උතුරු දුම්රියේ කාන්තාවක් නූලෙන් බේරේ.. දොරේ එල්ලී කිලෝමීටර් 03 ක් ඇවිත්..

September 26, 2018 at 3:00 pm | lanka C news
උතුරු දුම්රියේ කාන්තාවක් නූලෙන් බේරේ.. දොරේ එල්ලී කිලෝමීටර් 03 ක් ඇවිත්..

යාපනයේ සිට කොලඹ දක්වා ධාවනය වන රාත්‍රී තැපල් දුම්රිය අතරමැද දුම්රිය ස්ථානයන්හි ඉතා අඩුකාලයක් නැවත්වීම හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතා සිදුවන අතරම හදීසි අවස්ථාවකදී ක්‍රියාතමක කළ යතු උපකරණද ක්‍රියාකාරී නොවන තත්වයක ඇති බවට උතුරේ මගීහු චෝදනා කරති.

පසුගියදා රාත්‍රියේ යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රිය කොඩිකාමම් දුම්රිය ස්ථානයේ නවතා තප්පර 30 ක් වැනි කාලයක් අතර තුර නැවතා ධාවනය කිරීමට අණ දී ඇති අතර එම අවස්ථාවේදී කාන්තාවක් දිවවිත් දුම්රියේ අවසන් මැදිරියක දොරක එල්ලී ඇත.

නමුත් එම දොර පිහිටි දුම්රිය මැදිරිය නිදන මැදිරියක් හෙයින් එහි දොර අගුලු දමා තිබූ හෙයින් කාන්තාවට මැදිරිය තුලට ඇතුල්වීමට නොහැකි වීමෙන් කෑගසුවද කිසිවෙකුටත් ඇසී නොමැති අතර දුම්රිය පැයට කිලෝමීටර් 80 ක් වැනි වේගයකින් කිලෝමීටර් 3ක් පමණ ගමන් කරන තුරු කාන්තාව දොරේ එල්ලී කෑගසා ඇති අතර එම අවස්ථාවේදී වෙනත් මැදිරියක මගියෙකු කාන්තාව දොරේ එල්ලී කෑගසනු දැක එම අවස්ථාවේදීම දුම්රිය මැදිරියේ හදීසි තිරිංග ඇද ඇත. නමුත් මැදිරි කිහිපයකම හදීසි තිරිංග ඇද්දද ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිදන මැදිරියේ ආරක්ෂක නිලධාරියා දැනුවත් කොට දැඩි පරිශ්‍රමයකින් පසුව කාන්තාව දුම්රිය මැදිරියට ගෙන ඇති අතර තවත් සුලු වේලාවක් සිටියේනම් කාන්තාව වැටෙන්නට තිබූ බවටද මගීහු කියා සිටියහ.

එමෙන්ම පසුව තිබූ දුම්රිය ස්ථානයන්හීද දුම්රිය ඉතාම සුලු වේලාවක් නවත්වා ධාවනය කිරීමට කටයුතු කළ බවටත් දුම්රිය සංඥා ලබාදෙන අයගේ අවධානය නොතිබීම හේතුවෙන් මගීහු දැඩි අසරණ තත්වයකට පත්වන අතරම රාත්‍රී දුම්රියේ නිසි පහසුකම් වැඩිදියුණු කොට පිරිසිදු මැදිරි වල මගී ජනතාවට ගමන් කිරීමට ඉඩ සලසන ලෙසට උතුරේ මගීහු දුම්රිය බලධාරීන්ගේ ඉල්ලති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,868 Viewers

3 Comments to “උතුරු දුම්රියේ කාන්තාවක් නූලෙන් බේරේ.. දොරේ එල්ලී කිලෝමීටර් 03 ක් ඇවිත්..”

  1. චන්ඩි මල්ලි says:

    අවශ්‍ය නැත. කලයුත්තේ එකම දෙයකි. දුම්රිය ගාස්තු ඉහල නැංවීම පමණි. මෙවැනි යමපාලන රජයකින් ඊට වඩා කිසිවක් බලාපොරොත්තු විය නොහැක. ඔවුනට මිනිස් ජීවිතවල වටිනාකමක් නොතේරේ. ඒ, එවුන්ට කෝටි ගණනින් වාහන ගෙන්වාගෙන ඇති බැවිනි.

  2. Gayantha says:

    මේ ඔක්කොටම මුල නාකි හම්ම්පඩ නිලධාරීන්. දැන් තාක්ෂණය දියුණු නිසා සෙන්සර් වගේ දෙවල් කොච්චර පවිච්චි කරන්න පුලුවන්ද මේ වගෙ දෙවල් නොවෙන්න. අනික රේල් පරවල් වල වෙන අනතුරුත් වලක්වාගන්න පුලුවන්.

    • නයා says:

      නවීන තාක්ෂනය භාවිතා කිරීම ගැන නම් කියලම වැඩක් නෑ.
      ලංකාවේ රාජ්‍ය සේවයේ ඉන්න ගොං බූරුවන්ට නූතන තාක්ශනය කියන දේ තේරෙන්නේම නෑ.

Main News