ඉන්දියාවෙන් ගෙනා ‘නියුරෝවන් 150’ නීති විරෝධී මත් පෙති 2600ක් සැප කාරයකින් බෙදමින් සිටියදී අල්ලයි..

October 21, 2018 at 12:40 pm | lanka C news
ඉන්දියාවෙන් ගෙනා ‘නියුරෝවන් 150’ නීති විරෝධී මත් පෙති 2600ක් සැප කාරයකින් බෙදමින් සිටියදී අල්ලයි..

ඉන්දියාවෙන් ගෙන එන ලද නියුරෝවන් 150 වර්ගයට අයත් නීති විරෝධී මත්පෙති 2600 ක් කාර් රථයකින් රැගෙන ගිය තරුණයින් දෙදෙනෙකු යාපනය දිස්ත්‍රීක්කයේදී අද (21) අළුයම අත්අඩංගුවට ගත් බවට ඕමන්ත පොලීසිය කියා සිටියේය.

ඕමන්ත ප්‍රදේශයේදී පසුගිය 19 වනදා බස් රථයකදී අදාල මත් පෙති රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගේ තොරතුරු මත ඕමන්ත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් යාපනය දිස්ත්‍රීක්කයේ චුන්නාකම් ප්‍රදේශයට ගොස් උපායදූතයෙක් මාර්ගයෙන් අදාල මත් පෙති ජාවාරමේ නිරත වූ තරුණයින් දෙදෙනා කාර් රථයකින් යමින් සිටියදී අද (20) අළුයම අත්අඩංගුවට ගෙන ඇත.

තරුණයින් දෙදෙනා අත්අඩංගුට ගන්නා අවස්ථාවේදී මෝටර් රථය පරික්ෂා කිරීමෙන් පසුව එහි සගවා තිබූ ලද නියුරෝවන් 150 වර්ගයට අයත් නීති විරෝධී මත්පෙති 2600 ක් සොයාගෙන ඇති අතර අදාල මෝටර් රථයද අත්අඩංගුවට ගැනීමට ඕමන්ත පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට(22) දිනයේදී වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන ඕමන්ත පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,292 Viewers

One Comment to “ඉන්දියාවෙන් ගෙනා ‘නියුරෝවන් 150’ නීති විරෝධී මත් පෙති 2600ක් සැප කාරයකින් බෙදමින් සිටියදී අල්ලයි..”

  1. john the baptice says:

    යහපාලනයේ වසර තුනට මහජනතාවට ලැබුණු තෑගි මල්ල ලැජ්ජයි

Main News