ඇවිලෙන ජාතිවාදී ගිනිදැල් නිවන්නේ මෙහෙමයි..- මහින්දගේ හදිසි නිවේදනයක්..

March 7, 2018 at 4:40 pm | lanka C news
ඇවිලෙන ජාතිවාදී ගිනිදැල් නිවන්නේ මෙහෙමයි..- මහින්දගේ හදිසි නිවේදනයක්..

රට තුල ඇතිව තිබෙන ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහතින් දැක්වෙයි.

සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් උත්සන්න වීම

දිගන නගරයේ සිංහල ලොරි රථ රියදුරු මහතෙකුට මුස්ලිම් පිරිසක් විසින් කරන ලද පහර දීමක් හේතුවෙන් ඔහු රෝහලේදී මිය යාම නිසා එම ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ගණනාවක් හටගෙන ඇත. මෙකී මිනීමැරුම සම්බන්ධයෙන් පොලීසිය විසින් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුන ද ඔවුන් ඝාතනය සිදුකළ අය හැටියට තවම හදුනාගැනීමේ පෙරෙට්ටුවකින් තහවුරු කරගෙන නැත. නීතියේ උපරිම බර මේ සිද්ධියට වගකිවයුත්තන්ට එරෙහිව යෙදිය යුතු වේ. එමෙන්ම ආණ්ඩුව විසින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලට ප්‍රමාණවත් වන්දියක් ලබාදිය යුතුය. දිගන ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් මුස්ලිම් තරුණයෙකුගේ මෘත දේහයක් විනාශ  වූ නිවසකින් හමුවී තිබේ. දැන් ඝාතන දෙකක් සිදුවී ඇත. ආණ්ඩුව රටපුරා හදිසි නීතිය ද පනවා ඇත. නමුත්නුවර ප්‍රදේශයේ නොසන්සුන්තාවය මේ නිවේදනය නිකුත් කරන අවස්ථාව වන විටත් තවම සමුපූර්ණයෙන්ම පහව ගොස් නැත. සතියක් ඇතුලත සිංහල හා මුස්ලිම් පිරිස් අතර ඇතිවූ දෙවන ගැටුම මෙයයි. මීට දින කිහිපයකට කලින් අම්පාර නගරයේ ද ගැටුමක් ඇති විය. ඊට මාස කීපයකට කලින් ගිංතොට සිද්ධිය ඇතිවූ අතර, 2017 අවුරුද්ද ඇතුළත වෙනත් තැන්වලද තවත් ගැටුම් සිදුවිය.

මෙවැනි ගැටුම් වැලැක්වීමට ඇති එකම ක්‍රමය වන්නේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමයි. බොහෝවිට නොසන්සුන්තාවය පැතිර යන්නේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූවාය යන හැගීම නිසාය. ජනවර්ග දෙකක පිරිස් අතර ගැටුමක් හෝ ආරවුලක් ඇතිවුවහොත් පොලීසිය ක්ෂණිකව හා තීරණාත්මක ලෙස එයට මැදිහත් විය යුතුය. කුපිත වූ පිරිස් රංචු ගැසී අදාළ සිද්ධියට සම්බන්ධයක් නැති පුද්ගලයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ යෙදීම හා සාමූහික දඬුවම් පැමිණවීම වැලැක්වීම ද මෙහිදී අත්‍යාවශ්‍ය වේ.පොලීසිය මෙවැනි අවස්ථාවලදී නිසි ලෙස මෙහෙයවීම ආණ්ඩුවේ යුතුකම වන්නේය. මේ රට අස්ථාවර කිරීමට මාන බලාගෙන සිටින දේශීය හා විදේශීය බලවේග මේ රට අර්ධ ස්වාධීන රාජ්‍යයන් ගණනාවකට බෙදා වෙන් කිරීමට ගෙනවිත් තිබෙන ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබාගැනීමේ අරමුණෙන් මේ රටේ 1983 තාලයේ කෝලහලයක් ඇති කිරීමට මාන බලමින් සිටී. මේ සිදුවන දේවල් දෙස ඉතා බුද්ධිමත්ව හා කල්පනාකාරී ලෙස බලා ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් වැලකී සිටින මෙන් මම මේ රටේ සියලුම ජන කොටස්වලට අයත් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

