ඉදිරි මැතිවරණ වත්මන් රජය ජයගැනීම ස්ථිරයි..

April 11, 2018 at 12:00 pm | lanka C news
ඉදිරි මැතිවරණ වත්මන් රජය ජයගැනීම ස්ථිරයි..

ජනතා සහාය මත වසර 2020 පැවැත්වෙන මැතිවරණය වත්මන් රජය ජයගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අලුත්ගම නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “රජයේ ගැටලු තිබුනත් ඒවා විසදා ගත යුතුයි. රටේ ජනතාවට නිදහස ලබාදුන් රජය විනාශ කරන්නේ නැහැ. විශ්වාසභංග අර්බුදයට සාර්ථකව මුහුණ දුන්නා. එය හරියට කුමන්ත්‍රණයක් වගෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අමාත්‍යවරු, මන්ත්‍රීවරු සහභාගි කරවා ගනිමින් පරාජය වැළැක්වූවා. අන්තිම ඡන්ද ප්‍රතිඵල මගින් අග්‍රාමාත්‍යවරයා ජයග්‍රහණය කළා. ජාතික මැතිවරණයක් ලෙස විජයග්‍රහණය ලැබුවා. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ අයටම එය භූමරංගයක් වුනා.

පසුගිය රජය සමයේ සිදු වූ දුෂණ, වංචා සෙවීමේ පරීක්ෂණ සෙවීමේ වැඩපිළිවෙල සාර්ථකව සිදු වෙනවා. ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. මනුෂ්‍ය ඝාතන රැසක තොරතුරු ලැබෙනවා. එම දුෂණ, වංචා, මනුෂ්‍ය ඝාතන වලින් බේරීම සදහා තමයි මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ. පසුගිය රජයේ නායකයින් ජිවිතයත්, මරණයත් අතර සටනක ඉන්නේ. රජය විසින් ආරම්භ කළ ජනතාවාදී වැඩපිළීවෙල ඉදිරියට ගෙන යා යුතුයි. මෙතෙක් නොගත් තීන්දු තීරණ ගත යුතුයි.

උතුරේ ජනතාවගේ ප්‍රශ්ණ විසදීමට පියවර ගත යුතුයි. දකුණේ ජනතාව මෙන් සමාන ජන කොට්ඨාසයක් ලෙස උතුරේ ජනතාවත් සැළකිය යුතුයි. විශ්වාසභංගයේ දී හෝ වෙනත් අවස්ථාවක දී උතුරේ දේශපාලනඥයින් සමග අපි කිසිදු ගිවිසුමකට අත්සන් කර නැහැ. ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළේ. නමුත් ජාතික ගීය ගායනා කරමින් තමයි උතුරේ ජනතාව විවේචනය කරන්නේ. සියලුම ජනතාව එකට ගමන් කිරීමෙන් ජය ගන්න පුලුවන්.”

– ප‍්‍රසන්න අධිකාරි

11,391 Viewers

9 Comments to “ඉදිරි මැතිවරණ වත්මන් රජය ජයගැනීම ස්ථිරයි..”

  1. kadiya says:

    මොන තරම් දුෂ්කර තත්වයකදී වුවද අපි අලියා හෝ හංසයාගෙන් ඉදිරිපත්වන පක්ෂයට චන්දයදී දිනවා බලයට ගෙනෙනවා. එහි පෙරමඟ සලකුණු දැන් රටපුරා දැකිය හැකිය. සියලුම රටවැසියන්ගේ හිසේ දැන් අං මෝදු වෙමින් පවතී. ඔබ තුමාටත් තම හිස අතගා ප්‍රත්‍යක්ෂ කරගත හැකිය.

  2. desta says:

    hinenda kauda ayeth ubalata denne uba iothin dinanana ettata paninawa ne ithin uba hemadama dinim

  3. Lee says:

    Current Government ??? UNP / SLFP / TNA ???

  4. ඇත්ත says:

    බලය අත්හැරීමේදී අන් සියල්ලටම වඩා මහින්ද රාජපක්ෂ ඉදිරියෙන් බව අද වනවිට ඉතා හොදින් පැහැදිලිය.

  5. Nim says:

    ME THARAM MA
    MODA VUNE ? KOHOMADA
    KIYALA HITHA GANNA WATH BAHA.

  6. Pedro says:

    DONG PATTAS, DONG PATTAS, DONG

  7. nalin says:

    My God what a magic for a party that has only 30% . The biggest joke from equally capable joker who is born to lie like the King ‘Chetiya’

  8. manik says:

    ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයා අනේ දත් මුදලාලි හිනෙන්ද මේ බුරුකතාව කිවේ…….දැත්තමත් බඩදගලනවා……..

  9. David Milli-banda says:

    Wachalayo……………….. chandeta pera rata bera ganin.

Main News