ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසය ආසාදිත රෝගීන් බිය වෙන්න එපා..

April 16, 2017 at 2:19 am | lanka C news | ලංකා සී නිවුස්
ඉන්ෆ්ලුවෙන්සා H1N1 වෛරසය ආසාදිත රෝගීන් බිය වෙන්න එපා..

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන ඉන්ෆ්ලුවෙන්සා H1N1වෛරසය පිළිබදව ජනතාව දැනුවත් කිරීමෙි වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවෙි ස්ථාන කිහිපයකින් H1N1 වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා වී ඇත. මෙම වෛරසය ආගන්තුක වෛරසයක් නොවෙි. සැම වසරකම දෙසැම්බර් – පෙබරවාරි කාලය තුළත්, මැයි සිට ජුලි දක්වා කාලය තුළත් වෛරසය පැතිර යයි. පාරිසරික හා කාලගුණික වෙනස්වීම් මත වෛරසය පැතිර යයි. මෙම වෛරසය වැළදුන රෝගීන්ගේ වාර්තාවීම් අඩු වී තිබෙි. විශේෂයෙන්ම ළදරුවන් ගැබිනි මාතාවන්, කිරිදෙන මවිවරුන් ආරක්ෂා වීම ඉතා වැදගත් වෙයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

2,871 Viewers
Main News