අප නිදහස ලැබූ මුල් වකවානුවේදී සිංහල දෙමළ හා මුස්ලිම් නායකයන් මේ රට සමගියෙන් පාලනය කළේය. උතුරේ දෙමළ නායක ජී.ජී. පොන්නම්බලම් මහතාට සේනානායකවරුන් සමඟ ඉතා කුළුපඟ සම්බන්ධතාවයක් තිබුණි. 1950 ගණන්වල මැද සිට ජාතිවාදය සහ බෙදුම්වාදය උතුරේ දෙමළ දේශපාලනයට ඇතුළු වීම නිසා ඒ යුගය අවසන් විය. පසුගිය දශකවලදී මේ රටේ මුස්ලිම් නායකත්වය ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අනුගත වී සිටියේය. එජාපයේ ඒ.සී.එස්. හමීඩ් හා එම්.එච්. මොහොමඩ් සහ ශ්‍රිලනිපයේ බදියුදීන් මොහොමඩ් හා අලෙවි මවුලානා වැනි නායකයන් අපට මෙහිදී සිහිපත් වේ. මොවුන් පාර්ලිමේන්තුවට පත්වූයේ මුස්ලිම් මෙන්ම සිංහල ඡන්දද ලබාගෙනය. ඒ කාලයේ දී සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර මේ ආකාරයේ ගැටුම් නොතිබුණි.

නමුත් 1980 ගණන්වල අග සිට මුස්ලිම් ප්‍රජාවේ කොටසක්ද ජාතිවාදී දේශපාලන පක්‍ෂවලට අනුගතව තිබේ. මේ නිසා නොයෙක් දේශීය හා විදේශීය බලවේගවලට තම ඒජන්තවරුන් ලවා සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් ඇතිකිරීම පහසු වී ඇත. අද මේ ඇතිවන සිංහල – මුස්ලිම් ගැටුම් මෑත කාලීන ප්‍රපණ්චයකි. 2012 වසර වන තෙක් සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර මෙවැනි ගැටුම් නොතිබුණු බව කාටත් මතක ඇතැයි මම සිතමි. අද යහපාලන ආණ්ඩුව තුළ සිටින කුමන්ත්‍රණකරුවන් පිරිසක් එදා මගේ ආණ්ඩුව අස්ථාවර කිරීමට පටන්ගත් මේ ක්‍රියාදාමයට දැන් වෙනම ජීවයක් ආරූඩ වී ඇති බවක් පෙනෙන්නට තිබේ. අද මේ රටේ ජන කොටස් අතර අවිශ්වාසය එන්න එන්නම වර්ධනය වෙමින් පවතී.

උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව විශාල වශයෙන් ජීවත් වුවද දෙමළ ජනතාවගෙන් අති බහුතරය ස්ථිරව පදිංචි වී සිටින්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් පිට, සිංහල ජනතාව අතරය. එමෙන්ම නැගෙනහිර පළාතේ සෑහෙන මුස්ලිම් ජනගහනයක් සිටිය ද මුස්ලිම් ජනතාවගෙන් අතිබහුතරය ස්ථිරව පදිංචි වී සිටින්නේ නැගෙනහිර පළාතෙන් පිට සිංහල හා දෙමළ ජනතාව අතරය. අප දැනට අත්දකිමින් සිටින්නේ මහපොළොවේ දක්නට තිබෙන ඒ යථාර්ථයත් ජාතිවාදී දේශපාලනයත් අතර ඇති නොගැලපීමයි. වෙනත් ආගම් හා ජාතීන්වලට අයත් ජනකොටස් සතුරන් හැටියට පෙන්නුම් කිරීම ජාතිවාදී දේශපාලනයේ පදනමයි.  අද මේ රටේ ඇතිවී තිබෙන්නේ වෙනස් ආගම් හෝ ජාතිකත්වයන් සහිත පුද්ගලයන් අතර ආරවුලක් හෝ ගැටුමක් ඇතිවුවහොත්, එය ප්‍රදේශය පුරාම පැතිර යන ජාතිවාදී කෝලාහලයක් බවට පත්වීමේ ප්‍රවණතාවයකි.

