ඇමති ෆයිසර් ඥාති ISIS ත‍්‍රස්තයා සම්බන්ධයෙන් ඇමරිකාව-යුරෝපය කැළඹෙයි.. වහා සෝදිසි මෙහෙයුම් අරඹයි..

September 4, 2018 at 2:10 pm | lanka C news
ඇමති ෆයිසර් ඥාති ISIS ත‍්‍රස්තයා සම්බන්ධයෙන් ඇමරිකාව-යුරෝපය කැළඹෙයි.. වහා සෝදිසි මෙහෙයුම් අරඹයි..

ඇමති ෆයිසර් මුස්තාපාගේ ඥාති පුත්‍රයෙකු ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙක් යැයි චෝදනා මත ඔස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට පත්වීම නිසා මෙරට පිහිටි බටහිර තානාපති කාර්යාල දැඩි ලෙස කලබල වී ඇත.

ඇමරිකානු තානාපති කාර්යාලය එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු එක්රැස් කරමින් සිටින්නේ යැයි වාර්තා වේ.

එමෙන්ම යුරෝපා රටවල සංචාරකයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ද එම රටවල තානාපති අංශ කටයුතු කරමින් ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් ඇමතිවරයෙකුගේ ඥාතියෙකු … ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරිකයකු වීම බටහිර සහ යුරෝපා රටවලට දැඩි අවධානයට ලක් වීම නිසා එම රටවල සංචාරකයින් ඉදිරි කාල වලදී ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම දැඩි ලෙස අධෛර්යට පත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි දේශපාලන විචාරකයින් සඳහන් කරති.

23,548 Viewers

3 Comments to “ඇමති ෆයිසර් ඥාති ISIS ත‍්‍රස්තයා සම්බන්ධයෙන් ඇමරිකාව-යුරෝපය කැළඹෙයි.. වහා සෝදිසි මෙහෙයුම් අරඹයි..”

  1. LION says:

    දැන්වත් දැනගනිල්ලා මුන් චන්ද ක්‍රමය වෙනස් ක‍රන්න එකේ තේරුම අපි පරන චන්ද ක්‍රමයට යා යුතුයි

  2. Open mind says:

    හොඳ වෙලාවට හිටපු තැනින් ආවේ. නැති නම් ඌත් රණවිරුවකු වගේ එකෙක් වෙයි.නැති නම් ජාත්යන්තර කුමන්ත්රණයක් වෙයි.

  3. Saroja says:

    Mussammil harunakota hama Muslim mathi amathi kenekma thrasthayo. Oya wilpaththuwe padinchikaranne thanikarama thrasthayo.Mun okkoma elawala danna ona.

Main News