ඉහලම පුටුවල සිටින්නන් කුණුහරුප කතා, කුණුහරුප තේරවිලි, හිස් වචන සමාජයට මුදා හරිනවා.. ඉතින් සාහිත්‍ය කලාවක් කොහේද..

October 26, 2018 at 8:40 am | lanka C news
ඉහලම පුටුවල සිටින්නන් කුණුහරුප කතා, කුණුහරුප තේරවිලි, හිස් වචන  සමාජයට මුදා හරිනවා.. ඉතින් සාහිත්‍ය කලාවක් කොහේද..

සාහිත්‍ය කලාවෙන් පෝෂණය නොවුණු සිත් ඇති මිනිසුන්ට කළ නොහැකි අපරාධයක් නැති බවත් එය අද රටේ පාලකයන්ගේ හැසිරීමෙන් ද ඔප්පු වී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

අද සමස්ත සමාජයම අවුල් වී ඇති බවත් මෙයින් මිදීමට නම් ආත්මාර්ථකාමීතත්වයෙන් තොර කරුණාබරිත සිත් ඇති මිනිසුන්ගෙන් යුත් සමාජයක් ගොඩනගා ගත යුතු බව කී ඒමහතා ඒ සදහා සාහිත්‍ය කලාව උසස් තැනකට ගෙන ආ යුතු යැයි ද සදහන් කළේය .

හෙට්ටිගේ මහතා එසේ කීවේ මොරවක ලක්සර ග්‍රෑන්ඩ් රිසොර්ට් හි පැවති “ගී රස දැහැන ” ට එක් වෙමිනි .

එහිදීඒ මහතා මෙසේද කීය .

අද අපට ජිවත් වීමට සිදු වී තිබෙන්නේ හැම අංශයකින්ම කඩා වැටී ගිය සමාජ පරිසරයක .සමාජ ,ආර්ථික ,දේශපාලන ,සංස්කෘතික යන සියලු පැති පිරිහීගෙන යද්දී කුමක් කළ යුතුද යන තැන අප සියලු දෙනා සිර වී සිටිනවා .මේ ගත වෙන්නේ රට- ජාතිය ගැන හැගීමක් ඇති අය අවදි විය යුතු කාලයක් .මිනිසුන් නොමිනිසුන් වෙමින් යනවා .රස වින්දනය හීන නරුම පිරිසක් සමග ජිවත් වෙන්න ආමාරුයි .නරුමයන් රට පාලනය කරනවානම් එය භයානකයි .

ඉහළ තැන් වලින් අප්‍රසන්න දේ ගලා එනවනම් එය සමාජ දේහයටම බලපානවා. එවැනි තැන් වල සිටින අයගෙන් කුණුහරුප කතා කුණුහරුප තේරවිලි හා හිස් වචන නම් සමාජයට මුදා හැරෙන්නේ තවත් කුමන කතාද ?මෙවැනි පරිසරයක් තුළ සාහිත්‍ය කලාවේ ඉදිරි පැවැත්මට යහපතක් වෙයිද ?

සාහිත්‍ය රස වින්දනයක් නැති අයට කළ නොහැකි අපරාධයක් නෑ .ඒ අයට රටවල් විනාශ කරන්න පුලුවන් .රට මෙතරම් විපතකට වැටී තිබෙත්දීත් පාලකයන්ට කිසි හැගීමක් නෑ .මිනිසුන්ගේ දුක වේදනා දැනෙන්නේ නෑ .

ගීත සාහිත්‍යයෙන් රටට සමාජයට බොහෝ සේවාවක් කරන්න පුලුවන් .ගමින් ගම ඒ සදහා පෙළ ගැස්විය යුතුයි .ජාතියේ අධ්‍යාත්මය පුබුදු කරවන ජාන ලක්ෂණ සහිත ගීත අද අප සමාජයට අවශ්‍ය වී තිබෙනවා .

14,062 Viewers

4 Comments to “ඉහලම පුටුවල සිටින්නන් කුණුහරුප කතා, කුණුහරුප තේරවිලි, හිස් වචන සමාජයට මුදා හරිනවා.. ඉතින් සාහිත්‍ය කලාවක් කොහේද..”

  1. බන්ඩා says:

    ඇත්තටම ජනපති අගමැති සහ හංස සෙට් එකම ප්රගුන කොරල තියෙන්නෙ බොරැ කීමේ කලාවය්

    • නිශාන්ත ඩි එස් says:

      තේරවිල්ලක් කියල උඩ හිලෙ යට උල වදිනා කතාවක් කිව්වේ කවුද ?

  2. ඇත්තම කතාව ඔබතුමා මේ මොහොතේ කියල කරලා තියෙන්නේ … මේ වනවිට රටේ කලාව විතරක් නොව අනෙකුත් අංශද මොවුන් විනාස කර ඇත…

  3. sunimal says:

    අද සමස්ත සමාජයම අවුල් වී ඇත්තේ පහත් විදියට තිරගත කරන ටෙලි නාටි නිසාය

Main News