වවුනියාවේ ව්‍යාපාරිකයෙකු පැහැර ගන්න ආ තිදෙනෙක් පොලිස් කූඩුවේ…

November 12, 2017 at 5:20 pm | lanka C news
වවුනියාවේ ව්‍යාපාරිකයෙකු පැහැර ගන්න ආ තිදෙනෙක් පොලිස් කූඩුවේ…

වවුනියාව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු පැහැරගැනීමට පැමිණි කණ්ඩායමක සාමාජිකයින් තිදෙනකු අද (12) දිනයේ උදෑසන වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය පැවසුවේය.

යෝගරාසා ගජේන්ද්‍රන් නැමති ව්‍යාපාරිකයා වවුනියාව ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට පැමිණ තම වෑන් රථයට ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ගමන් කරමින් සිටියදී මෝටර් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් පහර දී එවුන් පැමිණි මෝටර් රථ වෙතට නංවා ගැනීමට උත්සහ දරා ඇත.

එහිදී අදාල ව්‍යාපාරිකයා විසින් ඔහු තම ආත්මආරක්ෂාව සඳහා පැහැරගැනීමට පැමිණි පුද්ගලයින්ට පහර දී ඇති අතර ව්‍යාපාරිකයා පහරදෙන අවස්ථාවේ ප‍්‍රදේශවාසීන්ද පැමිණ ඇති අතර, එම පහරදීම හේතුවෙන් එක් සැකකරුවකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති  බවද පොලිසිය පැවසීය.

ප‍්‍රදේශවාසීන්ගේ පැමිණීමත් සමඟ ව්‍යාපාරිකයා පැහැරගැනීමට පැමිණි එක් මෝටර් රථයක් හා පැමිණි පුද්ගලයින් කිහිපදෙනකු පළාගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් අදාල ව්‍යාපාරිකයා විදේශ රැකියා ලබාදෙන බවට සිදුකළ මුදල් වංචාවක් සිදු කොට ඇති හෙයින්  ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගැනීම සඳහා තමන් ඇතුලු කණ්ඩායම පැමිණි බවටත් එහිදී ව්‍යාපාරිකයා විසින් තමන්ට පහරදුන් බවට පහර කෑ පිරිස් පොලීසියට කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,483 Viewers

One Comment to “වවුනියාවේ ව්‍යාපාරිකයෙකු පැහැර ගන්න ආ තිදෙනෙක් පොලිස් කූඩුවේ…”

  1. Lolla says:

    කොහේ බැලුවත් පට්ට දෙමෙල්ලු හොරකමේ තමයි යන්නේ

Leave a Comment

Main News