ඇලෝසියස්ගෙන් සල්ලි ගත් 118 නිසා පාර්ලිමේන්තුවේ 225ම අමාරුවේ..

June 1, 2018 at 6:26 am | lanka C news
ඇලෝසියස්ගෙන් සල්ලි ගත් 118 නිසා පාර්ලිමේන්තුවේ 225ම අමාරුවේ..

බැදුම්ක වංචාවේ චූදිතයෙකු වී සිටින අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර දීම සදහා මැදිහත් වන ලෙස පාරිලමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටී.

මෙම ඉල්ලීම කරමින් මන්ත‍්‍රිවරයා විසින් කතානායකවරයාට යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

ගරු කථානායකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.

ගරු කතානායකතුමනි,

අර්ජුන් ඇලෝසියස් වෙතින් මුදල් ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර දීම

මහ බැංකු බැඳුම්කර වංචාවෙහි ප්‍රධාන චූදිතයකු වන අර්ජුන් ඇලෝසියස් නැමැත්තාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118කගේ ලයිස්තුවක් පිළිබඳව ප්‍රකාශයට පත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම රට හමුවේ සැකයටත්, ගර්හාවටත් පත්ව ඇත.

එය මෙම සිදුවීමට කිසිදු අයුරකින් සම්බන්ධයක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වූ අවස්ථාවක් බව ද පෙන්වා දීමට කැමැත්තෙමි. එහෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කිරිමේ වගකීම සතු ඔබතුමන්ගේ අවධානය ඒ කෙරෙහි දැනටමත් යොමුව ඇතැයි සිතමි.

ඉදිරි පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේ දී ඉහත කී අර්ජුන් ඇලෝසියස් නැමැත්තාගෙන් මුදල් ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 118 දෙනාගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වේ නම්, ඉන් මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇත. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙහි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලද පිටුවල මෙම නම් 118 සඳහන්ව ඇති බව ද අනාවරණය වී ඇති නිසා ජනාධිපති ලේකම්වරයා වෙතින් එදිනට මෙම ලයිස්තුව ලබා ගැනීමට අපහසු නොවනු ඇත.

එබැවින් එළඹෙන පාර්ලිමේන්තු සතිය ආරම්භක දිනයේදී මෙම නම් ලයිස්තුව ඉදිරිපත් කර මෙම වංචාවට කිසිසේත්ම සම්බන්ධ නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට ඔබතුමන් කටයුතු කරනු ඇතැයි හුදෙක්ම අපේක්ෂා කරමි.

ස්තූතියි.

මෙයට,
විශ්වාසී, විමල් වීරවංශ (පා.ම)
නායක, ජාතික නිදහස් පෙරමුණ.

15,591 Viewers

12 Comments to “ඇලෝසියස්ගෙන් සල්ලි ගත් 118 නිසා පාර්ලිමේන්තුවේ 225ම අමාරුවේ..”

  1. Nim says:

    NIYAMI WIMAL
    NIYAMI
    JAYAWEWA. POHOTTUWA ARAKSA WEWA

  2. PoorCitizen says:

    BRAVO. It’s a timely request.

  3. ඇත්ත says:

    විධායක ජනාධිපතිධූරය ඉවත්කරමින් ජනාධිපතිවරණයට ඡන්දය දීමට ඇති අයිතිය ඉවත්කරන්න ජනතා විමුක්ති පෙරමුණ මගින් උත්සාහ ගන්නේ මේකටද? ජනවරමින් ජනාධිපති පත් නොකර සල්ලි කාරයන්ගේ සල්ලිවලින් පාර්ලිමේන්තු ඔලුගෙඩි සෙල්ලමෙන් විධායකය පත්කරගත්තහම අර්ජුන් මහේන්දුන්ලගේ සෙට් එකට නියමයි.

    • fernando says:

      JVP has a fear of Gota for what ? If gota make stable country, then no future for JVP and their western agents

  4. Asaranaya says:

    සත්ගුනවත් සරළ,, හීනෙන්වත් අල්ලාසක් ගන්නේ නැති රත්වූ තැටියේ හිඳවා වැඩවසන අපේ ජනාධිපති උතුමානන්ගෙ ශ්‍රි නාමයද එහි සඳහන් වී ඇති බැව් වටින් ගොඩින් හෙළීවී ගෙන එනවලු විමල් මහත්තයෝ

  5. daminda says:

    dewalae kapuwangae suwanda wasuru……….

  6. Niru says:

    Need to know ASAP. They must resign asap.

  7. නලින්ද ජයතිස්සා සහෝදරයා says:

    අපෝ බෑ අපි විරුද්දැයි.

  8. නයා.... says:

    සමස්ථ පාර්ලිමේන්තුවෙන් 52% ක් මහ බැංකු වංචා කරුගෙන් අල්ලස් ලබා ඇත්නම් එවැනි පාර්ලිමෙන්තුවකින් රට පාලනය කල හැකිද?

    පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට බල කරමින් පාරට බහින්න කාලය හරි.

    ඒ එක්කම ඒ චෝදනාවට ලක් නොවන මන්ත්‍රීවරුන් 107 කවුදැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත. එම අයිතිය සුරකිනු.

    • සිංහල බන්ඩා says:

      මහ අැදුරැ විජේසූරිය අැතුලු පරවැසි බලයෙ ඒන්ජීඔි පප්පන්ට බැඳුන්කර ජරාව නොකෑ මංත්‍රි වරැ අාරක්ෂා කරන්නට උවමනාවක් නැහැ වගෙය්.

  9. බන්ඩා says:

    ජෙප්පන් ට ඔිනා මහජනතාව ජනාධිපති තෝරන ක්‍රමය අයින් කර අැලෝසියස් වැනි බැඳුන්කර හොරැන්ගෙන්
    ජරාව කෑ මංත්‍රි නඩය ලවා ජනාධිපති තෝරන්න නේද

  10. Manel says:

    Karu Jayasuriya will come out with an excuse. Do not expect anything from him.

Main News