මේ තත්ත්වයට දිගින් දිගටම පැවතීමට ඉඩ හැරීමට අපට නොහැක. අපේ පළමු නිදහස් අණ්ඩුවට සමානව සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයන් සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවත මේ රට තුළ ගොඩනැගීමේ අවශ්‍යතාවයක් ඇත. දශක ගණනාවක් පුරා මේ රට තුළ පතුරුවා ඇති ජාතිවාදී වස විස නිසා මෙය කිසිසේත්ම පහසු කාර්යයක් නොවනු ඇත. නමුත් මෑතකදී පවත්වනු ලැබූ පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිසා ජාතිවාදී රැල්ල ආපස්සට හැරවීමට යම්කිසි අවකාශයක් විවර වී ඇති බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. මේ සම්බන්ධයෙන් දේශමාමක සිංහල,දෙමළ හා මුස්ලිම් පුද්ගලයන් හා සංවිධාන සමඟ ඉදිරියේදී  සංවාදයක් ඇතිකර ගැනීමට මම අදහස් කරගෙන සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

71,068 Viewers

20 Comments to “ඇවිලෙන ජාතිවාදී ගිනිදැල් නිවන්නේ මෙහෙමයි..- මහින්දගේ හදිසි නිවේදනයක්..”

  1. daminda says:

    dakkmakk athi kathawakk

  2. Nim says:

    MAHINDA MATHI THUMANI
    SAMA KUPADI KAMAKAMA
    OBE GINUMATA DANNA
    BALA GENA SITINA
    KUPADINTA OBATHUMAGE
    PAHADILI KIREEMA
    HARIYATAMA HARI .

  3. bandara says:

    2012 මා හිටියේ පිටරට. එදා මට තේරුනා බොදු බල සේනාව හදන්න යන්නේ මහා ගිනි තැබීමකට කියලා. පරන පත්තර ආපහු අරගන පෙන්නන ඕනෙ චම්පිකලා නානසාරට අත් පුඩි ගහපු හැටි. මී ට අමතරව චම්පික පොත් දෙකක් ලියුවා අන් ජාති අතර අවිශ්වාසය ඇතිවන පරිදි.

    මට පුලුවන් තරම් සී නිව්ස් හරහා ලියුවා. හැම දෙයක් ම පලවුනා.
    විමල් හැර කිසිම නායකයකු මෙහි බරපතලකම තේරුම් ගත්තේ නැහැ. ඒ කාලයේ.

    පරන පත්තර අරන් බලන් බලන්න.

    මා වගකීමෙන් කියනවා අදටත් කල් තියනවා. කල යුත්තේ ජාතින් අතර සුහදතාවය වැඩි කරන වැඩ පිලිවලක් ඒකට පක්ශ දේශපාලනය අවශ්ශය නැහැ. රජය විපක්ශය සමග පොදු වැඩ පිලිවලක් කෙටි හා දිගු කාලීන.

    නානසාරට මම කියන්නේ එදා කීවා වගේම ප්‍රශ්න තිබේනම් පලමුව සින්හලයාගේ මත් පැන් බීම මුලුමනින් නවත්වමු. රටෙන් ප්‍රශ්න භාගයක් ඉවරයි. ඔය සියලුම අන්තවාදයට වඩා දහස් ගනන් ප්‍රබලයි මත්වතුර අන්තවාදය.

    • Alfi says:

      Honda adahasak harawath satahanak. Jathin athara samagjya waha athi kalautui

      • Sujatha Senaratne says:

        ඔව් නමුත් ඟානසාරලා ප්‍රයෝජනයට ගත්තේ නෝර්වේ සහ චම්පකලා වගේ ජඩයෝ නේද. මේවා ඉබෙම සිදුවු දේ නෙවෙයි මම නම් හිතන්නේ.

