උතුරු දකුණ යාකෙරෙන මනුස්සකමේ පැන් පූජාව යාපනයට..

October 8, 2018 at 5:30 pm | lanka C news
උතුරු දකුණ යාකෙරෙන මනුස්සකමේ පැන් පූජාව යාපනයට..

මාස 10 ක පමණ නියං තත්වයකට මුහුණ පා සිටි යාපනයේ ජනතාව වෙනුවෙන් පානීය ජලය ලබා දීමේ උතුරු දකුණ යාකෙරෙන මනුස්සකමේ පැන් පූජාව ඊයේ (07) දින යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 2000 කට පමණ අදාර ලබා දීමට පියවර ගෙන තිබුණි.

යාපනය කරෙයි නගර්, සුලිපුරම්, පොන්නාලෙයි හා අරාලි ඇතුලු ප්‍රදේශයන්හි ජීවිත්වන දෙමළ ජනතාව වෙතට සිංහලේ අපි මනුදම් සහන ප්‍රජාසත්කාර ඒකකය විසින් මෙම පානීය ජල ලීටර් ලක්ෂ 4 ක් ලබා දීමට පියවර ගෙන තිබුණි.

එහිදී පානීය ජලය ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවල ඡන්දරතන හිමියන් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ,

‘මේ දිනවල උතුරු පලාතේ දෙමළ දේශපාලඥයින් බෞද්ධ භික්ෂුවකට එන්න දෙන්නෙ නැති තත්වයක් උදාකරගෙන, පුරා විද්‍ය ස්ථාන විනාශ කරනවා , පන්සලක් හදාගන්න දෙන්නේ නැහැ බුදු පිළිමයක් හදාගන්න දෙන්නෙ නැහැ ඒ නිසා අපි මේ විදහට උතුරේ ජනතාවට බීමට පැන් පොදක් ගෙනාවේ දකුණේ සිටින අපේ හිත්වල කිසිදු ජාතිවාදී හිතක් නොමැති බවටත් ඒහෙයින් උතුරේ දේශපාලඥයින්ගේ ජාතිවාදී අදහස්වලට ජනතාව රැවටෙන්න එපා කියන පණිවිඩයත් සමගයි.

‘ඒ වගේම මේ රටේ සංහිදියාව කියල දෙයක් හදාගෙන රජයෙන් ඒ සඳහා රුපියල් කෝටි ගාණක් වියදම් කරනවා නමුත් සැබෑ සංහිදියාව තියෙන්නේ සීත කාමරවල සිට කරන ඒ දේවල් වලට නොව භූමියට ගොස් බිම් මට්ටමේ සිට  සාමාන්‍ය ජනතාවගේ හමුවට යාම මෙන්ම සැබෑ සංහිදියාව ඇති කල හැක්කේ මිල මුදල් මතින් නොව එකිනෙක ජාතීන් එකිනෙකාට සමීප කරවීමෙන් බවටද එසේ නොමැතිව එක ජාතියක් පරයා තව ජාතියක් ඉදිරියට ගැනීමෙන් නොවන බවටද පූජ්‍ය ජඹුරේවල ඡන්දරතන හිමියන් වැඩි දුරටත් කියා සිටියේය.

පානීය ජලය ලබා දීමේ කටයුත්ත වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි 11 වන පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ද සහය ලබා දෙනු ලැබීය.

පානීය ජලය ලබා දීමේ අවස්ථාවට සිංහලේ අපි ජාතක සංවිධානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක පූජ්‍ය මාලිගාවිල සුසිලජෝති හිමියන්, මූල්‍ය ලේකම් පූජ්‍ය  ගලහිටියේ ඡන්දරක්කිත හිමියන්, කැඳවුම් කරු පූජ්‍ය පල්ලේබැද්දේ  පේමාලෝක හිමියන් ඇතුලු එම සංවිධානයේ භික්ෂූන් වහන්සේලා 20 නමක් සහ ගිහි සාමාජිකයින් 50 දෙනෙකු පමණ සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,911 Viewers

One Comment to “උතුරු දකුණ යාකෙරෙන මනුස්සකමේ පැන් පූජාව යාපනයට..”

  1. වීසා ඉල්ලුම්පත් දීලා says:

    විල්පත්තුව මහ පරිමානෙන් වනසාලා
    ගූගල් ඇසට හැම විදියටමත් හංගාලා
    අප ජනපති දැක ගස් සිටවනු අණදීලා
    කරත් උතුරේ අප පුරාණ බිම් වනසාලා

    ගස්හිටෙව්වට පදිංචිය තව රෝපනය වීලා
    මුස්ලිම් කලාපයකි විල්පත්තුව අද බෝ වීලා
    උතුරත් සංහිඳියා මුවාවට රහසේ පන දීලා
    නැතිවුනුදා සිහල යයි වීසා ඉල්ලුම්පත් දීලා

Leave a Comment

Main News