ඇමති මලික් ආයෙත් ඇනකොන්ඩා.. සිරස රූපවාහිනිය වීඩියෝ පෙන්වයි…

January 25, 2017 at 12:26 am | lanka C news
ඇමති මලික් ආයෙත් ඇනකොන්ඩා.. සිරස රූපවාහිනිය වීඩියෝ පෙන්වයි…

24 වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදය කල් තැබිමේ අවස්ථාවට පසුගිය දා සිදු වූ “මහ බැංකුවේ බැදුම්කර වංචාව” සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමති වරුන් කරුණු ඉදිරිපත් කලහ. මෙහිදී ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන සුසිල් ප්‍රෙම් ජයන්ත මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ එම බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කලත් නැවතත් ඔහු ආණ්ඩුවේ සේවය කරන බවයි.

මෙහිදී ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මන්ත්‍රීවරයා ද අදහස් දක්වමින් හිටපු මහා බැංකුවේ අධිපතිගේ ක්‍රියා කලාපය විවේචනය කල අතර, අර්ජුන මහේන්ද්‍රන් එම තනතුරෙන් ඉවත් කලත් තවමත් ඔහු ආණ්ඩුවේ වැදගත් තීරණය ගැනිමේදි කටයුතු කරන බවට චෝදනා කලහ. ඒ සමඟම නැගී සිටි එජාපයේ සභාපති මෙන්ම මෙම ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු වන මලික් සමරවික්‍රම මහතා පැවසුවේ අර්ජුන මහේන්ද්‍රන් රජයේ කිසිම තනතුරක් නොදරන බවත් රජයේ කිසිදු තීරණ තීන්දු ගැනිමට ඔහු සහභාගි නොවන බවත් ය.

එහෙත් “සිරස” රූපවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශනයේදි හිටපු මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් අගමැතිවරයා සමඟ පසුගිය දා ඉන්දුනිසියාවේ සංචාරය සඳහා රජයේ නියෝජිතවරයෙකු ලෙස සහභාගි වූ බව සාක්ෂි සහිතව පෙන්වා දුන්හ.

එමෙන්ම පසුගිය සතියේදී ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් හී පැවති ලෝක ආර්ථික සමුළුවට අගමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායමේ සාමජිකයකු ලෙස සහභාගි වී ඇති බව රූප රාමු සහිතව එම රූපවාහිනි නාලිකාව පෙන්වා දුනි.

මෙහි වැදගත් කරුණ වනුයේ අද පාර්ලිමේන්තුවේ දි මෙම සිද්ධියට අදාළව පිලිතුරු දෙමින් කතා කල මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ද හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් සමඟ අගමැති ප්‍රමුඛව ස්විස්ටර්ලන්තයේ සංචාරයට එක්ව කටයුතුවලට යෙදීමයි.

අදාළ පුවත මෙතනින්

41,266 Viewers

2 Comments to “ඇමති මලික් ආයෙත් ඇනකොන්ඩා.. සිරස රූපවාහිනිය වීඩියෝ පෙන්වයි…”

  1. sakunathalaa says:

    මෙතුමා අසුන් ගන්න කොට පුටුවේ ෆයිල් වලත් කිරිපනුවෝ ඇවිල්ල මොලේ තෙරපනවා.අර තට්ටම තියෙන්නේ ඔලුවේ වගේ පෙන්නේ. ඔලුව තියෙන්නේ තට්ටමේ ද?

  2. Donald Isuru Wilegoda says:

    Malik is the most corrupt man in the government

Main News