ඇමරිකන් හමුදා පිරිසක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ…

April 13, 2018 at 8:02 am | lanka C news
ඇමරිකන් හමුදා පිරිසක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ…

ඇමරිකා එක්සත් ජනපදියේ යුද හමුදා පැසිපික් කොමාන්ඩෝව නියෝජනය කරන ප්‍රවර්ධන දූත පිරිසක් 10 සවස වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.

පැසිපික් කොමාන්ඩෝව නියෝජනය කරමින් පැමිණි කපිතාන් ජෙන්රිඩ් බෙන්ටන් මහතා ඇතුලු දූත පිරිස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව ආරක්ෂක සේනා මූලස්ථානයේ සාකච්ඡාවක් පැවත්වුණි.

ශ්‍රීලංකාව හා ඇමරිකාව අතර පවතින යුද හමුදා සබදතාවයන් වැඩිදියුණු කරගැනීමත් සමාජ සංවර්ධන වැඩසටහන් පිළිබඳව අධ්‍යනය කිරීමත් මෙම සංචාරයේ අරමුණ වී තිබුණි.

එහිදී ඇමරිකානු දූත පිරිසට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිෙගඩියර් කුමාර ජයපතිරන මහතා විසින් සමාජ සුභසාධනය හා සංහිදියාව සහජීවනය පිළිබඳ වූ ව්‍යාපෘති සම්බන්ධයෙන්ද යුද හමුදාව විසින් සාමාන්‍ය ජනතාවට සිදු කෙරෙන සමාජ සත්කාරයන් පිළිබඳව දීර්ඝ අවබෝධයක් ලබා දුණි.

වැඩසටහන අවසානයේ වන්නි ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා විසින් ඇමරිකානු දූත පිරිසට සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කරුනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,123 Viewers

4 Comments to “ඇමරිකන් හමුදා පිරිසක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ…”

  1. Mark Spence says:

    They are not interested in “Sanhidiya, Sajaeewana” BS. They are there to do “Recon” work. Same guys were seen talking to Mulativu people on strange sea activities. This was a special Recon team.

  2. Niru says:

    When there is news about gold or black gold Americans are interested

  3. Rupa says:

    හයිටී, චිලී, ඉරාක් , සිරියා , ලිබියා යන තමන්ට අවනත නොවන රාජ්‍ය යන් අඩපන කර ඇත . අපේ ස්රීලන්කාවද අඩපන කිරීමට සූදානම් වේ. මේ ඇමැරිකානු සහ බ්‍රිතාන්‍ය අදිරාජ්‍ය වාදින්න්ගේ ප්‍රයත්නයයි. අපේ වත්මන් අමන හෝ දෙශ්ද්‍රෝහී නායකයෝද එවාට සහය වෙති. කැපුවත් කොල සහ කැපුවත් නිල කට්ටිය හුරේ දමති. රට බේරාගත් නායකයකා වැරදි කරුවෙක් කර දඬුවම් දීම ඔවුන්ගේ වෑයමයි. බලමු ඔවුනට මොකද වෙන්නේ කියා. මේ බුදුන් වැඩිය දේශයයි.

  4. Lawlord says:

    This would bring very serious and fatal dangers to this country. In every counts, the motive of their visist is not just sight seeing or good will visit. Very insidious discreat mission is their motive. The ultimate result would be the division of this land into two countries. Wherever these ruthless armies land happened it,

Leave a Comment

Main News