ඇමති මලික් එජාප දේශපාලන මණ්ඩලයට බලෙන් පැනලා.. පාඩමක් උගන්වන්න දේශපාලන මණ්ඩලය සැරසේ..

April 26, 2018 at 1:20 pm | lanka C news
ඇමති මලික් එජාප දේශපාලන මණ්ඩලයට බලෙන් පැනලා.. පාඩමක් උගන්වන්න දේශපාලන මණ්ඩලය සැරසේ..

උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කිසිදු අවසරයකින් සහ අනු දැනුමකින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමට බලහත්කාරයෙන් සහභාගීවීම සම්බන්ධයෙන් එම මණ්ඩලයේ සභිකයන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතියි.

මලික් සමරවික්‍රම මහතාගේ මේ ක්‍රියාකලාපය තරයේ හෙළා දකිමින් එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසුවේ ඔහුගේ මේ ක්‍රියාව විනය සහ නීති විරෝධී දේශපාලන හැදියාවක් නොමැති බාල ක්‍රියාවක් බවය.

මලික් සමරවික්‍රම මහතාට මෙසේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමට එක් විය හැකි නම් ඒ සඳහා රහස් ඡන්දයකින් සභිකයින් තෝරා ගත්තේ කුමකට දැයි ප්‍රශ්න කළ ඔහු එසේ නම් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සියලු දෙනාටම පොදුවේ එම මණ්ඩලය නියෝජනය කිරීමේ අවස්ථාව ලබා දිය යුතු යැයි ද අවධාරණය කළේය.

මලික් සමරවික්‍රම මහතාගේ මේ විනය සහ නීති විරෝධී දේශපාලන සදාචාරයකින් තොර අධිපතිවාදී ක්‍රියාකලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් ද එකට ඒකරාශී කර ගෙන හෙට අනිද්දාම හොඳ පාඩමක් උගන් වන බව ද එම ජ්‍යෙෂ්ඨ නායකයා වැඩි දුරටත් සඳහන් කළේය.

අරලිය ගහ මන්දිරයේ 24 පැවති එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමට ද මලික් සමරවික්‍රම මහතා එක්ව සිටි බව ද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් නිල බලයෙන් මේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන අතර රංජිත් මද්දුම බණ්ඩාර,මංගල සමරවීර , ගයන්ත කරුණාතිලක,අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු, ජේ.සී. අලවතුවල, නලින් බණ්ඩාර,රුවන් විජය වර්ධන, අශෝක ප්‍රියන්ත , ඉරාන් වික්‍රමරත්න, අජිත් .පී. පෙරේරා සහ නවින් දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊට ඡන්දයෙන් තේරී පත්ව සිටිති.

– lankanewsweek

29,461 Viewers

14 Comments to “ඇමති මලික් එජාප දේශපාලන මණ්ඩලයට බලෙන් පැනලා.. පාඩමක් උගන්වන්න දේශපාලන මණ්ඩලය සැරසේ..”

  1. Asaranaya says:

    යුඇන්පී කාරයෝ එකෙක් නොවෙයි ඔක්කොම ඔයවගේ තමයි. සල්ලි හොරා කන්නෙත් ඔයවගේ, මහා බැන්කුව කැවෙත් ඔය සෙල්ලමින්

    • ප්‍රතිසංවිදාන says:

      රනිල් ගේ UNP ප්‍රතිසංවිදාන
      උප නායක – රවි කරුණානායක
      නියෝජ්‍ය නායක – සජිත් ප්‍රේමදාස
      සහකාර නායක – රුවන් විජේවර්ධන
      දෙවන නායක – අජිත් පී.පෙරේරා
      අමතර නායක – ජේ.සී.අලවතුවල
      ද්විතීය නායක – නලීන් බණ්ඩාර
      උපද්විතීයික නායක – හරීන් ප්‍රනාන්දු
      අතුරු නායක – එරාන් වික්‍රමරත්න
      අනුනායක නායක – පාලිත රංග බණ්ඩාර
      අප්‍රධාන නායක – පාලිත තෙවරක්- පෙරුව
      රාම නායක – රන්ජන් රාමනායක

    • නැවුම් මාවත says:

      මලික් සමරවික්‍රම මහතා කියන්නේ ඉතාමත් අත්දැකීම් බහුල පුදගලික අංශයේ ඉතාම ඉහලට ගිය වියාපාරිකයෙක් .එවැනි අත්දැකීම් රාජ්‍ය පාලනයට ඉතාම වැදගත් බව අද ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගේ උපක්‍රම අනුව පෙනී යනවා වසර ගණනාවක් ලෝකයටම තර්ජනය කල උතුරු කොරියානු නායකයා අද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ හිලෑ උනේ එනිසයි .

      මලික් සමරවික්‍රම මහතා එජාපයට සක්තියක් මිසක හානියක් නොවෙයි .ඔහු නිසා පක්ෂය බැබලෙනවා මිසක් පක්ෂය නිසා ඔහු බැබලෙන්නේ නෑ.ඔහුට විරුද්ද ඔහුගේ දක්ෂතාව ගැන ඉරිසියාව තිබෙන පුද්ගලයන් .
      අද මුළු එජාපයම ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව ඇතිවෙලා .නායකත්වයේ කකුලෙන් අදින කුමන්ත්‍රණ කරුවන් වෙනුවවට පක්ෂයේ උන්නතියට කටයුතු කරන උගත් බුද්දිමත් දක්ෂයින් නායකත්වයට පත්කරගැනීම ඉතාම වැදගත් .අත්දැකීම් බහුල මලික් සමරවික්‍ක්‍රම මහතා අනිවාර්යෙන්ම පක්ෂයේ ඉහළපෙලේ නායකයෙකු වියයුතුයි

      • රතු එළියේ අතන says:

        මං වගේම නියම කොල්ලෙක් තමයි මලික්

      • Thilan says:

        Vihara Mahadevi Park eka gawa tiyena Car wash eke inna Malike Lollek Menna නැවුම් මාවත gana kiyanna enawa..

      • Anura says:

        Malik Kiyanne Satha Pahakata Wedak Nethi…..Uge Business Pamanak Balana…Amuma Amu Horek…..Ranil Uge Hari Uuu Ranilge Hari ….Anith Wedeta..

      • FREE says:

        නැවුම් මාවතේ ඉන්න උන් චම්පික වගේම මෝඩද​?

  2. ala says:

    Prajathantravadaya nohoth Lichchavi Palanaya kiyanne mekata nemeida dannethi hindai me ahanne toyyine

  3. Hoo N P Kaaraya says:

    Dan boruwata kagahanawa. Aapu welawe viruddhathwaya prakaasha karala nagitala yaannai thibune. Nathnam elawala daannai thibune. Koheda lokkata baye meeyo wage innathi. Dan ratata penenna weerayo wenna hadanawa. Labana paara aawath okama thamai wenne.

  4. Perera says:

    පව් අනේ ඒකා. එකත් ඔය පැත්තකින් ඉඳපුදෙන් … ආයි වැඩි වෙනවයැ ?!

  5. Buddhist says:

    Malik withrak newei, Lakshman Kiriella wath pannanna oni. Kiriellath maha paga karayek Ravi wagema.

  6. "ග්ලයිෆොසේට් රතන​" says:

    පින්තූරෙ හැටියට නම් එම්බාම් එක හරියට කෙරිල නැහැ වගේ.

  7. tambi says:

    To make UNP a wining party we all should get together and chase out the following cancers: Ranil, Malik, Kiriella, Wijedasa. Choose a leader by a secret vote. Otherwise, its only a dream of wining, but can be the permanent Leader of Opp.

Main News