ඇමරිකා සම්බාධක නිසා තේ මිල හොදටම බහී.. තේ කර්මාන්තය අනතුරේ..

October 6, 2018 at 8:40 am | lanka C news
ඇමරිකා සම්බාධක නිසා තේ මිල හොදටම බහී.. තේ කර්මාන්තය අනතුරේ..

වසර 150 වඩා පැරණි තේ වගාවේ තේ මිළ පහළ යෑම සහ නඩත්තුව සඳහා අධික මිලක් වැයවීම හේතුවෙන් කුඩා තේ වතු හිමියන් එම කර්මාන්තයෙන් ඉවත්වී වෙනත් බෝග වගාකිරීමට කටයුතු කිරීම හේතුවෙන් තේ කර්මාන්තය විනාශවීමේ තත්වයක් උද්ගතව ඇතැයි ඊට රජය කඩිනමින් ක්‍රියාත්මක නොවුනහොත් ඉදිරියේදී දැඩි ආර්ථිකමය ගැටළු සඳහා මුහුණ පෑමට සිදුවන ඇතිබව මාතර දිස්ත්‍රික් තේ කර්මාන්තශාලා හිමියන්ගේ  සංගමයේ සභාපති ජිනදාස වෙත්තින්ගේ මහතා අනතුරු ඇඟවීය.

හෙතෙම මෙම අදහස් පලකලේ කුඩා තේ වතු හිමියන් තේ වගාව සඳහා දිරිමත් කිරීමේ අරමුණින් ඔවුන් සඳහා දැනුම සහ උපකරණ ලබාදීමේ ආඩාරදෙනිය තේ කර්මාන්තශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අදවනවිට තේ මිළ සීග්‍රයෙන් පහළ යෑම නිසා එම කර්මාන්තයේ නියැලෙන පිරිස් මෙන්ම සේවා සපයන ආයතනත් දැඩි අර්බුධයකට පත්වෙලා.විශේෂයෙන්ම ඇමරිකාව විසින් පැනවූ සම්බාධක හේතුවෙන් මෙම තත්වය උද්ගත වෙලා තියෙන්නේ.අපේ තේ මිලදී ගන්නා මැදපෙරදිග සහ රුසියාව ඇතුළු රටවල් වල මුදල් හුවමාරු කර ගැනීමේ ගැටළු ඇතිවෙලා තියෙනවා.ටර්කි වගේ රටවල මුදල් වටිනාකම සියයට හතළිහකින් (40%)පමණ පහත වැටිලා තියෙනවා. අපිට එම තත්වයත් දැඩිව බලපාලා තියෙනවා.මිනිස්සු හිතුවා ඩොලරය ඉහල ගියාම අපිට හොඳ මිලක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වුනා.පසුගිය කාලසීමාවේදී තේ දළු සඳහා ඉහල මිලක් ලැබුනා.

අමු තේ දළු කිලෝවක් ඒ කාලයේදී රුපියල් අනුවත් (90) ත් එකසිය පහක් (105) අතර මිලකට ලබා දෙන්න හැකියාව ලැබුනා.මේ වන විට එම තත්වය රුපියල් හැත්තෑවකට (70) ත් අසුවත් (80) වගේ තත්වයකට  පහළ යාමක් සිදුවෙලා තියෙනවා.අද තියෙන දේශගුණික තත්වයත් සමග එය උග්‍ර අතට පත්වෙලා තියෙනවා.මේ තේ මිළ කුඩා තේ වතු හිමියන්ගේ නඩත්තු කටයුතු සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

පසුගිය වසර දහය (10) තුළ තේ කර්මාන්තයේ විශාල වෙනසක් සිදුවෙලා නැහැ.ඒ සාධක පදනම් කර ගනිමින් නැවත වගාව කෙරෙහි කුඩා තේ වතු හිමියා උනන්දුවක් දක්වන්නේ නැහැ.මේ හේතුවෙන් තේ දළු නිෂ්පාදනය පහළයාමක් සිදුවෙලා තියෙනවා.නැවත වගාව සඳහා යොමු නොවීම හේතුවෙන් ඔවුන්ගේ යල් පැනගිය තේ වගාවෙන් ලැබෙන නිෂ්පාදන අඩුවෙලා තියෙනවා.මේක තේ කර්මාන්තයට බෙහෙවින් බලපාල තියෙනවා.මේ සඳහා දීර්ඝ කාලීන විසඳුමක් කඩිනමින් කුඩා තේ වතු හිමියන්ට ලබා දීමට රජය වහා මැදිහත් වියයුතුයි.

ලංකාවේ ජනගහනයෙන් මිලියන හතරක් විතර තේ කර්මාන්තයෙන් ජීවය ලබන්නේ.සෘජුව සහ වක්‍රව ලංකාවේ ජනගහනයෙන් සියයට හතරක් (04%)පමණ ජීවත් වෙනවා.හන්දියේ තියෙන තේ කඩය ඉදලා සියළු කර්මාන්ත සහ සේවා තේ කර්මාන්තයට සම්බන්ධ වෙනවා.තේ කර්මාන්තයෙන් ලැබෙන ලාබය අඩුවීම හේතුවෙන් තේ කර්මාන්තය අතහැර වෙනත් බෝග සඳහා ඔවුන් යොමු වෙනවා.බොහෝ පිරිස් මෙම කර්මාන්තය අතහැර යන්න පටන් අරගෙන.

කුඩා තේ වතු හිමියන් අපි සමග පවසන්නේ නඩත්තුව සඳහා වැයවන මුදල් සහ තේ මිළ අඩුවීම හින්දා ඔවුන්ට ලාබයක් නැහැ කියලා.සමහර පිරිස් සම්පුර්ණයෙන් මෙම කර්මාන්තයෙන් ඉවත්වෙලා තියෙනවා.මේ සම්බන්ධයෙන් රජය කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි.සිලෝන් ටී කියලා අපට ලැබුණු නාමය රැකගන්න අපි ක්‍රියාත්මක විය යුතුයි යනුවෙන් පැවසීය.

– ප්‍රියංක ගමගේ

5,533 Viewers

3 Comments to “ඇමරිකා සම්බාධක නිසා තේ මිල හොදටම බහී.. තේ කර්මාන්තය අනතුරේ..”

  1. පහුගිය ජනිදිපති මැතිවරනායදි තේ වතු තියෙන හැම තැනිනිම මහින්දට චන්දෙ ලැබුනෙ නැහැ….ඒ නිසා ..යහපාලන ආන්ඩුව ඒ කටිටියව බලාගනියි…..

  2. Saradiel says:

    සිරිසේන රනිල් රටේ සැම දෙයක්ම විනාස කලා මේ පව ගෙවන්න මුන්ට කල්ප ගානක් යාවි

  3. gamarala says:

    රනිල්, සිරිසේන, චන්ද්‍රිකා නැව ගිලුනත් බෑන් චූන්

Main News