ඉන්ධන මිල වැඩි කිරීමට රජයත් සුදානම්..

March 27, 2018 at 12:00 pm | lanka C news
ඉන්ධන මිල වැඩි කිරීමට රජයත් සුදානම්..

මිල සූත්‍රයක් හදුන්වා දෙන මුවාවෙන් රජය ඉන්ධන මිල වැඩි කිරීමට සැරසෙන බව පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ඉන්දියානු ඔයිල් සමාගමට ඉන්ධන මිල වැඩි කිරීමට ඉඩ දුන් රජය තව දවස් කිහිපයකින් ලංකා ඛනිජ සම්පත් මණ්ඩලයටද  ඉන්ධන මිල වැඩි කිරීමට අනුමැතිය දීමට සූදානම් වන්නේ මිල සූත්‍රයට මුවාවීමෙන්ය.

ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සීග්‍රයෙන් අඩු වූ අවස්ථාවේ එම මිල අඩු වීමේ  වාසිය පාරිභෝගිකයාට ලබා දෙන ලෙසට අප සංවිධානය විසින් ඉල්ලීම් කලද  ලංකා ඛනිජ සම්පත් මණ්ඩලය එම අවස්ථාවේ ප්‍රකාශ කලේ මිල සූත්‍රයක් හදුන්වාදුන් පසු ඉන්ධන මිල අඩුකරන බවයි.

එහෙත් ඊට පසුව ලංකා ඛනිජ සම්පත් මණ්ඩලය පැවසූවේ ඉන්ධන සදහා මිල සූත්‍රයක් සැකසීම ප්‍රයෝගික නොවන බවයි.

ලංකා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ටවරයා දැන් පවසන්නේ පෙට්‍රල් සහ ඩීසල් අලවිකිරීමෙන් ලංකා ඛනිජ සම්පත් මණ්ඩලයට පාඩුවක් සිදුවන බැවින් ඒ සදහා මිලසූත්‍රයක් සකසන බවය.

ඉන්ධන මිල වැඩි කිරීමෙන් සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහල යන බැවින් මිලසූත්‍රය නම් මිරිගුවට මුවාවී ඉන්ධන මිල වැඩි නොකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

11,917 Viewers

2 Comments to “ඉන්ධන මිල වැඩි කිරීමට රජයත් සුදානම්..”

  1. බන්ඩා says:

    අප වැනි නැගී එන තුන්වන ලෝකයේ රට වලට ලෝක වෙළද පොලේ ඉල්ලුම සැපයුම අනුව හැම භාන්ඩයකම මිල ඉහල පහල දැමිය නොහැකි බවය් මගේ අදහස. රජයට අාර්තික දැක්මක් සහ ප්‍රතිපත්තියක් තිබිය යුතුය්. ඒ අනුව බදු අඩු වැඩි කර අය කල යුතු බවය් මගේ අදහස. යහපාලනයට නැත්තෙත් ඒකමය්.

  2. Open mind says:

    තවමත් 2015.1.08 පෙර පැවති මිලට වඩා අඩුයි මං හිතන්නෙ.

Main News