ඉන්ධන මිල වැඩි කලාට නඩු දමයි..

July 12, 2018 at 4:40 pm | lanka C news

ඉන්ධන ජන ජීවිතය සදහා අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන නිසා එම භාණ්ඩය 2009 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 18:1 වගන්තිය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කොට මිල පාලනය කිරීම සදහා වාණිජ හා කර්මාන්ත ඇමතිවරයාට බල කරමින් නියෝගයක් ලබා ගැනීම සදහා අභියාචනාධිකරණයේ නඩු පැවරීමට පෙර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයයේ උපදෙස් මත පරිදි සිවිල් නඩු විධිවිධාන සංග්‍රහයේ 146 වගන්තිය යටතේ නීතීවේදී විකුම් බස්නායක මහතා විසින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා වෙත කරන ලද දැනුම් දීම මෙහි දැක්වෙයි.

අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් මහතා
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
කොළඔ 03.

සිවිල් නඩු විධාන සංග්‍රහයේ 461 වගන්තිය යටතේ කරනු ලබන දැනුම් දීමයි.

බොරලැස්ගමුව කටුවාවල අංක 191 යන ලිපින‌ෙය් පදිංචි හික්කඩුව විතානගේ රංජිත් පුෂ්පකුමාර යන මාගේ සේවාදායකයාගේ උපදෙස් මත පහත කරණු ලියා දන්වමි.

මෙරට ආර්ථිකයට හා ජනජීවිතයට අතිශය තීරාණාත්මක භාණ්ඩයක් වන ඉන්ධන එනම් පෙට්‍රල් ඩීසල් භුමිතෙල් ගෑස් (මේවන විටත් වියයුතු පරිදිම ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්කර ඇත.) මිල වරින් වර උච්චාවචනය වීම නිසා රට තුළ සමස්ත භාණ්ඩ මිල ඉහළයාම තුළින් ජනජීවිතයට බලපෑමි එල්ල වීම් පමණක් නොව රටතුළ යම් අර්බුදකාරී තත්වයක් නිර්මාණය වීමට හේතුවී ඇත.

පසුගිය දින එනම් 2018 ජූලි 5 වන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කරන ලද අතර 2018 ජූලි මස 6 වන දින නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසන්නේ සිය ඉන්ධන පිරවුම්හල් සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිවේදනය බලාත්මක නොවන අතර ඒ අනුව පෙර පැවැති මිලටම ඉන්ධන අලෙවි කරන ලෙසයි.

ඒ අනුව මේවන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල් හා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන අලෙවිනිරීමේදී මිල ගණන් අතර විශාල වෙනසක් ඇත. මෙසේ කටයුතු කිරීම නිසා ඉන්ධන පාරිභෝගිකයන් පමණක් නොව සමස්ත ජනතාවම විශාල වශයෙන් අපහසුතාවයට පත්වී අති අතර ඉන්ධන අලෙවි කරනු ලබන සමාගම් ද යම් අර්බුදකාරී තත්වයන්ට පත්ව ඇත

මාගේ සේවාදායකයාගේ උපදෙස්මත මත ප්‍රකාශකර සිටින්නේ එකම ආකාරයට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බොරතෙල් පිරිපහදු කර ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් එකම මිලකට අලෙවි කරනු ලබන ඉන්ධන සමාගම් දෙකකට අයත් පිරවුම්හල් මගින් මිල ගණන් දෙකක් යටතේ අලෙවි කිරීම තුළින් සියලු සමානාත්මතා මූලධර්ම උල්ලංඝණය කර ඇති ඇති බවයි.

ඒ අනුව මාගේ සේවාදායකයාගේ උපදෙස්මත මත තව දුරටත් ප්‍රකාශකර සිටින්නේ ඉහත සදහන් කරන්නට යෙදුනු ගැටලු කාරී තත්වය මග හරවා ගැනීම සදහා ඇති එකම හා තීරාණාත්මක විසදුම ලෙස 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 18 (1) වගන්තියේ දක්වා ඇති ප්‍රතිපාදන අනුව යමින් එකී භාණ්ඩය වන ඉන්ධන ‘’නිෂ්චිත භාණ්ඩයක්’’ ලෙස නියම කරනු ලැබිය යුතු බවයි.සේ කිරීම උක්ත පනතේ පූර්විකාවට හා එම පනත සම්මත කිරීමේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා ද ඉවහල් වන බවයි. එසේම එම පනතේ අර්ථ නිරෑපනය සදහන් වන 75 වගන්තිය කෙරෙහි අවධානය යොමු කිරීමේදී ද ‘’භාණ්ඩ’’ යන්නෙන් ‘’ ඉන්ධන’’ ද අදහස් වන අතර එසේම ඉන්ධන යන්නෙන් පැට්‍රෝලියම් නිෂ්පාදන, තෙල් යනාදියද අදහස් වන බව නිෂ්චිතවම දක්වා ඇත.

එසේ හෙයින් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ 18 (1) වගන්තිය අනුව ඉන්ධන ‘’නිෂ්චිත භාණ්ඩයක්’’ ලෙස දින 30 ක් තුල නියම කරන ලෙසත් එසේ නොකළ හොත් ඔබට එරෙහිව නෛතික සහ අධිකරණ පියවර ගන්නා බවත් මෙයින් කියා සිටිමි.

********

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

7,484 Viewers
Main News