උතුරු කොරියාවට විරුද්ද වී නොනවතී.. ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප්ටත් එරෙහිව ශ‍්‍රි ලංකාවෙන් නිවේදනයක්..

December 10, 2017 at 1:20 pm | lanka C news
උතුරු කොරියාවට විරුද්ද වී නොනවතී.. ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප්ටත් එරෙහිව ශ‍්‍රි ලංකාවෙන් නිවේදනයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊශ්‍රලයේ අගනගරය ලෙස පේරුසෙලම නම් කිරීම ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය තරයේ හෙළා දකියි.

එම සංගමයේ සභාපති සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.

එම නිවේදනයේ සිංහල පරිවර්තනය මෙසේය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊශ්‍රාලයේ අගනගරය ලෙස පේරුසෙලම නම් කිරීම තරයේ හෙළා දකියි. තෙල් අවිව් (Tel Aviv) වල පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පේරුසෙලමට රැගෙනයාමට තීරණය කිරීම ද හෙළා දකියි.

පේරුසෙලම පලස්තීන දේශ සීමාවට අයත් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයට ගෙන ආ යෝජනා මෙම තීරණය තුලින් සම්පුර්ණයෙන්ම උල්ලංඝණය කරයි.

සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි ලෙස ආදරය කරන මිනිසුන් මෙම තීරණය හෙළා දකින බව ද අප සංගමය දන්නෙමු.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පවතින ස්ථාවරය බිද දමමින් ඒකපාර්ශ්වීය සහ හිතුවක්කාරී ලෙස ගනු ලැබූ තීරණයකි.

මෙම තීරණය තුලින් සමස්ත මැද පෙරදිග කළාපයට ගැටලුකාරී තත්ත්වයක් මතු කරයි.

පලස්තීනය නිදහස් රාජ්‍යයක් ලෙසත්, පේරුසෙලම එහි අගනගරය ලෙස කළින් සිටි ස්ථාවරත්වයේ තවමත් සංගමය සිටින අතර, රටවල් 140 කට අධික සංඛ්‍යාවක මතය ද මෙය වෙයි. සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන ලොව පුරා ජනතාවගේ මතය ද එයයි.

ශ්‍රී ලංකාවේ සිටින සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති ජනතාව පලස්තීන ජනතාව වෙනුවෙන් හඩ නගන්න. හඩ අවදි කරන්න.

– ප‍්‍රසන්න අධිකාරී

15,551 Viewers

11 Comments to “උතුරු කොරියාවට විරුද්ද වී නොනවතී.. ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප්ටත් එරෙහිව ශ‍්‍රි ලංකාවෙන් නිවේදනයක්..”

  1. daham says:

    bimal manthree thumo. athsana yodanne thanathure naamayata ihalin bawa thaama danne nadda? jvp aya ugath, danuwath aya kiyala neda kiyanne. meva samaanya danuma neda?

  2. saman says:

    මුදල් දෙන්නේනම් …රට සවාරි යන්න පුලුවන්නම් ඕනෑම කඩදාසියකට අත්සන් කරන්නන් මගෙ දෙය්යො..

  3. amiya says:

    trump baya wewi

  4. Kolitha says:

    Menna Kano pinum……

  5. Perera says:

    යහපාලයත් සමග ලංකාවත් ලෝකයේ රටවල් අතර සැලකියයුතු යුධ බලයක් ලබා ඇති අතර ඉංදියාවෙන් හා රුසියාවෙන් අත්කරගත් යුධනැව් මෙන්ම යුද්ධ ටැංකි බලකාය නිසා ලොව ප්‍රමුඛතම යුධ බලයක් ලංකාවට අත්වී ඇති බවට මෙය හොඳම නිදසුනකි. ලංකාව ලෝකයේ ඉහලටම ඔසවා තැබූ සිරිසේන ජනපති උතුමාණන් වහන්සේටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උතුමාණන් වහන්සේටත් ජනතාව ලෙස අපි දිනපතා වන්දනාමාන කල යුතුය.