    • Suba Anagathayak says:

      බණ්ඩාර, ඔබ වැනි බුද්ධිමත් පිරිපුන් අදහස් ඇති මිනිසුන් සිටිනු දැකීම වාසනාවකි. ඥානසාර වැනි භයානක අබෞද්ධයන් නිසා රට ගිනිගැනීමට සුදුසු තත්වයක් නිර්මාණය වී ඇත. කොටි ගහන කාලයේ මෙවැනි උන්ගේ වීරකම කෙලින් නොවී තිබුණේ මන්ද යන්න ගැටළුවකි

    • යුක්තිය says:

      අනිත් අයව හදන්න එස්සෙල්ලා අපේ ජාතියෙ උන්ගෙ අඩු පාඩු හදන්න ඕන…අද ඉන්නෙ මේ රටේ සිංහල,දෙමල,මුස්ලිම්,බර්ගර් නෙවේ….! යූඑන්පී,ජේවීපී ,සිංහල,දෙමල,මුස්ලිම්,බර්ගර්…! මත් වතුර වගේම පාක්ශ පාක්ශික බෙදීම නතර කලොත්…! කාගෙන්වත් ගුටි කන්නවත්,කාටවත් ඇගිල්ල දික් කරන්නවත් ඕන වෙන්නෙ නෑ…! අපි අපේ වැරදි හදන් අනිත් අයව හදන්න යන්න ඕන..! චම්පික කොහොම අවස්තා වාදියෙක් උනත් ග්න්‍යනසාර හාමුදුරැවන්ට මේකෙ බරපතල කම දැනෙනව..කියා ගන්න තේරෙන්නෙ නෑ…කරන්න ඕන දේ හරියට කරන්නෙ නෑ…..! ඒකයි අපි වියදං කරං කාලෙ වැය කරන් විවිධ පක්ශික ජාතීන්ට බැනල,බැනල මේ බෙදුනු පාක්ශිකත්වය නැති කරන්න හදන්නෙ…! එදාට විතරයි මේ ලංකාව සුන්දර කරන්න පුලුවන්…! එකතු වෙන්න ඕන තැන් වෙන් වෙලා,වෙන් වෙලා තියෙන්න ඕන සීමා අමුතුවෙන් පන්නන්න යනව…! මෙයිට වඩා මේ රටට විනාස වෙච්ච යුගයක් තිබුනද..?

    • Bar yaka says:

      මෙරට මොන ගැටලුවක් ආවත් මත්පැන් බිම තමයි සමහරු මුව හම විදියට ගන්නේ . මත්පැන් නැත්තේ අරාබියේ විතරයි . එ එක ඔවුන්ගේ ආගම විසින් තහනම් කරලා තියෙන නිසා .නැතුව පිළිකුලට නෙවෙයි . මෙරට ජාතිවාදී ගැටලු නිර්මාණය කරන්නේ මත්පැන් බොන සිංහලුන් නෙවෙයි . පෙති බෙදන මුස්ලිම් අය . වෙනම කලාප, වෙනම නීති , වෙනම පාසල් ,වෙනම ඇඳුම් අඳි වෙන්වී පෙනෙන දේවල් මතුකර ගැනීම තුළින් ඔවුන් මෙරට සංස්කෘතිය විනාශ කරමින් සිටියි . එමගින් සිංහල සමාජයේ අසහනය වැඩිවේ . A foreigner once asked me that by lookin around, is majority of this country muslims ?

  4. Love nature says:

    මුස්ලිම් වරුන්ගේ පස්පාරක් වැදීම දහපාරක් කලයුතුය එවිට මේවගේ දරුනු අපරාද ක‍රන්න වෙලාවක් නැති වෙනවා

