ඉතිහාසයේ ප‍්‍රථම වරට රාජ්‍ය බැංකු ග‍්‍රාමීය ජනතාව අතරට…

September 9, 2018 at 2:08 am | lanka C news
ඉතිහාසයේ ප‍්‍රථම වරට රාජ්‍ය බැංකු ග‍්‍රාමීය ජනතාව අතරට…

විෂන් 2025 රජයේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලෙහි ප‍්‍රතිලාභ ජනතාවට පිරිනමමින් එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා වැඩසටහන පසුගියදා මොණරාගල දි ආරම්භ කෙරිණි. මේ හා සමගාමීව ප‍්‍රදේශයේ යටිතල පහසුකම් විශාල වශයෙන් සංවර්ධනය විය. නව ව්‍යවසායක අදහස් සමග ව්‍යාපාර ලොව ජයගැනීමට අත්වැලක් සපයමින් රාජ්‍ය බැංකු සේවාවන් ද එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා වැඩසටහනට සමගාමීව ග‍්‍රාමීය ජනතාව අතරට පැමිණියේ විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදෙස් අනුවය.

පසුගිය රජයන් දැයට කිරුළ වැනි ප‍්‍රදර්ශනාත්මක ව්‍යාපෘති දියත් කළද ජනදිවිය න`ගා සිටුවීමට කිසිදු අත්වැලක් සැපයීමක් ඉන් සිදුනොවිණි. ප‍්‍රථම වරට රාජ්‍ය බැංකු ග‍්‍රාමීය ජනතාව අතරට පැමිණ නව ව්‍යවසායකයින් බිහිකිරිමට සිය මුල්‍ය දායකත්වය ලබාදෙමින් ග‍්‍රාමීය ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් ද මේ හා සමගාමීව කි‍්‍රයාත්මක කලේ ගම්වල පවතින අකාර්යක්ෂම මුල්‍ය ගණුදෙනු නැවැත්විමද අරමුණු කරගෙනය.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදෙස් පරිදි සහනදායි පොළී අනුපාත ක‍්‍රම හා ලිහිල් ඇප කොන්දේසි යටතේ ඉතා කෙටි කලක් තුළ මෙම ණය ලබාදීමට රාජ්‍ය බැංකු කි‍්‍රයාකිරීම ඉතා වැදගත්ය. මන්ද යත් බැංකු වල පැවති දැඩි ණය කොන්දේසි නිසාම ග‍්‍රාමීය ජනතාව හා බැංකු අතර සිදු වු ගණුදෙණු ඉතා අල්පය. රු.50 000 සිට මිලියන 750 වන තෙක් එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍රී ලංකා ණය යෝජනා ක‍්‍රමය යටතේ ණය ලබාගත හැක. කෘෂිකර්ම ක්ෂේත‍්‍රය විසිතුරු මසුන් නිෂ්පාදනය පාසල් වෑන් රථ මිලදි ගැනීමට ව්‍යාපාර උපකරණ මිලදී ගැනීමට ආදි වශයෙන් විවිධ අංශ රාශීයක් ඔස්සේ මෙම ණය අයදුම් කළ හැක. මොණරාගල ආම්භක වැඩසටහනේදි තෝරාගත් ණය අයදුම්කරුවන් 100කට අධික පිරිසකට ණය ලබාදීම අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අතින් සිදුකෙරිණි.

නව ව්‍යාපාරයක් ආරම්භ කිරිමට හෝ පවතින ව්‍යාපාරය වැඩිදියුණු කරගැනීමට ණය ක‍්‍රම රාශියක් රාජ්‍ය බැංකු හදුන්වා දී ඇති අතර ව්‍යවසායක අදහස් ඇති සැමට ව්‍යපාර ලොව ජයගැනීමට එන්ටර්ප‍්‍රයිස් ශී‍්‍ර ලංකා කදිම තෝතැන්නකි.

– රජිත සමරසූරිය

1,564 Viewers
Main News