ඊළග මැතිවරණයෙන් පසු අලූත් ආණ්ඩුව යටතේ යහපාලන ලොක්කන් ජීවිතාන්තය තෙක් හිරේ..

May 15, 2018 at 2:10 pm | lanka C news
ඊළග මැතිවරණයෙන් පසු අලූත් ආණ්ඩුව යටතේ යහපාලන ලොක්කන් ජීවිතාන්තය තෙක් හිරේ..

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරු වුණත් ඊළඟ ජනාධිපතිවරණයේ දී ආණ්ඩුවට හැප්පෙන්නට සිදුවන්නේ එසේ මෙසේ බලවේගයක් සමඟ නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ආණ්ඩුවේ සියලු බ‍ලවේග එක මිටට ගෙන පරාජය කිරීමේ හැකියාව ඒකාබද්ධ විපක්ෂයට ඇති බව පැවසූ රණතුංග මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී දණින් වැටුණු ආණ්ඩුව ඊළග මැතිවරණයේ දී හොම්බෙන් යැවීමට තමන් සූදානම් බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ උඩුගම්පොළ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අද ආණ්ඩුවේ ලොකුම ප්‍රශ්නය බවට පත්වෙලා තියෙන්නේ ලබන අවුරුද්දේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ‍ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා කවුද කියන එකයි. ඒකෙන් පේනවා ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගිය අවුරුදු තුන තුළ රටේ ඇති කරපු මහා ප්‍රතිවිරෝධයට ආණ්ඩුව කොයිතරම් බයවෙලා ‍‍‍‍ද කියන එක.

අපේ අපේක්ෂකයා තෝරනකම් බලන් ඉන්නේ නැතුව තමන්ගේ අපේක්ෂකයා කවුද කියලා දැන්ම තෝරගන්න කියලා මම ආණ්ඩුවට කියනවා. මොනවා වුණත් ඊළඟ ජනාධිපතිවරණයේ දී හැප්පෙන්න වෙන්නේ එසේ මෙසේ අපේක්ෂකයෙක්, එසේ මෙසේ බලවේගයක් එක්ක නෙමේ කියලා මතක තබාගත්තොත් හොඳයි.

ආණ්ඩුවේ අපේක්ෂකයා කවුරු වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවේ සියලු බලවේග එකට එකතු වුණත් ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කරන්න පුළුවන්කමක් නැති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී අපි ඔප්පු කරලා පෙන්නුවා. මේ මැතිවරණයේ දී දණ ගස්සපු ආණ්ඩුව ඊළඟ මැතිවරණයේ දී හොම්බෙන් යවන්න අපි සූදානම්.

අවුරුදු තුනකට ඉස්සර මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති ධූරටය තරග කරද්දි ජනතාවට දුන්නු පොරොන්දු දැන්වත් ඉටු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනතාවගෙන් පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී කනේ පාරක් කෑවා නම් මේ පාර පළාත් සභා මැතිවරණයේ දී පොලු පාරක් කන්න සූදානම් වෙන්න කියලත් අපි කියනවා.

තිස් වසරක යුද්ධය නිමා කරලා අතිදැවැන්ත සංවර්ධනයක් කරා යමින් සිටි රට විනාශ කිරීමේ වගකීම වර්තමාන ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගිය සියලුදෙනා භාරගත යුතුයි. සරත් විජේසූරියලා, ගාමිණි වියන්ගොඩලා වගේ විද්වතුන් කියාගන්නා අයගෙන් අහනවා තමුන්නාන්සේලාගේ කටවල්වල දැන් පිට්ටු හිරවෙලා ද කියලා.

රටක් දියුණුවෙන හැටි බලාගෙන ඉන්න බැරි වුණු කුහකයෝ රැලක් එකතු වෙලා මේ රට අගාධයට ඇද දැම්මා. දැන් ආණ්ඩුවෙන් ගන්න පුළුවන් වරප්‍රසාදය අරගෙන සද්ද නැතුව හිටියට ජනතාවට තමුන්නාන්සේලා අමතක වෙලා නැහැ. එදා මේ ඊනියා වෙනස සිදුනොවුණා නම් අද ලංකාව ලෝක ආර්ථිකයේ ඉහළම තැනකට පත්වෙලා ඉවරයි.

මේ රට ගොඩනඟන්න පුළුවන් යුද බිය නැති කළ නායකයාට පමණයි. මේ රට යළි නගා සිටුවන්න පුළුවන් මහින්ද රාජපක්ෂ නමැති අභීත නායකයාට පමණයි. අපි අද මේ වෙහෙසෙන්නේ ඒ අභීත නායකයාට ආයෙමත් වතාවක් මේ රට භාර දීමේ ඵෙතිහාසික කාර්යභාරට ඉෂ්ට කිරීම සඳහායි.

වසර තුනකට පෙර මහින්ද මහත්තයට කතිරය ගැසූ ලක්ෂ 58ක ජනතාව වගේම හංසයාට කතිරයට ගැසූ බහුතරයකුත් බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුව ගෙදර යවලා මහින්ද රාජප්කෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පත්කර ගන්නයි. ආණ්ඩුවේ අවසානය දැන් ආරම්භ වෙලා ඉවරයි.

කකුලුවා වතුර රත් වෙන තුරු නැටුවා වගේ මේ ආණ්ඩුවේ ලොකු ලොක්කොත් අවසාන නැටුම නටනවා. ඔය සතුට වැඩි දවසක් නැහැ. පහුගිය අවුරුදු තුනේ කරපු හොකරම්, දාපු සෙල්ලම්වලට ඒ උදවියට ඉතුරු ජීවිත කාලයම හි‍ර බත් කන්න සූදානම් වෙන්න කියලා අපි කියනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

21,175 Viewers

5 Comments to “ඊළග මැතිවරණයෙන් පසු අලූත් ආණ්ඩුව යටතේ යහපාලන ලොක්කන් ජීවිතාන්තය තෙක් හිරේ..”

  1. Wijebahu says:

    Lagadima oyata jumper dagsnna wei.

  2. රාහුල කොලුවා says:

    හිරේ වැටෙයි කියලා හිතන අය ඊට කලින් පොහොට්ටුවට එකතු වෙනවා…ඊට පස්සේ උං එකතු වෙලා ඔයාව හිරේ දාන්න බැරි නෑ… ලංකාවේ දේශපාලනය දැන්වත් තේරුං ගන්න මහත්තයෝ… විහිළු සපයන්නේ නැතුව… රට බේර ගත්තු නායකයවත් ගෙදර යැව්ව මිනිස්සු මෙහේ ඉන්නේ…

  3. sandra says:

    Mind u bloody Bada, same thing would have done to u all rouges by MY3. It was his mistake that he didnt do so.

  4. guptha says:

    kata kata. modayek wagey lorry talks denna epa baley gannath kalin

Main News