උඩවලවේ අලි ජාවාරමක් අල්ලයි.. අලි පැටවෙකුත් සොයා ගනී.. [Photo]

November 4, 2016 at 8:02 am | lanka C news | ලංකා සී නිවුස්
උඩවලවේ අලි ජාවාරමක් අල්ලයි.. අලි පැටවෙකුත් සොයා ගනී.. [Photo]

මාස 03 ක් පමණ වන අලි පැටවෙකු කිසියම් පිරිසක් ගෙනයාමට දැරු උත්සාහය වැළකී ඇත්තේ හම්බෙගමුව ජනපදයේ ගම්වාසීන් ක්ෂණිකව මැදිහත්වූ නිසාය.

මෙම අලි පැටවා කැලැවෙන් ගෙනවිත් තිබෙන කිසියම් පිරිසක් අලිපැටවා ගසක ගැටගසා තිබී ඇත.  අලිපැටවා දුටු ගම්වාසීන් මේ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන් අතර වහාම ක්‍රියාත්මක වූ උඩවලව කල්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් 03 දින සවස එම ස්ථානයට ගොස් අලි පැටවා ඔවුන්ගේ භාරයට ගෙන ඇත.

මෙසේ අලි පැටවා ගෙනයාමට සැලසුම් කළ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද මේ ගැන පරීක්ෂණයක් සිදුකරයි.

රාත්‍රි කාලයේදී වාහනයක් ගෙනවිත් මෙම අලි පැටවා ගෙනයාම සඳහා මෙසේ ගසක බැඳ තිබෙන්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැකකරති. අලි පැටවා පශු වෛද්‍යවරයෙකුට යොමුකිරීමෙන් අනතුරුව උඩවලව ඇත් අතුරු සෙවණට ලබාදෙන බව කල්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසයි.

කඩිනමින් මෙම අලි පැටවා බේරාගැනීමට කටයුතු කිරීම ගැන තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය වනජීවී නිලධාරීන්ට සිය ප්‍රශංසාව පුදකර සිටිති.

– ප්‍රසාද් මංජු

45454545

6,011 Viewers

One Comment to “උඩවලවේ අලි ජාවාරමක් අල්ලයි.. අලි පැටවෙකුත් සොයා ගනී.. [Photo]”

  1. Aruna says:

    මෙවැනි පව්කාර වැඩ කරන මෝඩ පව්කාර සමාජයකට ජාතියකට කවදා නම් යහපතක් වෙයිද ? අද අප විඳිමින් සිටින්නේ මෙවැනි අපරාද කරන ජාතියකට උරුම වියුතුම දේ නොවන්නේද ?

Main News