ඉන්දියාවේ ගෙනා ‘මාවා’ මත්ද‍්‍රව්‍ය කිලෝ 100ක් සමග 3ක් උතුරේදී අත්අඩංගුවට..

December 25, 2017 at 6:48 pm | lanka C news
ඉන්දියාවේ ගෙනා ‘මාවා’ මත්ද‍්‍රව්‍ය කිලෝ 100ක් සමග 3ක් උතුරේදී අත්අඩංගුවට..

ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනා ගංජා මිශ‍්‍ර දුම්කොළ නොහොත් මාවා නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු පේදුරුතුඩුව ඉම්බසෙට්ටි ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව පොලිසිය පැවසීය.

පේදුරුතුඩුව පොලිසිය පැවසූවේ නාවික හමුදා උත්තර වෙරළාරක්ෂක නිළධාරීන්ට ලද තොරතුරක් මත පොලිසිය සමග ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පේදුරුතුඩුව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40,45 හා 47 ක් වන සැකකරුවන් වන අතර ඔවුන් පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.

සැකකරුවන් දීර්ඝ කාලයක සිට ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවද පොලිසිය අනාවරණය කොටගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු මහතාගේ නියෝග යටතේ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,022 Viewers

2 Comments to “ඉන්දියාවේ ගෙනා ‘මාවා’ මත්ද‍්‍රව්‍ය කිලෝ 100ක් සමග 3ක් උතුරේදී අත්අඩංගුවට..”

  1. lion says:

    ෆෙඩරල් දුන්නනම් කොහොම තියේද?

  2. sinha le says:

    ඊලමට පාර කපන ෆෙඩරල් මර උගුල පරදවමු

Main News