ඉරණතිව් ඉඩම් ඉල්ලා විරෝධතා..

April 25, 2018 at 5:30 pm | lanka C news
ඉරණතිව් ඉඩම් ඉල්ලා විරෝධතා..

වසර 26 ක් පුරාවට සිය මුල් ඉඩම් අහඅමි වූ ඉරණතිව් දූපතේ මුල් පදිංචි කරුවන් විසින් සිය මුල් ඉඩම් ඉල්ලා සිදු කළ සත්‍යග්‍රහට වසරක් පිරීම නිමිත්තෙන් ඉරණතිව් මාතානගර් කතෝලික දේවස්ථානය අසලදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

ඉරණතිව් මුහුදු වෙරල ආසන්නයේ පිහිටි මාතානගා කතෝලික දේවස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කොට තිබූ අතර මේ සඳහා ඉරණතිව් දූපත් වාසීන් හා උතුරේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක්ද සහය ලබා දී තිබුණි.

විරෝධතාවයේ නිරත වූ වැසියන් කියා සිටියේ ,

‘1992 වසරේ සිට ඉරණතිව් දූපත තමන්ට අහිමි වූවේ එවකට පැවති යුදමය වාතාවරනය හේතූන් මත නිසාවෙන් බවටත් පසුව 2007 වසරේ සිටම තම දූපත වූ ඉරණතිව් දූපත වෙතට පැමිණීමට අවස්ථා කිහිපයකදීම ගත් උත්සහයන් අසාරථක වූ අතරම පසුව 2009 වසරේදී යුද්දය අවසන් වීමෙන් පසුව තම මුල් ඉඩම් හිමි වේවි යන බලාපොරෝත්තුවෙන් සිටියද පැවති රජයන් හා වත්මන් රජයද මේ දක්වා තම බලාපොරොත්තු ඉටු කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවටත්ය.

මේ හෙතුව නිසාම පසුගිය 2017 වසරේදී සියමුල් ඉඩම් ඉල්ලා ඉරණතිව් වැසියන් පිරිසක් සත්‍යග්‍රහයක නිරත වුවද එම වැසියන්ගේ ඉල්ලීම් වෙනුවෙන් අවධානයක් යොමු කිරීමට කිසිදු බලධාරියෙකු මේ දක්වා පියවර නොගැනීමෙන් යුද්දයෙන් අවතැන් වූ ජනතාව තවත් විපතට පත් කිරීමේ ක්‍රියාවක් මේ වන විටත් සිදු වි ඇති බවට එම වැසියන් කියා සිටිති.

වසර 26 කට පෙර යුද්දය හේතුවෙන් ඉරණතිව් දූපතේ සිටි පවුල් 200 කට පමණ සිය මුල් ඉඩම් අහිමි වූ බවටත් සිය මුල් ඉඩම් අහිමි වන අවස්ථාවේදී ඉරණතිව් දූපතේ වැසියන්ට අයත් නිවාස 125 ක් හා පානීය ළිං 5 ක් මෙන්ම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් පිහිටි  බවටද එම වැසියන් කියා සිටිති.

විරෝධතාවය අවසානයේ ඉරණතිව් නාවික හමුදා කඳවුරේ නිලධාරීන් හමු වූ විරෝධතාකරුවන් අදාල ගැටලුව ඉදිරිපත් කළ අතර නාවික හමුදා නිලධාරීන් කියා සිටියේ අදාල ගැටලුව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ වගකිව යුත්තන් සමගසකාච්ඡා කොට විසඳුමක් ලබාගන්නා බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,444 Viewers

4 Comments to “ඉරණතිව් ඉඩම් ඉල්ලා විරෝධතා..”

  1. Saradiel says:

    Send these racist Tamil back to Tamil nadu ..This is Sinhalese Motherland .No one has taken the Tamils’ land or settled in their areas Stop Tamil eelam Terrorism in SriLanka
    .NO need to settle tamils in our lands
    President Sirisena ,Why not Ban TNA Terrorist party ? Why not arrest these Eelam tamil terrorists?

    • Patriot says:

      Idiot! how can these be racist tamils????
      they are asking for their lands –
      what would happen if you were chased away from your land???

  2. SUNIMAL says:

    STOP TAMIL EELAM TERRORISM IN NORTH SRI LANKA

  3. SARA says:

    How Many Homelands ,HOW MANY LANDS Do The Jaffna Tamils Need?
    All Tamils who migrated from S. India had “the Dravidian foundation” tattooed in the back of their minds.T hey are confused in their divided minds, not knowing whether they belong to Tamil Nadu or Jaffna. Their heart strings pulling strongly in the direction of a Dravidian homeland make them feel that they belong to Tamil Nadu primarily because of the glories of its history
    Tamils returning to their domiciled homes in alien lands abroad. So if their hearts and minds are in Tamil Nadu and only their body is in Jaffna where is their homeland? What is more, when they stare across the Palk Straits doesn’t it make amockery of their claim to have two homelands, one sitting next to another on the shores of the Indian Ocean? When the same people claim two homelands, one next another, won’t they be in two minds not knowing to which land they belong, particularly because all what they claim to be Tamil culture exist only in Tamil Nadu? This is Sinhala Motherland not Tamil homeland …Stop asking our lands in Srilanka ,go and ask tamil nadu
    Jaffna was a haven for the Vellala upper-caste but a suffocating hell-hole for the oppressed low-castes. Even the upper-caste had to either go to S. India or to the Sinhala south to get a breath of fresh air and breathe easily
    Shame on you racist Tamils in North & East

Main News