උතුරට බලපෑ වැස්සයි සුලි කුණාටුයි නිසා එලවළු ගිනි ගණං…

November 30, 2018 at 2:04 am | lanka C news
උතුරට බලපෑ වැස්සයි සුලි කුණාටුයි නිසා එලවළු ගිනි ගණං…

පසුගිය දිනයන්හි උතුරු පලාතට බලපෑ කුණාටු සහිත වර්ෂාවන් හේතුවෙන් හා ගංවතුර තත්වයන් නිසා උතුරේ වලවළු වගාවන් විනාශ වී යාමත් හේතුවෙන් උතුරු පලාතේ සියලුම එලවළු මිල ගණණ් සීග්‍රෙයන් වැඩි වැඩි වී ඇති බවට එලවළු වෙළෙන්ඳන් කියා සිටිති.

උතුරු පලාතේ එලවළු බොහෝ සෙයින් වගා කෙරෙන බැවින් ලංකාවේ අනෙක්තු පලාත්හි එලවළු මිල ගණන් ඉහල ගියද උතුරු පලාතේ එලවළු මිල සාමාන්‍ය තත්වයක් පැවතියද පැවති අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් උතුරේ එලවළු වගාවන් විනාශ වී ඇති බවට එලවළු ගොවීහු කියා සිටිති.

උතුරේ එලවළු හිග වීම හේතුවෙන් දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ සිට එලවළු ගෙන ඒමට සිදුවීම හේතුවෙන් එලවළු වෙළෙන්ඳන් එලවළු රැගෙන එන ප්‍රවාහන කුලියද සමග මේ දිනවල දඹුල්ලෙ එලවළු මිල ගණණ් ඉහල යාමත් සමග උතුරට රැගෙන එන එලවළු විකිණීමේදී එම මිල ගණන් දැරීමට නොහැකි බවට උතුරේ පාරිභෝගිකයින් කියා සිටිති.

වර්ෂාව හේතුවෙන් උතුරේ එලවළු වගාවන් විනාශ වුවද මේ වන විට උතුරේ සෑම වැවක්ම පිරී පවතින හෙයින් ඉදිරි මාස කිහිපය තුලදී උතුරේ වලවළු වගාවන් සිදු කොට ඉහල ගොස් ඇති මිල නැවත යථා තත්වයට පත් වෙනු ඇති බවටද උතුරේ එලවළු ගොවීහු වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

779 Viewers