ඉන්දීය මාධ්‍ය උගුලේ මහින්ද නොවැටේ… සුපිරි රාජතාන්ත‍්‍රිකයකු සේ පිළිතුරු දෙයි..[Video]

September 12, 2018 at 2:10 pm | lanka C news
ඉන්දීය මාධ්‍ය උගුලේ මහින්ද නොවැටේ… සුපිරි රාජතාන්ත‍්‍රිකයකු සේ පිළිතුරු දෙයි..[Video]

ඉන්දීය සංචාරයක නිරත වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එරට මාධ්‍යවේදීන් විසින් සිදු කරන ලද ප‍්‍රශ්න කිරීමකදී ඉතා රාජතාන්ත‍්‍රිකව ඊට පිලිතුරු දෙනු ලැබීය.

හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට ඉන්දීය අධිකරණය තීරණය කිරීම ගැන මතය විමසීමේදී මෙම තත්වය දැකගත හැකි විය.

රාජපක්‍ෂ මහතා එහිදී කියා සිටියේ මෙම සිදුවීම ඉන්දියාවේ අභ්‍යන්තර කටයුත්තක් බවයි.

මේ සම්බන්දයෙන් තමන් අදහස් පල නොකරන බවත් ශ‍්‍රී ලංකාවේදී අදාල අයට දඬුවම් දුන් බවත් ඒ මහතා සදහන් කලේය.

36,303 Viewers

11 Comments to “ඉන්දීය මාධ්‍ය උගුලේ මහින්ද නොවැටේ… සුපිරි රාජතාන්ත‍්‍රිකයකු සේ පිළිතුරු දෙයි..[Video]”

  1. Saradiel says:

    රජිව් ගාන්ධි ඝාතනය පිළිබඳ ව ඉන්දියාව කොටි නායක වේළුපිල්ලේ පිරභාහරන් ඇතුළු කොටි සාමාජිකයන් 15 දෙනෙකුට විරුද්ධ ව නඩු පවරන ලදී. කොටි නායකයා 2009 දී ඝාතනය වීමෙන් පසු ව ඔහුට එරෙහි ව පැවති චෝදනා ඉවත් කර ගනු ලැබීය.

    මුරුගන්, ශාන්තන් හා පෙරරිවලන් නම් තිදෙනාට නඩු විභාගයෙන් පසු ව මරණ දඬුවම නියම විණි. මුරුගන් හා සාන්තන් යාපනේ දෙමළ ජාතිකයන් වන අතර පෙරරිවලන් ඉන්දීය දෙමළ ජාතිකයෙකු වේ.

    1998 දී ඔවුන්ට මරණ දඬුවම නියම වීමෙන් පසු ව අභියාචනයක් කළ නමුත් එය විභාග කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 1999 දී මරණ දඬුවම තහවුරු කර තිබේ. 2011 සැප්තැම්බර් 09 වැනි දා ඔවුන් එල්ලා මැරීමට නියමිත ව තිබුණ ද එය කල් දැමිණි.

    මුරුගන්ගේ බිරිඳ වූ ඝාතනයට අනුබල දුන් නාලනීට ද මරණ දඬුවම නියම වුවත් ඇය බන්ධනාගාරයේ දී මවක්‌ වූ නිසා ඇගේ මරණ දඬුවම ඉවත් කර ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමක්‌ පනවා ඇත.

    බලවත් ඉන්දියාවේ අගමැතිවරයා ව සිටි රජීව් ගාන්ධි ඝාතක ත්‍රස්ත සාමාජිකයින්ගේ මරණ දඬුවම ලිහිල් කරන ලෙස ඩීඑම්කේ පක්‍ෂයේ නායක එම්. කරුණානිධි, ඒඅයිඒඩීඑම්කේ පක්ෂයේ නායිකා ජයලලිතා ජෙයරාම් මෙන් ම වයිකෝ ද වරින්වර ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

    වරදකරුවන් සමාව ඉල්ලා ඉන්දීය ජනාධිපතිනිය වෙත ද ඉල්ලීමක් කළ නමුත් ඇය එය ඉවතා දැමුවාය. රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ කොටි සාමාජිකයන්ට සමාව ලබාදීමට කිසිලෙසකින් එකඟ නොවන බව ඉන්දීය කොංග‍්‍රස් පක්ෂය ද අවධාරණය කර තිබේ.