  5. SUNIL says:

    තෝ හින්දා තමයි මේ ඔක්කොම තොගෙ රට ගිනි තියන ජාතිවාදී කල්ලියෙ එකම පරමාර්ථය මුස්ලිම් කේස් එකක් වෙනකම් බලන් ඉදල හෝ බොරු බේගලක් ඇදබාලා ඒක එක දහය කරලා ෆෙස් බුක් මගින් ව්‍යාප්ත කරලා උන්ම සිංහල එවුන්ගේ ලේ කකියන විදිහට කොමෙන්ට් කොටනව තව උන්ගෙම එවුන් මුස්ලිම් නම් වලිනුත් ඉදලා සිංහල එවුන්ට මුස්ලිම් එවුන් කෙරෙහි වෛරය ඇතිවෙන විදිහෙ දේවල් කරනව
    එව්වා බලන සිංහල මුස්සිම් උන්ගෙ හිතේ ඉබේම වෛරය ඇතිවෙනව ඒවගේම තව සිවුරු පොරවපු හොර රැලකුත් මේ ස්දහා යොදාගන්නවා ඒවට නීතිය ක්‍රියාත්මක කරන්න යද්දි හොර ඝනගෙඩි රැල සිංහලයො ෆොම් කරගෙන රජයට තර්ජන පීඩන කරලා ඒකෙන් බේරෙනවා ඒතරේ මේවගෙන් රට බේරගන්න එකම විසදුම රාජපක්ෂ වරයෙක් කියලා දෙයක් සමාජයේ ඇතිකරනවා දැන් අවුරුදු ගනනාවක් ඉදලා මේ දෙය ලස්සනට කරගෙන ආවා මේ දේ දැන දැනත් මෙය නවත්වන්න බැරිඋන එකේ ප්‍රතිඵල දැන් පේනවා දන් මුන් හදන්නෙ රටේම බීශනයක් නිර්මානය කිරීමටයි තමන්ගෙ ජාතිය ආගම කියලා මේවට අහුවෙන සිංහල මුස්සිම් එවුන් තමය් මෝඩයො

    • Sadda says:

      සමස්ත ශ්‍රීලංකාවේ කදුලු පිසදැමූ නායකයටද ඔබ තෝ කියලා අමතන්නේ?. සොබාදහම නුබලට නිසි දඩුවම දෙනු ඇත.

    • Kapila says:

      TRàstawaadaya àwasankara sinhàla demàla muslim kaatàth niadahàs. Labaadun màhinda
      Mahatthyata. Nindita widiyta. Kàtaakarana. Umba. Sinhalàyeda
      Falange. Sinha!à. Jaatiyàtà oyataram. Wairàkarana. Umba. Muslim. Demàla jaateenta
      Ko

    • Thiwanka says:

      Thongs nidahas rata Harlan dunnatada ballo ethumata Meehan katha karanne tho me rate sinhalayekda nettam am age adomukayen app awjathakayekda tho kalakanniya

    • අබරන් සීයා says:

      අඩෝ,SUNIL පාහරයා. තෝ ජාතක වුනේ බල්ලෙකුටද, ඌරෙකුටද?

    • Boo says:

      ගොනෙක් මහ හඩින් තප්පුලයි.

      මහින්දගේ කාලේ මෙහෙම දෙයක් වුනාම වැරැද්ද මහින්දගෙ නං, රනිල් හෙවත් බැංකු හොරාගෙ කාලෙ ඒකම සිද්ධවුනාම ඒකෙ වැරැද්ද රනිල්ගෙ හෙවත් බැංකු හොරාගෙ බව තේරෙන්නෙ නැත්තෙ ගොන්නුන්ටම පමනයි.

      ලංකාවෙ ඉතිහාසය පටන් ගත්තෙ මහින්දගෙ කාලෙ කියලයි සම-හරක් හිතගෙන ඉන්නෙ. ඒනිසා මහින්දලෙ කාලෙ යමක් වුනොත් ඒ කට හේතුව ඊට පෙර රජය කාලෙ වුනු දෙයක් වෙන්න පුලුවන් කියල හිතන්න බැරි ක්රෝටන් සමග තනකොල කන උන්ට විතරයි.

