ඉරණතිව් වැසියන් මුල් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයට දින 140.. තවමත් විසඳුම් නෑ..

September 19, 2017 at 2:18 am | lanka C news
ඉරණතිව් වැසියන් මුල් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයට දින 140.. තවමත් විසඳුම් නෑ..

වසර 25 ක් පුරාවට තමන්ගේ අහිමි වූ මුල් ඉඩම් තමන්ට ලබා දෙන මෙන් ඉල්ලා කිලිනොච්චිය පුනරීන් ඉරණතිව් වැසියන් පිරිසක් ඉරණතිව්හි සිදුකරන සත්‍යග්‍රහයට දින 140 ක් ගතවුවද සිය ගැටලුවට වසඳුමක් නොමැති බවට එම වැසියන් කියා සිටිති.

මීට පෙර උපවාසයේ නිරත එම වැසියන් සිය මුල් ඉඩම් ඉල්ලා කිලිනොච්චියේ මෙන්ම කොළඹදීද විරෝධතා පවත්වා විසඳුම් ඉල්ලා සිටියද මෙතෙක් විසඳුමක් නොමැති වීමෙන් සිය උපවාසය නොනවත්වා සිදු කරනු ලබයි.

උපවාසයේ නිරතවන වැසියන් කියා සිටින්නේ 1992 වසරේදී පැවති යුදමය හේතූන් නිසා ජීවිත ආරක්ෂාව පතා ඉරණතිව් ප්‍රදේශයේ පදිංචි සියලු වැසියන් මුලංකාවිල් ප්‍රදේශයට පැමිණි බවටත් යුද සමයේදී ආරක්ෂක කඳවුරු ඉදිකළ අතර යුද්දය අවසන් වීමෙන් පසුව 2010 වසරේ සිට සිය මුල් ඉඩම් ඉල්ලුවද මෙතෙක් තමන්ට හමු නොවූ බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

635 Viewers
Main News