උකුවෙල ප්‍රාදේශිය සභාව පොහොට්වෙන් ගැලවි බුලත් කොලේට යයි.. සභාපති තෝරන්න කුසපත් ඇදිමෙන් බුලත් කොලය දිනයි..

April 4, 2018 at 8:02 am | lanka C news
උකුවෙල ප්‍රාදේශිය සභාව පොහොට්වෙන් ගැලවි  බුලත් කොලේට යයි.. සභාපති තෝරන්න කුසපත් ඇදිමෙන් බුලත් කොලය දිනයි..

මාතලේ දිස්ත්‍රික්කයේ  උකුවෙල ප්‍රාදේශිය සභාවේ අද පැවැති  සභාපති තොරාගැනිමේ ඡන්දයෙන් මංත්‍රි ආසන තුනක් පමනක් හිමිකරගත් බුලත් කොලය පක්ෂයේ සමාජිකයෙකු විසින්  හිමිකරගන්නා ලදි.

මෙවර ප්‍රාදේශිය සභා මැතිවරණයේදි  උකුවෙල ප්‍රදේශිය සභාවේ සභික ආසන 27 පහත ආකාරයට බේදි ගියේය.  ලබා ගත් ජන්ද ගනන

1 පොහොට්ටුව ලකුණින් තරග කල ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ  ආසන  11 ක් ජයගත් අතර  ලබා ගත් ජන්ද ගනන    15909 ( 39.45%)

2  අලියා ලකුණින් තරග කල  එක්සත් ජාතික පක්ෂය සභික ආසන 10 ක්  හිමිකරගත්තේය.      ලබා ගත් ජන්ද ගනන   14467 (35.87%)

3  බුලත් කොලය යටතේ තරග කල එක්සත් ජනතා නිදහස් සංධානය සභික ආසන 3ක්        ලබා ගත් ජන්ද ගනන  4153( 10.3%)

4  මහජන කම්කරු පක්ෂය සභිකයින් 1එක්ද ,  ලබා ගත් ජන්ද ගනන  2018 ( 5%

5  ස්වාධින කණ්ඩාම් 1 ට සභිකයින් 1ක්    ලබා ගත් ජන්ද ගනන  2037( 5.5%)

6 ස්වාධින කණ්ඩායම 2 සභිකයින් 1ක් ලබා ගත් ජන්ද ගනන   1481 ( 3.67%) වශයෙන්

දිනාගන්නා ලදි  ඒ අනුව  කිසිදු පක්ෂයකකට  50% ක් ඡන්ද ප්‍රථිශතයක් ලබා නොගැකිම නිසා  බහුතරය සිටියද  ජන්ද ප්‍රථිශතය නැති නිසා  අද උකුවෙල ප්‍රාදේශිය සභාවට සභාපතිවරයකු පත්කරගැනිමට උත්සහ කල අතර ඒ සදහා අපෙක්ෂකයින් ලෙසින්  හිටපු සභාපති  සමන්ත ධර්මසේන මහාතාගේ නම පොහොට්ටුව වෙනු වෙන් ඉදිපත් විය.       බුලත් කොළය වෙනු වෙන් දිසානායක මුදියාසේලාග් චේතියරත්න  මහාතාගේ නම් යොජනා වු අතර ඒ සදහා ජන්ද  විමසිමෙන් පසුව දෙදනාම සමාන ජන්ද ගැනිම නිසා  කුසපත් ඇදිමෙන් පසු බුලත් කොලය යටතේ තරග කල අපේක්ෂකයා ජයගත්  ගන්නා ලදි. උපසභාපති තණතුර එක්සත් ජාතික පක්ෂයේ අබ්දුල් ජලිල් අබ්දුල් නිසාර් මහතා ට හිමිවේ

මෙම ජය ගැනිමත් සමග මාතලේ දේශපාලනය උණුසුම් වී ඇති බව ද පොහොට්ටවේ දේශපාලන ප්‍රබලයෝ හා අනේක් සියලු පක්ෂ වල නායකයෝ  උකුළුවෙලට ගොස් වත්මන් තත්වය පිලිබදව  සාකච්ඡා කිරිම ආරම්භ කර ඇත.

– මහින්ද දඹුල්ල

12,432 Viewers
Main News