උතුරු කොරියාවට එරෙහිව ශ‍්‍රී ලංකාව රාජතාන්ත‍්‍රික යුධ ප‍්‍රකාශ කරයි.. වහා සම්බාධක පනවයි.. කිම් ජොං අන්ට සුළු දිය පහවේ..

October 8, 2017 at 10:14 pm | lanka C news
උතුරු කොරියාවට එරෙහිව ශ‍්‍රී ලංකාව රාජතාන්ත‍්‍රික යුධ ප‍්‍රකාශ කරයි.. වහා සම්බාධක පනවයි.. කිම් ජොං අන්ට සුළු දිය පහවේ..

උතුරු කොරියාව මත සම්බාධක පැනවීමට ශ්‍රී ලංකා රජය රෙගුලාසි නිකුත් කර ඇත. මෙම පියවර ගෙන ඇත්තේ න්‍යෂ්ටික ,රසායනික සහ ජෛව අවි ප්‍රගුණනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුවය. මෙම නියෝග නිකුත් කර ඇත්තේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසිනි.

ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරමින් උතුරු කොරියාව කරනු ලබන න්‍යෂ්ටික අවි හා න්‍යෂ්ටික වැඩසටහන් අත්හරින තුරු සහ බැලිස්ටික් මිසයිල හා න්‍යෂ්ටික මිසයිල වැඩසටහන්වලට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් අත්හිටුවන තුරු උතුරු කොරියාව සම්බන්ධයෙන් සම්බාධක පනවන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලට දැනුම් දී තිබේ.ඒ අනුව එහි සාමාජිකයකු වන ශ්‍රී ලංකාව මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ උතුරු කොරියාව 1970 සිට රාජ්‍ය ත්‍රාන්තික සම්බන්ධතා පවත්වාගෙන ගියද රටවල් දෙකම නේවාසික දූත මණ්ඩල පවත්වන්නේ නැත. රෙගුලාසි අනුව සම්බාධක පනවනු ලබන බවට වගබලා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත විදේශ ඇමතිවරයා විසින් නිසි බලධාරියකු පත් කරනු ඇත.

මෙමගින් න්‍යෂ්ටික වැඩපිළිවෙලට සම්බන්ධ කිසිදු උපකරණයක් උතුරු කොරියාවේ පුද්ගලයකු වෙනුවෙන් භාවිතය, හුවමාරු කිරීම,ගබඩා කිරීම,ප්‍රවාහනය කිරීම,තොග රැස්කිරීම,අත්පත් කරගැනීම,ළඟ තබාගැනීම,නිෂ්පාදනය ,මේ හා සම්බන්ධ සේවා සැපයීම හෝ සහාය ලබාදීම,උපදෙස් ලබාදීම,තාක්ෂණික පුහුණුව ලබාදීම,මූල්‍යමය සේවා සැපයීම,වත්කම් සැපයීම හා ලබාගැනීම මෙරට සහ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට තහනම් කර තිබේ.

උතුරු කොරියාවට ඉන්ධන සේවා සැපයීම ,නැව් බද්දට හෝ කුලියට ලබා දීම හෝ නැව් කාර්ය මණ්ඩලය කුලියට ලබාදීම ද මෙමගින් තහනම් කර තිබේ.උතුරු කොරියානු මූල්‍ය ආයතනවලට ලංකාවේ නව ශාඛා, අනුබද්ධ ආයතන හෝ නියෝජිත කාර්යාල විවෘත කිරීමට ඉඩ නොදෙනු ඇත.

උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් ,උතුරු කොරියානු රාජ්‍ය නියෝජිතයින් ,රාජ්‍ය හෝ නියෝජිත නිල කාර්යාලවල සේවය කරන උතුරු කොරියානු ජාතිකයින්, උතුරු කොරියා වෙනුවෙන් හෝ එහි නියෝග මත ක්‍රියා කරන විදේශීය ජාතිකයින් සහ උතුරු කොරියාවට සම්බන්ධ අනෙක් පුද්ගලයින් නෙරපා හැරීම සඳහා රජයට නිර්දේශ කිරීමේ බලය රෙගුලාසි පනවන බවට සහතික කිරීම සඳහා පත් කරන ලද බලධාරියාට ඇත.

තහනම් කර තිබෙන ක්‍රියාකාරකම් සම්බන්ධ බවට තහවුරු වුවහොත් උතුරු කොරියානු රජයේ ආයතන හෝ උතුරු කොරියානු සේවකයින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන අරමුදල් ,මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් තහනම් කිරීමට මෙම නිසි බලධාරියාට බලය ඇත.

මෙම රෙගුලාසිවලට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ ඇති අනෙකුත් රෙගුලාසි ද ශ්‍රි ලංකා රජය ප්‍රකාශයට පත් කළේය.

