ඉන්දියාවෙන් ගෙනා මත්ද්‍රව්‍ය කිලෝ 98ක් උතුරු වෙරලේදී අත්අඩංගුවට

January 7, 2018 at 8:02 am | lanka C news
ඉන්දියාවෙන් ගෙනා මත්ද්‍රව්‍ය කිලෝ 98ක් උතුරු වෙරලේදී අත්අඩංගුවට

යාපනය වැල්වැටිතුරේයි මුහුදු වෙරළ තීරයේදී ඉතා සූක්ෂමව සගවා තිබූ කේරල ගංජා, අබිං, සහ හෂීස් කිලෝ ග්‍රෑම් 98 ක් තිබියදී නාවික හමුදාව විසින් ඊයේ (06) දින අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධාන මූලස්ථානයට අයත් නාවික හමුදා භට පිරිසකට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වැල්වැටිතුරේයි මුහුදු වෙරලේ සිදු කළ පුලුල් සෝදිසි මෙහෙයුමකදී අදාල මත්ද්‍රව්‍ය තොගය හමු වී ඇත..

මෙසේ හමු වූ මත්ද්‍රව්‍ය අතර කේරලගංජා කිලෝ 90 ක් , අබිං කිලෝ 04 ක් සහ හෂීස් කිලෝ 04 ක් හමු වී ඇති අතර අදාල මත්ද්‍රව්‍ය තොගය සැගවූ පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම පිරිස්ද සොයා නාවික හමුදාව හා වැල්වැටිතුරෙයි පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

වැල්වැටිතුරෙයි මුහුදු තීරයේ සගවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය විශේෂ ආවරණ වල බහා තිබූ අතර මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයේන් ඉන්දියාවේ සිට ගෙනවිත් මෙසේ සගවා පසුව දකුණට ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට ඇති බවට නාවික හමුදාව විසින් සැක පල කර සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

976 Viewers

One Comment to “ඉන්දියාවෙන් ගෙනා මත්ද්‍රව්‍ය කිලෝ 98ක් උතුරු වෙරලේදී අත්අඩංගුවට”

  1. ජනක says:

    තව තවත් උතුරේ සහ නැගෙනහිර හමුදා කඳවුරු නාවික කදවුරු ඉවත් කරමු ඉතුරුවෙලා තියෙනවනම් .
    සිරිසේන මේ කරපු දේවල් ගැන සතුටු ඇති නේද ?

Leave a Comment

Main News