  2. LION says:

    ජේ ආර් ජයවර්ධන මහතාට 1987 දී යුද්ධය ඉවර කිරීමට බොහෝ ඉඩ තිබිණි. වඩමරච්චි සටන තව මාසයක් ඉදිරියට යාමට හැකියාවක් තිබුණා නම් මෙම යුද්ධය අවසන් වෙන්නේ 1987 දීය. ඉන්දියාවේ දරුණු බලපෑම නිසා එක කල නොහැකි විය. එයට හේතුව ඉන්දියාවේ සමාජවාදී අර්ථික ක්‍රමය ප්‍රතිවිරුද්ධ එවකට රටවල් කිහිපහයක අති සාර්ථක වූ වෙලඳ පොල ආර්ථික ක්‍රමය ලංකාවේ හඳුන්වා දීම නිසා සහ ඔවුන්ගේ මිත්‍ර සිරිමා බණ්ඩාරණායකට විරුද්ධව ක්‍රියා කල රජය මට්ටු කිරීමට ඔවුන්ම කිරිපොවා අයුධ දී , පුහුණුව දී ගොඩ නැංවූ ත්‍රස්තවාදී සංවිධාන පහ (EPRLF, TELO, EROS, PLOTE & LTTE ) විනාශ වීම වැලැක්වීමටය.එම අවස්ථාවේ රාජපක්ෂ වැනි රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නොවුන ජනාධිපති කෙනෙක් සිටියා නම් එදා රට දෙක කැඩී යාමට ඉඩ තිබිණි. එම කාලයට ආසන්නම දෙකට කැඩුණු රට වූයේ සයිප්‍රසයයි. එය හැදුණේ ග්‍රීසිය විසින් තුර්කිය ආක්‍රමණය කොට ග්‍රීක් සම්භවයක් ඇති තුර්කියේ කොටසක් කඩා නව රටක් බිහි කිරීමයි. දෙමල බෙදුම්වාදීන්ද ඉන්දියාවෙන් බලාපොරොත්තු වූයේද එයයි.

  3. PULATHISI says:

    VERY GREAT SIR.

    LONG LIVE NATIONAL LEADER OF SRI LANKA MAHINDA RAJAPAKSA ESQ.

  4. Kadiya says:

    මහින්ද රාජපක්ෂ මහතා හැමදාම හැමතනකදීම රටේ ගෞරවය රැකගත්තා. එතුමාට බොරු චෝදනා නිර්මාණය කරණ අය ඒවා බොරු බව හොඳටම දන්නවා. නමුත් ඒවා මධ්‍යයේ කියන අය සහ කමෙන්ට්ස් ලියන අය වගේම ප්‍රචාරය කරණ අය ඒවායේ ඇත්ත නැත්ත නොදැන කාට හරි චෝදනා කිරීමෙන් ලැබෙන කුණු රස පිරි තෘප්තිය සන්තර්පණය කරගන්න ඔහේ කියවනවා. තවත් කොටසක් ජනතාව නොමඟ යවා බලය රැකගන්න බොරු චෝදනා කරමින් ඉන්නවා. එතුමාගේ මෙම සුපිරි ගතියට සතුරෝ බයයි, එනිසයි එතුමාට එරෙහිව බොරු කියා අපහාස කරන්නේ. සැමදා සැමදෙනාම රැවටිය නොහැකිබව බොරුකාරයෝ මතක තබා ගත යුතුය.

    • සීගිරි says:

      ජෙප්පො මහින්දට විරුද්ධව අභූත චෝදනා කරන්නෙ ඉදිරියටත් මේ ජඩපාලන UNP ආණ්ඩුව බලයේ තියාගන්ඩ සහ මීලඟ ජනාධිපති වරනයේදී රනිලා දිනවන්ඩ.

  5. Ranga says:

    The way he walks, behaves ,answers, gestures everything matches to a great leader.

    • Christopher says:

      Exactly!

      He is the only leader in the modern history, who defeated a ruthless and barbaric terrorist outfit by military means.

  6. THILAK says:

    JEPPANGE ANURA &HERATH NAWATHINNE UNP EKE APITA DUKA ARA LAL KANTHA WAGE AYATA

  7. David Milli-banda says:

    He makes me proud…………….. Oh ! this was our once upon a time President who yet behaves like a powerful personality that he was.

    He is a King alright………….. His manner, moves, answers, gestures and everything about him speaks for itself.
    But I do not want Namal anywhere near him. He has time and needs about another 10-15 years to mature.
    Mahinda must not fast track Namal.

  8. D.Nimal says:

    Well no need to tell MR has play crucial role during war against Tami Terrorist in 2009 as leader by far sight vision? That is more than diplomocy ! This not that “Dayan Jayatilake so-called diplomocy !!!! $$$ @@

  9. P Ekanayake says:

    Great reply. Great personality As true leader. Not like current cheap politicians

Main News