මෙම රෙගුලාසි මගින් න්‍යෂ්ටික ,රසායනික හෝ ජෛව අවි නිෂ්පාදනය,අත්පත් කරගැනීම,ළඟ තබාගැනීම .වැඩි දියුණු කිරීම ,ප්‍රවාහනය ,හුවමාරු කිරීම , භාවිතය හෝ ඒ හා සම්බන්ධ දෑ ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම තහනම් කරනු ලැබ තිබේ.

සාමය සඳහා වූ ක්‍රියාකාරකම් සඳහා රසායනික හා ජීව විද්‍යාත්මක ආයුධ ආශ්‍රිත අමුද්‍රව්‍යය ශ්‍රී ලංකාව තුළ අපනයනය,තැනින් තැනට ගෙනයාම,නැවකින් නැවකට ගෙන යාම හෝ ප්‍රතිඅපනයනය අදාළ ලිඛිත නීතියට අනුව සිදු කෙරෙනු ඇත.

මෙම රෙගුලාසි යටතේ වැරදි කරනු ලබන පුද්ගලයකු මහාධිකරණයේ නියෝග අනුව වසර 25 දක්වා වූ සිර දඬුවමක් හෝ රුපියල් මිලියන පහකට වඩා නොවැඩි දඩයක් හෝ එම දඩුවම් දෙකම හෝ ලැබීමට යටත් වෙයි.

– Lankadeepa

22,666 Viewers

21 Comments to “උතුරු කොරියාවට එරෙහිව ශ‍්‍රී ලංකාව රාජතාන්ත‍්‍රික යුධ ප‍්‍රකාශ කරයි.. වහා සම්බාධක පනවයි.. කිම් ජොං අන්ට සුළු දිය පහවේ..”

  1. Saba says:

    Mewata thamai p*** Hina yanawa kiyanne
    Weda bari kaala kanni, anunge magul hoyanawa.

    • අතුල කාෂ්‍යප says:

      තවමත් කොළඹ ඇමරිකන් තානාපති කාර්යාලයේ ‍රැඳී ඉන්නේ හිලරි ක්ලින්ටන් හිතවාදී පිරිසක්. ට්‍රම්ප්ගේ ආගමනයත් සමග මොවුන් ඉවත්කල හැකිව තිබූ අතර, මෙම මෝඩ ආණ්ඩුව, ඒ සඳහා නිසි පියවරක් අනුගමනය නොකලහ. මෙම හිලරි ක්ලින්ටන් හිතවාදී, ඇමරිකන් තානාපති නිළධාරී නඩයේ අරමුණ; හැකි ඉක්මනින්, බෙදුම්වාදී ව්‍යවස්ථාව ඉදිරිපත් කර, උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධකර, එයට ඉඩම් සහ පොලිස් බලතල ලබාදී, පළමුව ෆෙඩරල්ද, දෙවනුව සහ සහ සංධීය රාජ්‍යක්ද, තුන්වනුව වෙනම ඊලම් රාජ්‍යක්ද දක්වා පරිනාමයවීමට කටයුතු සැලැස්වීමයි.

      අවම වශයෙන්, නව ව්‍යවස්ථාව සම්මත වනතෙක්, මොවුන්ට ඇමරිකන් තානාපති කාර්යාලයේ ‍රැඳී සිටීමට අවශ්‍යවන අතර, ඒ වෙනුවෙන්, ට්‍රම්ප් පරිපාලනයෙන් ලකුණු දා ගැනීම සඳහා, විවිධ උප්පරවැට්ටි භාවිතාකරමින් සිටියි. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ සමහර නිලධාරීන්ට නොයෙක් වරදාන ලබාදෙමින්, ජනාධිපතිවරයා හෝ විදේශ ඇමතිවරයා හරහා නොයා, සෘජුවම මෙම නිළධාරීන් සමග ගණුදෙනු කිරීමට ඇමරිකන් තානාපති කාර්යාලයට හැකිවී ඇත. උතුරු කොරියාවට එරෙහි විහිළු සහගත ප්‍රකාෂ නිකුත්කිරීමත්, සම්භාධක පැනවීම වැනි අමන තකතීරු වැඩ සඳහා පෙළඹවීමත්, මෙහි ප්‍රථිඵලවේ.

    • මැගිලින් says:

      අම්මප මෙහෙමත් විහිළු!

      • leel says:

        මේකෙ හිටපු ටොයියො කො බන් ? දැන් එකෙක්වත් නැද්ද ?

