උතුරට ආ වැදි පොජ්ජ වව්නියාවේදී ක්‍රිකට් තරඟයක…

January 14, 2018 at 5:30 pm | lanka C news
උතුරට ආ වැදි පොජ්ජ වව්නියාවේදී ක්‍රිකට් තරඟයක…

දඹාන ආදී වාසීන්ට නව අත්දැකීමක් එක් කරමින් එහි ආදීවාසීන් පිරිසක් වව්නියාවට රැගෙනවිත් වව්නියාවේ දමිළ සිංහල ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් සමග ක්‍රිකට් තරඟාවලියක් වව්නියාව පොලීසිය විසින් සහ ආකාශ් සමූහ කාර්ය මණ්ඩලය විසින් අද (14) දිනය පුරා සංවිධානය කොට තිබුණි.

වව්නියාව නගරසභා ක්‍රීඩාංගනයේදී පැවති මෙම ක්‍රිකට් තරගාවිලිය වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ආකාශ් සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුනේ ජාතීන් අතර සංහිදියාව වර්ධනය කරවීමේ අරමුණු ඇතිවය.

ආදී වාසීන්ගේ ක්‍රිකට් තරගාවලිය වව්නියාවේ වැසියන්ට නව අත්දැකීමක් වූ තර එම ක්‍රිකට් තරග නැරඹීමටද පැමිණ සිටි අයුරු දැක ගැනීමට හැකි විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,523 Viewers

2 Comments to “උතුරට ආ වැදි පොජ්ජ වව්නියාවේදී ක්‍රිකට් තරඟයක…”

  1. sinha le says:

    දුටුගැමුනු රජ තුමා කාලේ මුන් හිටියා නම් හොද දඩුවම් ලැබේවි

  2. Saradiel says:

    දෙමළ ජන්දෙට වැද්දෝ අහුවෙලා වගෙයි ..ආදිවාසීන්ගේ ජන්දේ දෙමල සන්ධානයට ගන්න කරන වෑයමක්

Leave a Comment

Main News