  6. "කුනාටුව" says:

    සුලඟ නැවැත්විය හැකිද රාජිත රාලේ
    පාලඟ වැටී සමාව ගයිද ට්ම්ප් තාලේ
    කාලඟ නැති වෛර පන පෙව් මූවාලේ
    මීලඟ නායක ගොඪා දැක මූ වෙව්ලේ

  7. හඬනු මැන ජෙරුසෙලම says:

    මෙය, රාජිත සේනාරත්න ගේ සහ බිමල් රත්නායක ගේ ලිං මැඩි චින්තනයත්, මන්ද බුද්ධික භාවයත්, බොරු වාමාංශික නිරුවතත්, හොඳින් පෙන්නුම් කරන නිවේදනයකි. ජෙරුසෙලම පලස්තීනයට අයත් යැයි කියා තිබෙන්නේ කොහේ ද? ජෙරුසෙලම හා සම්බන්ධව වඩාත්ම පිළිගැනීමක් ඇති ජාත්‍යන්තර මතය වනුයේ ජෙරුසෙලම ඊස්රායලය හා පලස්තීනය යන රටවල් දෙකටම අයත් බවත් නැගෙනහිර ජෙරුසෙලම පලස්තීනයට අයත් බවත් බටහිර ජෙරුසෙලම ඊස්රායලයට අයත් බවත් ය. 1967 සය දින යුද්ධයේ දී ඊස්රායලය විසින් නැගෙනහිර ජෙරුසෙලම අල්ලා ගන්නා ලද අතර ඒ ගැන අදටත් විශාල ජාත්‍යන්තර විරෝධයක් තිබේ. බටහිර ජෙරුසෙලම ඊස්රායලයට අයත් නැතැයි කියන පලල් පිලිගැනීමක් ඇති ජාත්‍යන්තර එකඟතාවයක් ලෝකයේ නොමැති වෙයි. ට්‍රම්ප් ගේ නිවේදනය පිළිබඳව අප රටේ ස්ථාවරය විය යුත්තේ ඊස්රායලය විසින් ජෙරුසෙලමේ කිසියම් දෙයක් කරනවා නම්, ඒ සියල්ල බටහිර ජෙරුසෙලමට සීමා විය යුතුය යන්නත්, නැගෙනහිර ජෙරුසෙලමේ ඊස්රායලය විසින් කිසිවක් නොකල යුතු බවත්, ඊස්රායලය විසින් නැගෙනහිර ජෙරුසෙලම අත්හල යුතු බවත්, ඊස්රායලයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමේ පිහිටුවනවා නම් එය පිහිටුවිය යුත්තේ බටහිර ජෙරුසෙලමේ මිස නැගෙනහිර ජෙරුසෙලමේ නොවන බවත්ය. බටහිර ජෙරුසෙලමේ අයිතිය ඊස්රායලය විසින් අත්හල යුතුය යන්න ඊස්රායෙල් – පලස්තීන ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රායෝගික මාවතක් තනන්නේ නැත.

  8. Palastheenuwa says:

    Dan Trump hondatama bayawela yojanawa illa askaraganeewi.

  9. Sanjaya says:

    ශූද්ධ බයිබලයේ අනාගත වාක්‍යයක් සම්පූර්ණ උනා. ඒක කිසිවෙකුට නවත්වන්න බැහැ.. තව තවත් බොහෝ දේ ඉදිරියේ වෙයි…..

  10. කදිරා says:

    උදේට කෑවොත් දවල්ට නෑ
    රෑට කෑවොත් පසුදා අවිනිස්චිත රටක්
    ඇමෙරිකාවට ඔරවලා ඉල්ලන් කන්න යනවා.
    මේකලා දෙන්නම මුස්ලිම් චන්ද වලට පොරකනවා. ලැබෙයි ලබ්බක්.
    දැනගනිව්, ජෙරුසලම ජුදා දේසයේ අගනුවර වුනේ, අවුරුදු 30 ස් දාහකටත් පෙර බව.

  11. Saradiel says:

    කොටින් සමග කල යුද්දයේදී පලස්තීනය ලංකාවට සහාය දුන්නේ නැත ඇමෙරිකාවෙන් විසාල සහයක් ලැබුනා ඇමෙරිකාවට ජයවේවා

Main News