ඉන්ධන මිල වැඩි කලේ බොරතෙල් මිල නොවේ.. ඇත්ත හේතුව මෙන්න..

September 11, 2018 at 10:40 am | lanka C news
ඉන්ධන මිල වැඩි කලේ බොරතෙල් මිල නොවේ.. ඇත්ත හේතුව මෙන්න..

රජය විසින් ඊයේ මද්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මිල සූත්‍රයට අනුව කියා ඉන්ධන මිල ඉහළ දැමුවේ ඛණිජ තෙල් සංස්ථාවේ වංචා දූෂණ නිසා

ජනතාව කිසිම දිනක දැක නැති හා ජනතාවට බලා ගැනීම සදහා ඉදිරිපත් කර නැති ඉන්ධන මිල සූත්‍රය නැමැති ‌‌ගෝනි බිල්ලා ඉදිරියට දමා එක් රැයකින් ඉන්ධන මිල ඉහළ දමන්නේ ඛණිජ තෙල් සංස්ථාවේ මේ වන විට සිදු වන මහා පරිමාන වංචා දූෂණ නිසා බව අප සංවිධානය වෙත දැන ගැනීමට ලැබී ඇත.

ඇමතිවරයාගේ නෑදෑ හිතවතුන් විසින් මේ වන විට ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරනු ලබන අතර ඔවුන් විසින් හිතුමතේ ඛණිජ තෙල් සංස්ථාවේ මුදල් කාබාසිනියා කර දමමින් සිටී. එයට ආසන්නම උදාහරණය වන්නේ 1996 ලෝක කුසලානය දිනාගත් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඇමතිවරයා විසින් භෝජන සංග්‍රහයක් පැවැත්වීමය.

තවද ඛණිජ තෙල් පිරිපහදුවේ අතුරැ ඵලයක් ලෙස ඉවත් කරනු ලබන දැවි තෙල් සදහා වෙනත් රසායනික යොදා අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ඛණිජ තෙල් සංස්ථාව තුළ ක්‍රියාත්මක අතර මීට මාස කිහිපයකට පෙර ඒසේ කවලම් කරන ලද තෙල් අඩංගු බවුසර් දෙකක් අත්අඩංගුවට ගෙන නියමිත පරීක්ෂණ වලින් පසුව එම බවුසර් දෙකේ අඩංගු දැවි තෙල් නැවත සපුගස්කන්ද පිරිපහදුව වෙත යැවූමට නියෝග කරනු ලැබුවත්  විමර්ශණ අංශයේ සේවයේ නියුතු ඇමතිවරයාගේ සමීප නෑයකුගේ මැදිහත් වීම මත එම බවුසර් දෙක නැවත හිමිකරැවන් වෙත නිකුත් කර ඇත.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සිදුවන මහාපරිමාන වංචා දූෂණ   ඉදිරියේදී හෙළි කිරීමට අප සංවිධානය බලාපොරොත්තුවෙන් සිටී.

ඛණිජ තෙල් සංස්ථාවේ සිදුවන වංචා දූෂණ නිසා සමස්ත ඉන්ධන පාරිභෝගිකයින්ට වන්දි ගෙවීමට සිදුවීමත් රජය මේ පිළිබදව කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීමත් කණගාටුදායකය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

15,873 Viewers

2 Comments to “ඉන්ධන මිල වැඩි කලේ බොරතෙල් මිල නොවේ.. ඇත්ත හේතුව මෙන්න..”

  1. Purawasiya says:

    Naduth haamuduruwange- Baduth haamuduruwange!
    Watath niyarath goyam kaanam kaata pawasam e awanaduwa!
    Un apita nelanawa – Apita un nelanawa! Api apitama nelagannawa!

  2. Sira says:

    Meyada 62lakshya pathoo wenase kotasakmaya. AAdarayen welenda ganna. Yahapaalanayata jayawewa.

Main News