ඉදිරි ණය වාරික ඕනෑ නම් තවත් බදු ගසනු.. විදුලියටත් මිල සුත‍්‍රයක් ගෙනෙනු..- IMF ලක් රජයට දන්වයි…

October 2, 2018 at 3:50 pm | lanka C news
ඉදිරි ණය වාරික  ඕනෑ නම් තවත් බදු ගසනු.. විදුලියටත් මිල සුත‍්‍රයක් ගෙනෙනු..- IMF ලක් රජයට දන්වයි…

මීට පෙර පුරෝකථනය කළ මට්ටමට වඩා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2018 වසරේදී 4% මට්ටමටත් වඩා පහළ බැසිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ශ‍්‍රී ලංකාවේ ණය වැඩසටහන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව සඳහන් කර ඇත.

අපේක්ෂා කළ මට්ටමට වඩා ශ්‍රී ලංකා රජයේ බදු ආදායම අඩුවී ඇති බැවින් මීළඟ අයවැය තුළින් බදු ආදායම ඉහළ නැංවීමට අවධානය යොමු කරන ලෙස ද මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකා රජයට දන්වා ඇත.

තමන් විසින් නිර්දේශ කළ පරිදි ඉන්ධන මිල සූත්‍රය හඳුන්වාදීම පැසසුමට ලක් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විදුලි සැපයුම සඳහා ද කඩිනමින් මිල සූත්‍රයක් හඳුන්වා දෙන්නයි රජයෙන් ඉල්ලා සිටී.

6,532 Viewers

6 Comments to “ඉදිරි ණය වාරික ඕනෑ නම් තවත් බදු ගසනු.. විදුලියටත් මිල සුත‍්‍රයක් ගෙනෙනු..- IMF ලක් රජයට දන්වයි…”

  1. Viva says:

    Hurrah. Another sutra coming. Next KAMA SUTRA

    • නිහාල් අයියා says:

      මුන් හදන්නේ ජනතාව බඩගින්නේ ටික දවසක් තියෙලා ඊටපස්සේ කන්න ඕනානම් අලුත් වියවස්තව සම්මත කරන්න ඕනා කියල බටහිර බැංකුවක් මගින් දැනුම් දීලා මිනිසුන්ගේ චන්දය අලුත් වියවස්තාවට පක්ෂව ලබාගන්න ඊට පෙර ජනතාව පාරට බැසිය යුතුයි .දැන් ගෙදර බලා හිටියා ඇති

  2. සීගිරි says:

    දශක කීපයක් තිස්සේ පාර්ලිමේන්තුව ,මහ බැංකුව , IMF , world bank එකට එක් වී ලක් මාතාව “සමූහ දූෂණය” කර ගෙන යනවා.
    අද බැංකු වල තැන්පත් කරැවන්ගේ තැන්පතු නෑ !!!!! රට උපයන මුලු ජාතික ආදායමම ණය ගෙවා දමන්න වැය කරන්න වෙලා !!!!!! ඕනෑම මොහොතක ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි වෙන්න , ATM යන්ත්‍ර වසා දමන්න (තැන්පත් මුදල් ආපසු ගන්න බැරිවෙන ලෙස) හා බැංකු කීපයක් බංකොලොත් බව ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා.
    අවසාන විසදුම පොදු ජනතාව එක් වී මාතෘ භූමියේ “සමූහ දූෂකයන් “ එලවා දැමීමයි !!!!! (12.09.2018)

  3. සීගිරි says:

    රටේ තත්වය අති භයානකයි.
    රට කොල්ළකාපු මංකොල්ලකාරයන් ජනතාවගේ පිළිකුලටත් වෙෙරයටත් පාත්‍රවීම අනිවාර්යයයි.
    රනිල්ලා රාජපක්ෂලා මෙෙත්‍රිලා ඇතුලු පවුල් ගණනක් රටින් පැන යන්න ඉඩ තියෙනවා.

    • Asaranaya says:

      අම්මට හුඩු ආප්පයගෙ හඩු ! IMF කාරයෝ පඹයන්ට ලණු දෙනවා, යමරැල ඒවා කනවා, ඒකේ ඉන්න ආචාරියන්ට තේරෙන්නෙත් නැහැ, මුන්ට ලෙඩේ අදිනබව මුන්ට වැටහෙන්නේ නැති හැටි.
      බැරිනම් දාලා පලයල්ලා

  4. KP says:

    රටට මෙච්චර හෙන ගහද්දි ඒකබද්දේ එවුන් බම්බු ගහනවද? යකෝ වෙන රටක මෙහෙම වුනා නම් මෙලාට ආන්ඩුව පෙරලලා…. මුන් හැමෝම මේකෙ ඩීල් දාගෙන එකට ඉන්නෙ… මළ බද්ද ඇතුලු ඔක්කොම බදු අපිට තමා.
    මේ ආන්ඩුව කීයටවත් බටහිරින් උන්ට දුන්න න්‍යාය පත්‍රය ඉවර කරනකන් ඡන්ද තියලා ගෙදර යන්නේ නෑ. ඡන්දෙකින් බලය ගන්න හිතා ඉන්නවා නං ඒක මිරිඟුවක්. ආන්ඩුව මොන ක්‍රමෙන් හරි පෙරලලා ඊට පස්සේ ඡන්දෙ තියපල්ලා මොඩයිනේ. නැත්තං උඹලාට රජ කරන්න අපිට ජීවත් වෙන්න රටක් ඉතිරි වෙන එකක් නෑ

Main News