ඇස්වලට මිරිස්කුඩු දානවා.. ඔළුවට පොලිතින් දානවා.. අත්දෙකින් එල්ලලා ගහලනවා.. කුඩු පැකට් දානවා..- ෆොන්සේකා පොලීසියේ රෙදි ගලවයි..

July 10, 2018 at 10:00 am | lanka C news
ඇස්වලට මිරිස්කුඩු දානවා.. ඔළුවට පොලිතින් දානවා.. අත්දෙකින් එල්ලලා ගහලනවා.. කුඩු පැකට් දානවා..- ෆොන්සේකා පොලීසියේ රෙදි ගලවයි..

‘පාතාල මර්ධනය හරියට කරනවා නම් අමාරු වැඩක් නොවේ. ඒත් නැති යුද්ධයක් මවාගෙන අහිංසකයින්ට තඩිබාලා බැහැ පාතාලය මර්ධනය කරන්න’ යයි වනජිවි ඇමැති ෆිල්ඩ් මාර්ෂල් සරත්  ෆොන්සේකා මහතා කියයි.

පතාල මර්ධනය කරන්න නම් පොලිසිය සද්භාවයෙන් කටයුතු කලයුතු බවත්, අහිංසකයෝ අල්ලා කුඩු පැකට් දාලා නැති යුද්ධයක් මවාගෙන අහිංසකයින්ට තඩිබාලා පාතාලය මර්ධනය කරන්න නොහැකි බවද ෆොන්සේකා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ බකමුණ හා දඹුල්ල ප්‍රදේශයන්හි අලිමිනිස් ගැටුම පිලිබදව සෙවිමට සිදුකල සංචාරයක් අතර තුර මාධ්‍යයෙන් යොමු කල ප්‍රශ්ණයකට පිලිතුරු ලෙසිනි.

පතාල ප්‍රශ්ණය තමන්ට අදාල නැති බවත් එය අදාල වෙනත් අමාත්‍යංශ ඇතිබව පැවසූ ඔහු පොලිසිය හරියට ක්‍රියාත්මක වියයුතු බවද කීය.

‘තම දේශපාලන බල ප්‍රදේශයේ පොලිසියේ සමහරු අහිසක මිනිස්සු අරන් ගිහිල්ලා තඩිබානවා. බොරුවට කුඩු පැකට් දාලා ඉවරවෙලා නඩුදානවා. කප්පම් ගන්නවා. ඒවා කරණ මිනිස්සුත් ඉන්නවා. එවා කරකර පොලිසියට බැහැ පාතාලය මර්ධණය කරන්න. සමරතැන්වල ඒ වගේ චෝදනා තියෙනවා.

ඊයෙත් මගේ ප්‍රදේශයේ ළමයෙක් අරන් ගිහිල්ලා ඇස්වලට මිරිස්කුඩු දාලා ඔළුවට පොලිතින් දාලා අත්දෙකින් එල්ලා ගහලා තියෙනවා. ඒවගේ තුට්ටු දේකේ වැඩ කරකර බැහැ පාතාලය මර්ධනය කරන්න. නැති යුද්ධයක් මවාගෙන අහිංසකයින්ට තඩිබාලා බැහැ පාතාලය මර්ධනය කරන්න.

හරියට කරණවානම් ඕක අමාරු වැඩක් නොවේ. හැබැයි නිතිය අතට ගන්නේ නැතිව හරියට හරි සද්භාවයෙන් මේ වැඩේ කරන්න ඕන. මේ සදහා අපි නිතිය හා සාමය ඇමැතිතුමාට නියොජ්‍ය ඇමැතිතුමාට සුභපතනවා අවශ්‍යශක්තිය දෙන්න අපිත් ලෑස්තියි. හැබැයි මේ වැඩපිලිවෙල හරියට කෙරෙන්න ඕන’ යැයිද පැවසූ ඇමතිවරයා පතාල​ය ​මර්ධණය අපසුකාර්යක් නොවන බව පැවසුවේය.

ු- මහින්ද දඹුල්ල

28,536 Viewers

8 Comments to “ඇස්වලට මිරිස්කුඩු දානවා.. ඔළුවට පොලිතින් දානවා.. අත්දෙකින් එල්ලලා ගහලනවා.. කුඩු පැකට් දානවා..- ෆොන්සේකා පොලීසියේ රෙදි ගලවයි..”

  1. Manoj says:

    “ඇස්වලට මිරිස්කුඩු දානවා.. ඔළුවට පොලිතින් දානවා.. අත්දෙකින් එල්ලලා ගහලනවා.. කුඩු පැකට් දානවා..- ෆොන්සේකා පොලීසියේ රෙදි ගලවයි..”

    Muge mona weredda thibunath, me kiyana kathwa hariyata hari. Ahinsaka duppath godaaak kollanta meka karanawa. Un gawa thiyenea KUDU packet dala NADAU danava.

    Pahara BALLOOO !!!

  2. ශාන්ත බණ්ඩාර says:

    කවුරු කීව්වත් ඇත්ත ඇත්තමයි. මෙම වදහිංසා ක්‍රම සහ ජනතා මර්ධනය අපේ රටට හදුන්වලා දුන්නේ අලියා සලකුනෙන් මේ රට දේශපාලනය කරමින් රට මහා මනුෂ්‍ය සංහාරයකට තල්ලු කරපු යුඑන්පි හෙවත් එක්සත් ජාතික පක්ෂයයි. අද ඔවුන් බලයට පැමිණ ඇත. යටපත් ව තිබු වදහිංසා යාන්ත්‍රණය නැවත ක්‍රීයාත්මක කර ඇත.

    • Manoj says:

      “මෙම වදහිංසා ක්‍රම සහ ජනතා මර්ධනය අපේ රටට හදුන්වලා දුන්නේ අලියා සලකුනෙන් මේ රට දේශපාලනය කරමින් රට මහා මනුෂ්‍ය සංහාරයකට තල්ලු කරපු යුඑන්පි හෙවත් එක්සත් ජාතික පක්ෂයයි”

      Ethakota 1971 di JVP kerella maradanaya kale ? Lankawe palaweni campus murder eka kaleth 1970-1977 anduwa. UNP ekata eva igennuwe 1970-1977 anduwa.

      Ithihasaya hodata kiyawala comment karanna.

  3. රටවැසියා says:

    කාලෙකින් කිව්වා ඇත්තක්

  4. Gayantha says:

    Katawa aitta. Gotabaya saha fonseka practical minissu. Fonsekatat thiyenne gotath ekka ekathuwela hari gamanak yanna. Konda pana naithi pendo hariyanne nai ratawal karanna.

  5. Kalawadda says:

    ඉතින් බන් ආණ්ඩුවත්, පොලිසියත් උබලගෙනම නේ. අපේද ? ඕක අපිට කියල හරියන වැඩක්ද. උබලමනේ හරි ගස්සගන්න ඕනේ. ඔය වගේ මැටි කතා කියපන් කොන්ඩේ බැදපු චීනෙක් හොයල.

  6. Gunaruwan says:

    Fonseka ge mona waradda thibbath me kiyana kathawa hari. Duppathunta eka neethiyakui bala puluwan karayonta eka neethiyakui Sri Lanka policiye thiyenne.

Leave a Comment

Main News