ඉන්දීය ධිවරයින් 8ක් සමග ට්‍රෝලර් යාත්‍රාවක් උතුරු මුහුදේදි අත්අඩංගුවට…

November 6, 2017 at 2:10 am | lanka C news
ඉන්දීය ධිවරයින් 8ක් සමග ට්‍රෝලර් යාත්‍රාවක් උතුරු මුහුදේදි අත්අඩංගුවට…

යාපනය වෙත්තිලකේනි මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු හා ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත.

උතුරු නාවික විධාන මූලස්ථානයට අයත් යාත්‍රාවකට වෙත්තිලකේනි ප්‍රදේශයට ඊශාන දෙසින් වූ මුහුදු තීරයේදී අදාල ඉන්දීය ධීවර යාත්‍රාව නිරීක්ෂණය වීමෙන් අනතුරුව අදාල ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී ඉන්දීය ධීවරයින් විසින්අල්ලා තිබූ මසුන් තොගයද අත්අඩංගුවට ගෙන ඇති අතර ධීවරයින් පිරිස යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

339 Viewers
Main News