ඉන්දියාවේ අවධානම් මැලේරියා මදුරු විශේෂයක් මෙරටින් මතුවේ.. මර්ධනයත් අපහසුයි..

October 6, 2017 at 8:02 am | lanka C news
ඉන්දියාවේ අවධානම් මැලේරියා මදුරු විශේෂයක් මෙරටින් මතුවේ.. මර්ධනයත් අපහසුයි..

‘ඇනෝපීලිස් ස්ටීවන්සායි’ නැමති නව මැලේරියා මදුරු විශේෂයක් මන්නාරමෙන් හා වව්නියාවෙන් හමු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති අතරම ජනතාව තුලද බියක් ඇතිව තිබේ.

මෙම නව මැලේරියා මදුරු විශේෂය ඉන්දියාවෙන් පළමුව වාර්ථාවන අතර මර්ධනය කිරීමටද තරමක් අපහසු බවට සෞඛ්‍ය බලධාරින් කියා සිටිති.

ජාතික මැලේරියා මර්ධන ඒකකය සඳහන් කර සිටියේ නව මැලේරියා වාහක මදුරුවා තලෙයි මන්නාරම ප්‍රදේශයේ පේසාලේ ළිඳක තිබී පළමුව සොයානෙ ඇති අතර පසුව වව්නියාවේ බස්නැවතුම්පල ආසන්නයේ සහ ළිඳක තිබී හමු වූ බවටත්ය.

කෙසේ වෙතත් මේ දිනවල අදාල මදුරු කීටයින් සොයා වව්නියාව නගර ආශ්‍රිතව විශේෂ පරික්ෂණයක් සිදු කෙරෙන බවටද එම නිසා ජනතාව අනියත බියක් විය යුතු නොවන බවටද ජාතික මැලේරියා මර්ධන ඒකකය කියා සිටියේය.

මේ පිළිබඳව මහජන සෞඛ්‍ය නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතාගෙන් විමසීමේදී කියා සිටියේ,

‘මේ වන තුරු වව්නියාවෙන් එවැනි මදුරු විශේෂයක් හමු වුනත් එවැනි රෝගීන් කිසිවෙක් වාර්ථාවෙලා නැහැ එවැනි රෝගයක් පැතිරීමේ බියකුත් නැහැ අපිට නමුත් අපි මේ මදුරුවා පැතිරීම වලක්වා ගැනීමට තමයි මේ දවස් වල කටයුතු කරන්නේ මේ මදුරු වාහකයා නගර ආශ්‍රිතව සිටින මදුරුවෙක් ඒ නිසා අපි පිටරටින් එන මැලේරියා රෝගීනුත් බොහෝ ප්‍රමාණයක් හඳුනාගන්නවා සෑම වසරකම නමුත් පිටරටින් එන රෝගීන් අතර මේ මදුරු විශේෂයේ රෝගීනුත් ඉන්නවනම් මෙය පැතිරෙන්නටත් පුලුවන්’ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,854 Viewers

One Comment to “ඉන්දියාවේ අවධානම් මැලේරියා මදුරු විශේෂයක් මෙරටින් මතුවේ.. මර්ධනයත් අපහසුයි..”

  1. Shan says:

    හරිම සන්තෝසයි ජනදිපතිතුමෝ, මැලේරියාව විතරයි අඩු වෙලා තිබුනේ… දැන් එකත් හරි…..

Main News