ඉන්ධන මිල ඉහල ජනතාවට බඩට වදී.. සියළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහලට..

September 11, 2018 at 12:40 pm | lanka C news
ඉන්ධන මිල ඉහල ජනතාවට බඩට වදී.. සියළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහලට..

රජය විසින් ඉන්ධන මිළ වැඩි කිරීමත් සමග සියලු භාණ්ඩ හා සේවාවන්හි මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනටමත් ප්‍රවාහන සංගම් කිහිපයක් ම සිය ප්‍රවාහන ගාස්තු ඉහල නංවන බවට ප‍්‍රකාශයට පත් කර ඇත.

බස් සංගම් ද අද හෝ හෙට දින රැුස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සඳහන් කරයි.

බේකරි නිෂ්පාදන මෙන්ම සියලු ආහාර නිෂ්පාදනයන්හි මිළ ගණන් ද ඉතා ඉක්මනින්ම ඉහළ දැමීමට සිදුවන බව එම සංගම් නියෝජිත ද සඳහන් කර සිටිති.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම සියලු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වල ප්‍රවාහන වියදම් ඉහළ යෑම් නිසා මිල ඉහළ යාම සිදුවීමට නියමිත බවද වෙලදපල නියෝජිතයෝ කියා සිටිති.

8,948 Viewers

3 Comments to “ඉන්ධන මිල ඉහල ජනතාවට බඩට වදී.. සියළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහලට..”

  1. Niru says:

    This is the fault of our people. They thought Janabalaya was a joke. Some idiots complained that few roads are blocked due to it. Now they have to block their digestive system instead

  2. david milibanda says:

    deepalla hoya hpya Yahapalaneta chande./..

    Damn good lesson for the voter

  3. දැන් යහපාලනේ පටන් අරන් අවුරුදු 3කට වැඩියි.තාමත් පර්සි මහේන්ද්‍රගෙ කාලෙ තරම් ඉන්ධන හෝ වෙනත් පාරිභෝගික ද්‍රව්‍යවල මිල වැඩිවෙලා නෑ. ඒ නිසා නිකං අවලාද එපා. පර්සි මහේන්ද්‍රගේ අවසාන කාලෙ 2014 මුල සහ මැද බොරතෙල් මිල ඉහල වුනත් අගකාලෙ බොරතෙල් මිල දැනටත් වඩා අඩුවුනා. ඉහල දැම්මා මිසක් අධිකරණය නියෝගකරලවත් ඒ වාසිය ජනතාවට දුන්නද? දැන් එනව මෙතන කිඹුල් කඳුලු හලන්න.

Main News