  2. DGamaya says:

    අපිට ආඩම්බරයි..අපේ ගෙදර ඔක්කොම සතුටු වැඩිකමට අඩනවා
    අපේ නායකට කොච්චර නිර්භීතද,,,ට්‍රම්ප් උනත් ගෝල්පේස් එඊ ගෙනල්ල දණ වස්සන කාලෙ වැඩි ඈතක නෑ
    මයිත්‍රී සෑර් ඔබවගේ ලෝකෙ අද ඉන්න නිර්භීතම චන්ඩිම නායකයගෙ අතවැසියො උන අපි වාසනාවන්තයො..අනේ 2025 නෙවේ 2100 වෙනකන් යහාපලන ආන්ඩුව ගෙනියන්න ඕනි ඔන්න බෑ කියන්න එපා

  3. ms silva says:

    OMG. I think Kim will now learn a lesson. The message is from a man who had welcome by Rajina without the hand gloveless shaking. What a popularity for SL.

  4. ලිච්චවි රජානෝ says:

    අම්මට හුඩු ඉල්ලන් කන හැටි.අර අලින්ට උදව් කොරන්න ගිය වඳුරට උණු දේ මුන්ටත් නොවුනොත් පුදුමේ. සුදු නැෂනල් එකේ පැරකුම් ටින්කිරි ගාගෙන ආප්ප කන්න වෙනවා.පිම්බුවාට බද ගෙඹට බහ වැඩ මාමේ.

  5. Ala Mada Gedara lokka says:

    Kim you have no idea who you are dealing with. I warned you enough but you chose to defy my friendly advice.. It seem you are testing my patience. I am not going to tolerate you any longer. Don’t you forget that I am the only world leader who was invited to the White House by the greatest ever US president Donald and got the life time offer of licking his arse, to the delight of 62 million Srilankans

    You fire one more missile ,and I will take the strongest action I am capable of “ Lick your arse”..

  6. Power says:

    පව් බන් උතුරු කොරියාව…. ගොඩක් බය වෙලා ඇති. 😂😂😂😂😂😂😂😂

  7. ඕස්ට්‍රේලියානු පගාකාරය says:

    මං හිතුව පුතේ උතුරු කොරියාවෙ එකාල වැඩිය පිම්බෙනකොට උන්ගෙ විනාශෙ අතලඟ බව. අපේ මෛතූණ සෑර්ටයි පිංගුත්තර සෑර්ටයි මල පැන්නොත් වෙනදේ උං දන්නෙ නෑ. ඒකයි උං නැටුවෙ. දැන් බලාපල්ලකො උංට වෙනදේ. ලංකාවට ඉංදියාවෙනුත් යුධ නැවක් ලැබිලයි තියෙන්නෙ. අපේ හතුරිකා දුව බැඳල ඉන්න බෑණ පොඩ්ඩත් එසේ මෙසේ පුතයෙක් නෙමෙයි. මේ විලම්බෑසිය කලින්ම දිව නුවණින් දැකල රුසියාවෙන් කෝටි 4000ක කොමිස් නොගෙනම ගේන්න යනවැයි කිහාංකො නියම බඩු ටිකක්.

  8. W.Milton says:

    MS can remaining power without ant election not only 2025 even after that?
    He is the only USA- well known puppet in South Asian nations. Of Couse we an opposes nuclear weapons in Globally including Korean Peninsular. We want Nuclear FREE World ?
    However Sri lanka is non-aligned nation.
    We are not belongs any super-block of US or other ?

  9. Nalika says:

    Thamange paduwe wadak balagena hitapiyaw. Illagena kanne nathuwa.

  10. පිංගුත්තර නිකායේ මහා නායක says:

    ආ එහෙමද? මම දන්නේ නැහැ. පත්තරෙන් තමයි දැක්කේ. හුටන් ම හිටං හිටියේ අර යුද නව ගන්න කම්.

  11. raja says:

    කෙලින් කකුල් දෙකෙන් හිටගන්න බැ ලෝකේ ලොකුම හිගන්නා ශ්‍රී ලංකාව ඔන්න කොරියාවට අබියෝග කරනවා, මටනම් මැවිලා පේන්නේ පිස්සු හැදිච්ච හිගන්නෙක් පාරේ යන අනෙක් එවුන්ට හැදියන් කියා කියා කෑගසන ආකාරයයි

  12. Bora says:

    Lankawa Americawe SUWAchA KEEKARU BALU KUKKEKBAWA KRIYAWENA DAKWANNA HADANAW!
    Trying to indicate that Srilanka is a very loyal under dog of Uncle Sam!

  13. Aceman says:

    අනේ ඉතින් මෙහෙම නිර්භීත වැඩ කරනකොට සුදු මහත්තුරු නොබෙල් තෑග්ග නොදී ඉන්නෙ කොහොමද?

    • Harshie says:

      Eka nam aththa thamai.kim dan nam mattu wei sure ekatama.heta anidda launch karanawa kiyana eka siri lankawata sapath une natnam athi.jaya wewa…..

  14. Alfi8 says:

    Stop supply kasippu to koriya.

Leave a Comment

Main News