  6. යුක්තිය says:

    චම්පික පෙරේතය, හිතන්නෙ අපි හරක් කියලද..? තෝ මාධ්‍ය සාකච්චාවක් තියක මුස්ලිම් මිනිස්සු පල්ලියට ගිහින් සිකුරාද කුමන්ත්‍රන කරනව කියල කෙබර ඇදල සිංහල මිනිස්සුන්ගෙ පැත්තට ඉන්න බව පෙන්නුවම අපි උඹව වීරය කර ගනියි කියලද.? තව පව් කියන්න බෑ මුස්ලිම් නායකයන්ගෙන් ඉල්ලීමකුත් කරනව පල්ලි වලදි ඒවට ඉඩ දන්න එපා කිඅයල..ඌට ඒව ආරන්චි උනාලු…ඌ දන්නව මුස්ලිම් මිනිස්සු පල්ලියන දවස තියක බොරැව ගැහුවම ඇත්ත වගේ පේනව කියල..මූ හිතල කියපු බොරැ කතාවක් ආරන්චි උනේ කොහොමද ඇහුවොත් තවත් බොරෑ 1000ක් කියයි..මේ බල්ලො එදා රත්ට්ගරං හයිවේ ගැන කියල තුන්ගුනේ ආර්තිකේ ගැන කියල යූඑනොපී සුනඛ් ගොත්‍රික පිරිමි ගෑනු සත්තුන්ගෙන් චන්දෙන් මේ ආනුඩුව හැදුවට පස්සෙ සේරම උනේ….! රතන කියන කුනු නරිය මූ ඇතිකරන ඌ සිවුරකුත් ඇදං රත්තරං අශව බොරැ කතා රංගන දාල මේ කුනුආන්ඩුව හදල දැන් යූඑනපීකාරය කියන්නෙ පාවිච්චි කරල ඉවර උනු ගනිකාවො නිසා,වැඩක් නැති නිසා අලුත් විදියක් හදා ගන්න හදන්නෙ..උඹක යූඑන්පීන්ට බෙල්ට් දාල හීල කරාට නියම පුර වැසියන් රවට්ටන්න බෑ…මූ කියන මේ මුස්ලිම මිනිස්සු සිකුරාද පල්ලි ගිහින් සංවිධානය වෙනවයි කියපු එක මුගෙ ආරතීක කතාව වගේ පට්ටපල් බොරැවක්…! මේ වෙලාවෙ කවුරත් සිංහල පැත්තටවත් අනෙක් පැත්තට වත් කතා නොකරන කොට මූ ඔය කතාව කියල සිංහල සමාජෙ පොර වෙන්න හදන්නෙ…චම්පිකටවත්,රතනෙටවත් රැවටෙන්න එපා….! එව යූඑන්පී නපුංසකවාදී මොල වලට විතරයි..!

  7. ඥානසාර හාමුදුරුවෝ විතරක් පෙනිච්ච සර්ව සාධාරණ විශ්වව්‍යාපී මොලයට බදූර්දීන්,හකීම්, තව්හත් ජමාත් නොපෙනුන අපූරුව.ඒකෙන්ම පේනවා කාගේ කාගේත් මධ්‍යස්ථ බව හා සැබෑ උවමනාව.

  8. karu says:

    Well said sir, this incident teach us many lessons most probably you already aware of. But I wish to emphasize one major thing we have to draw our attention. As you mentioned also over the last few decades minorities were grouped among their own political parties. The main political parties to gain the power had to go beyond them and had to fulfil their requests which were mainly irritating the main Sinhalese. Even you also had to do that in the past though it is understandable in those critical days. But Digana incident urging us to think in a different manner. We have to take minority leaders into the main stream political parties. As you have started a fresh political journey this is a golden opportunity to take minority leaders also into wings of the SLPP- who are willing to go, live as a one nation.

  9. karu says:

    Well said sir, this incident teach us many lessons most probably you already aware of. But I wish to emphasize one major thing we have to draw our attention. As you mentioned also over the last few decades minorities were grouped among their own political parties. The main political parties to gain the power had to go beyond them and had to fulfil their requests which were mainly irritating the main Sinhalese. Even you also had to do that in the past though it is understandable in those critical days. But Digana incident urging us to think in a different manner. We have to take minority leaders into the main stream political parties. As you have started a fresh political journey this is a golden opportunity to take minority leaders also into wings of the SLPP- who are willing to go, live as a one nation.

Main News