්න නම් එම සේවක සේවිකාවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් මේ අත්තනෝමතික තින්දුව තුළින් උල්ලංඝනය වී ඇති බව මාගේ අදහස වේ.

ආයතනයක ඉහළ නිලධාරියකු වූ පමණින් දූෂණ අක්‍රමිකතා කරන්නට බලපත්‍රයක් ලැබේ යැයි කවරකු හෝ සිතන්නේ නම් එය මුලාවකි. එසේම එවැන්නකු අතින් සිදුකෙරෙන්නා වූ දූෂණ අක්‍රමිකතාවලට එරෙහිවීමට සේවක සේවිකාවන් හට ශුද්ධ වූ අයිතියක් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම ශුද්ධ වූ අයිතිය වෙනුවෙන් රැකියා පරදුවට තැබූ සේවක සේවිකාවන් වෙත මාගේ ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි.

එක්සත් ජාතික පක්ෂය විසින් රටේ පාලනය භාරගෙන වැඩි දිනක් ගෙවෙන්නටත් පෙර ස්වාධීන රූපවාහිනි සේවයේ සේවක සේවිකාවන් හට මුහුණපාන්නට සිදුව ඇති මෙම තර්ජනය සියලු මාධ්‍යවේදීන් හමුවේ ඇති භයානක තර්ජනයක පෙරනිමිත්තක් බවත් සිහිපත් කළ යුතුය. මංගල පින්සිරි සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දුන් දා සිටම මෙම භයානක යුගයේ ආරම්භය සනිටුහන් විය.

සමරවීර මහතා ඇමැති ධුරයේ දිවුරුම් දී පැයක් ගෙවෙන්නටත් පෙරාතුරව ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු බව කියන ක්‍රිෂාන්ත කුරේ නමැත්තකු ලේක්හවුස් ආයතනයට පැන නැටූ විගඩම කිසිවකුටත් අමතක වී නැත. සභාපතිවරයකුට තරම් නොවන පහත් අන්දමේ හැසිරීමක් ඔහුගෙන් ප්‍රකට වුවත් ඒ සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත්තේ කුරුදු පොලු හමුදාවේ ප්‍රධානියා වන සමරවීර මහතාගේ ගෝලයන්ගෙන් ඊටත් වඩා වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි නිසාවෙනි.

එම තැනැත්තා සමස්ථ සේවක මණ්ඩලය ඉදිරියේ කළ තර්ජන ඉවසා ගත නොහැකි වූ දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා අදටත් සේවයට වාර්තා කරන්නේ නැත. දිනමිණ වැනි ජාතික පුවත්පතක ප්‍රධාන කර්තෘවරයකුට ජීවිත ආරක්ෂාව පතා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින්නට සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ උතුරා යන මාධ්‍ය නිදහස නිසාදැයි ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් විමසීමට කැමැත්තෙමි.

එහෙත් පසුගිය කාලය පුරාවට එක්සත් ජාතික පක්ෂය විසින් සමාජය ඉදිරියේ පෙන්වූ ප්‍රතිරූපය මෙය නොවන බව පෙන්වා දිය යුතුය. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රැල ජනමාධ්‍යවේදීන් හට දේවත්වයෙන් සලකා ඇත්තේ ආණ්ඩු බලය ලබාගන්නා තෙක් පමණක් බව දැන් පැහැදිලිය. ආණ්ඩු බලය ලබාගත් විගසම ඔවුන්ට මාධ්‍ය වහකදුරු වී තිබේ.

එය පුදුමයට කරුණක් නොවන්නේ මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ කුප්‍රකට වු ඉතිහාසයක් වන නිසාය. මාධ්‍ය මර්දන ක්‍රියාදාමය වෙනුවෙන් තර්ජනය කිරීමේ සිට ඝාතනය කිරිම දක්වා වූ සකලවිධ වු ක්‍රියාවලි අනුගමනය කිරීමට එම පක්ෂය මැලි නොවූ බවට සාධක ඉතිහාසයේ සටහන්ව ඇත. 88/89 භීෂණ යුගයේ දී එක්සත් ජාතික පක්ෂයේ නිල සහ නිල නොවන මැර හමුදා අතින් ඝාතනයට, පහර දිමට ලක් වු මාධ්‍යවේදින්ගේ සංඛ්‍යාව සුළුපටු නොවේ.

