ඇඹිළිපිටියේ වැඩිම වටිනාකමින් යුතු කුඩු තොගය අල්ලයි..

September 16, 2018 at 2:04 am | lanka C news
ඇඹිළිපිටියේ වැඩිම වටිනාකමින් යුතු කුඩු තොගය අල්ලයි..

රුපියල් ලක්ෂ හතළිහකට වැඩි වටිනාකමකින් යුත් මත්කුඩු සහ මෝටර් රථ තුනක් ත්‍රිරෝද රථයක් යතුරුපැදියක් සමග ජංගම දුරකථන පහලවක  මෝටර් රථ පණගැන්වීම සඳහා යොදා ගන්නා යතුරු කැරැල්ල සමඟ විසි තුන් හැවිරිදි කාන්තාවක් ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය කියයි

මෙම මත්කුඩු ව්‍යාපාරය  මෙහෙයවනු ලබන බවට  පොලීසිය සදහන් කලේ ඇඹිලිපිටිය පනහඩුව ප්‍රදේශයේ එකම පවුලේ පියා මව පුතා දුව ගාතන සිදිදියේ සහ සමයං ගාතන සිද්දියේ සැකකරැවකුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පොඩී පුතා නැමැති පුද්ගලයකු බවයි

මත් කුඩු බෙදාහරින ප්‍රධාන ව්‍යාපාරිකයකු  ඇඹිලිපිටිය ප්‍රදේශයට පැමිණෙන බවට ඇඹිලිපිටිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ප්‍රධාන සැකකරු   ඇඹිලිපිටිය තොරකොලයාය ප්‍රදේශයේදී හෙරෝයින් මත් කුඩු  ගැම් හැත්තෑපහක් මෝටර් රථයක්  සමග අත් අඩංගුවට ගෙන ඇත.

ඹහු අවිස්සාවේල්ලේ සිට තිස්සමහාරාමය දක්වාත්  එහි  සිට මාතර දක්වා මහා පරිමාණයෙන් කුඩු බෙදාහරින බවට  තොරතුරැ අනාවරනය කරගෙන ඇත.

ඒ අනුව ඇඹිලිපිටියේ තෝරකොළයාය ප්‍රදේශයේදී ඇඹිලිපිටිය පොලිසියේ පොලිස් කණ්ඩායම් කීපයක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව කරන ලද විමර්ශනවලදී ඇඹිලිපිටිය සංඛපාල ප්‍රදේශයේ  විසිතුන් හැවිරිදි කාන්තාවන් ඇඹිලිපිටිය තෝරකොළයාය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව ඊසි කෑෂ් ක්‍රමයට කුඩු විකුණන පුද්ගලයන්ට කුඩු ලබාදෙන බවට ලැබුණු තොරතුරකට අනුව ඇය ද මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇත.

එම කාන්තාව ප්‍රදේශයේ ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු විකුණන අයට  කුඩු ලබාදීම සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය කල   විමර්ශන වලට අනුව තවත් පුද්ගලයින් 6 දෙනෙකු මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇත සැකකරුවන් ප්‍රධාන සැකකරු  මීගොඩ ප්‍රදේශයේ ද අනෙක් සැකකරුවන් ඇඹිලිපිටිය. මුල් ඇඬියාවල. පනාමුර. තංගල්ල. උඩවලව. ආදී ප්‍රදේශවල බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස විස්ස සහ තිස් හත  අතර වයස් කාණ්ඩ වල පවතින බවයි පොලිසිය සඳහන් කළේ   මෙම මත් කුඩු තොගය ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගත් විශාලම  මත් කුඩු තොගය බව පොලීසිය සදහන් කලේය.

– ඇඹිලිපිටිය ප්‍රගීත්

2,171 Viewers

One Comment to “ඇඹිළිපිටියේ වැඩිම වටිනාකමින් යුතු කුඩු තොගය අල්ලයි..”

  1. Asaranaya says:

    කුඩු ඇල්ලීම පොලිස් ලොක්කන් ධනවත් කිරීම පමණී

Main News