ඉන්ධන අලෙවියෙන් රජයට විශාල ලෙස පාඩුයි.. ඉක්මනටම මිල සූත‍්‍රයක් ගේනවා..

March 27, 2018 at 8:02 am | lanka C news
ඉන්ධන අලෙවියෙන් රජයට විශාල ලෙස පාඩුයි.. ඉක්මනටම මිල සූත‍්‍රයක් ගේනවා..

මේ වන විට සහන මිලට ජනතාවට ඉන්ධන ලබා දෙන්නේ රජය විශාල පාඩුවක් දරා ගනිමින් බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි.

ඩීසල් ලීටරයකින් රුපියල් 6-7ක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14-16ක්, භූමිතෙල් ලීටරයකින් රුපියල් 48ක් පාඩුවක් වන්නේ යයිද ඔහු කියා සිටී.

මේ තත්වය මත ඉතා ඉක්මනින් මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

5,232 Viewers

2 Comments to “ඉන්ධන අලෙවියෙන් රජයට විශාල ලෙස පාඩුයි.. ඉක්මනටම මිල සූත‍්‍රයක් ගේනවා..”

  1. සුත්‍ර පුංචා says:

    අපිට සුත්තර අවශ්‍ය නැහැ. හොදම ක්‍රමේ තමයි 50% කින් සේරම ඉන්ධන ජාති වැඩි කරන එක. එත කොට පාඩුත් නැහැ. පොඩි ලාබෙකුත් තියනවා මහ එවුන්ගේ ගසා කෑමට. රටට ජනතාවට හෙන ගැහුවත් කමක් නැහැ ඉතිරි අවුරුදු දෙකේ මේක කලාම පලයල්ලා.

  2. සීගිරි says:

    ඔය සූත්තරේ අපි දන්නවා …..පාර්ලිමේන්තුවේ ඉන්න කප්පම් කල්ලිය ජනතාව කොල්ලකාලා ණය ගෙවනවා…..පාර්ලිමේන්තුවෙන් කලට වේලාවට අකුරට ඉටු වෙන වැඩේ මේ ණය ගෙවිල්ල ….මොකා ආණ්ඩු කලත් මේ නින්දිත වැඩේ තමා ඉටු කරන්නට තියෙන ප්‍රධාන වැඩේ…

Main News