එවන් ඉතිහාසයකින් සමන්විත පක්ෂයකින් මාධ්‍ය නිදහසක් බලාපොරොත්තු විම හාස්‍යයට කරුණකි. එහෙත් අතීතයේ දැමූ සෙල්ලම් දැන් වලංගු නොවන බව ජනමාධ්‍ය ඇමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වටහා ගත යුතුය. අද ඔවුන් ආණ්ඩු බලයේ රැඳී සිටින්නේ දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට පින්සිදුවන්නට මිස ජනතා වරමකින් නොවන බවත් මතක තබා ගත යුතුය.

පාර්ලිමේන්තුවේ බහුතරය කෙසේ වෙතත් රටේ බහුතරය ඇත්තේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමන්ට බව එක්සත් ජාතික පක්ෂය අවබෝධ කර ගත යුතුය. එසේම රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය ද හිමිව ඇත්තේ රාජපක්ෂ මැතිතුමන් හටය. එබැවින් එක්සත් ජාතික පක්ෂය තනා ඇති ආණ්ඩුව සෙලවෙන දතකට වැඩි යමක් නොවේ.

එම නිසා කවදා කුමන මොහොතේ පෙරළේදැයි විශ්වායක් නැති ආණ්ඩුවක සිටිමින් කරන්නා වූ මෙවැනි නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මාගේ දැඩි අප්‍රසාදය පළ කරමි. එසේම මෙම සේවක පිරිස් නැවත සේවයේ පිහිටුවීමට පියවර ගන්නා ලෙසත් ජනමාධ්‍ය ඇමැතිවරයාට යෝජනා කරමි.

එසේ නොවුවහොත් මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කිසිවිටෙකට පසුබට නොවන බවත් පෙන්වා දෙමි. ස්වාධීන රූපවාහිනී සේවයේ අභිමානවත්, ධෛර්යමත් සේවක සේවිකාවන් හට ශක්තිය ප්‍රාර්ථනා කරන අතර ඔබගේ සටන ජයග්‍රහණයෙන් කෙළවර වනු දැකීම මාගේ එකම ප්‍රාර්ථනාව වේ.

– ප්‍රසන්න රණතුංග (පා.ම)

27,007 Viewers

4 Comments to “ඇමති මංගල දිවුරුම් දුන් දා සිට භයානක යුගයක් ඇරඹිලා…”

  1. kamal says:

    බුදු සමිදුනේ
    රජුගෙ බුද්ධිය පිරිසිද බැලිමට
    බැරි බව සාරිපුත්ත තෙරුන් පැවසිය
    තටු වල ගැවන ප්‍රමාණය පමණක් දනියි යයි
    උතුම් තෙරණු පැවසිය
    තුලනය ගැන බුදුනේ ඔබ තරම් දන්න කෙනෙක්
    නොමැත
    විටක මෛත්‍රියද විටක කරුණාවද විටක නෙක්ඛම්මයද
    අවශය බව රජුන් ඇසුරෙන් දැනගතිමි
    මෛත්‍රිය කරුණාව නැතුව නෙක්ඛම්මය පමණක්
    පුරුදු කරන සද නුඹ ගිහි ජවිතය
    අසාර්ථක කර ගනි
    නෙක්ඛම්මය නැතුව මෛත්‍රිය පමණක්
    පුරුදු කරන කුසුම රාගයෙන් තෙත් වෙයි
    කරුණාව නැතුව මෛත්‍රිය පමණක්
    පුරුදු කරන සකිසද නුඹ
    මත්පැනින් සිංහලයා විනාශ වෙන්න ඉඩ හරියි
    තුලනය මම ඉගෙන ගතිමි බුදු සමිදුනේ
    නුඹ වහන්සේට සම වුයෙක්
    විස්වයේ නැත

  2. sunil Aththanayaka says:

    Maru pora maadhya nidahasa gana kathaa karanne edaa1997 di muoo ITN eke wimasuma kiyana wadasatahana karanna giya kattiya ta gahala ITN vaahanaya gini thiyanna lahasthi unee…ita passe munge dankuda kaapu bath balayek wana Newton gunarathna kiyana apathaya ITN ekata daala eka winaasa kalaa e saape thamayi thaamath ITN eka gewanne…!!! maadhya gana kathaa karanna me pimpiyata kohomath baha…!!!! dan sudana wenna yanawa apathayaa…!!!

  3. Saradiel says:

    මුන්ව බලයට ගේන මැරුණත් UNP කියන අපේ ගොන් රැල වග කිව යුතුය

Main News