උතුරු පලාත් සභාවේ මන්ත්‍රීවරු උතුරු මහඇමතිව විහිලුවකට ගනී.. සභාව නොසන්සුන්…

September 12, 2018 at 3:50 pm | lanka C news
උතුරු පලාත් සභාවේ මන්ත්‍රීවරු උතුරු මහඇමතිව විහිලුවකට ගනී.. සභාව නොසන්සුන්…

උතුරු පළාත් සභාවේ 131 වෙනි සැසිවාරය ආරම්භ වී උතුරු මහඇමති අසුන් ගන්නා විට සභාවේ සිටිය යුතු අමාත්‍යවරු පිළිබඳ විමසා සිටීමත් සමගම සභා ගර්භය තුළ නොසන්සුන් තත්වයක් ඇති විය.

ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා  අසුන් ගන්නා අවස්ථාවේදී උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විසින් ”මේකේ ඇමතියෝ කවුද? ඇමතියෝ කවුද? උසුලු විසුලු කරමින් කෑකෝ ගසන්නට පටන් ගැනීමත් සමග නොසන්සුන් වී ඇත.

එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා විසින් පිළිතුරු දී ඇත්තේ ලබන පලාත් සභා සැසි වාරයේදී උතුරු පලාත් සභාවේ අමාත්‍ය වරුන් කව්රුන්දැයි යන්න හෙලි කරන බවටය.

පළාත් සභා පනතට අනුව පළාත් සභාවක අමාත්‍යවරු හතර දෙනෙකු පමණක් සිටිය යුතු නමුත් මේ වන විට උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු පස් දෙනෙකු සිටීම මෙම ගැටලුවට හේතු වී ඇත.

උතුරු පලාත් සභාවේ හිටපු මහාමාර්ග අමාත්‍ය පී.ඩැනීස්වරන් මහතාව යළි අමාත්‍ය ධුරයේ පිහිටුවන ලෙස අභියචනාධිකරණය නියෝග කොට ඇතත්  ප්‍රධාන අමාත්‍යවරයා එය ඉටු නොකිරීම නිසා ඊට එරෙහිව තවත් පෙත්සමක් අභියාචනාධිකරණයේ ගොනු කොට තිබේ.

ඩැනීස්වරන් අමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍යවරයා  විසින් ලිපියක් මගින් ඉවත් කොට ඒ වෙනුවට පත් කරන ලද අමාත්‍යවරයා ඉවත් නොකිරීම නිසා උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ගේ සංයුතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිව තිබේ.

මේ තත්ත්වය විසදීමට පියවර නොගැනීම නිසා පළාත් සභා සැසිවාරය ආරම්භ වූ මොහොතේ සිට එය තුළ නොසන්සුන් තත්ත්වයක් හටගත් නමුත් එය පාලනය කොට පළාත් සභාවේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට උතුරු පළාත් සභවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,554 Viewers

5 Comments to “උතුරු පලාත් සභාවේ මන්ත්‍රීවරු උතුරු මහඇමතිව විහිලුවකට ගනී.. සභාව නොසන්සුන්…”

  1. alla sutala says:

    Yeka harima wedak ne.. kohomada eema une appa?

  2. sinha le says:

    මැතිසබයට උතුරු පළාත් මන්ත්‍රීන් ට එන්න පුලුවන්නම් උතුරු පළාත් සබාවලට සිංහලයන් ගැනීම අනිවාර්ය කල යුතුය එම නිසා මුලින් පදිංචි සිටිය මුස්ලිම් සිංහල ජනතාව නැවත පදිංචි කල යුතුය උතුරේ රජයේ ඉඩම් සිංහලයන්ට පමණක් ලබා දිය යුතුය

  3. LION says:

    දකුණේ ඕනෑම තැනක ද්‍රවිඩයන්ට ජිවත්විය හැකි නම් සිංහලයන්ට උතුරේ ජීවත්වීමට නොහැකි මන්දැයි මේ ජාතිවාදීන්ගෙන් කෙලින්ම ඇසීමට තරම් පිට කොන්දක් ඇති දේශපාලනඥයන් අද පාර්ලිමේන්තුවේ නොමැත.

  4. Love nature says:

    1948දී ශ්‍රී ලංකාව නිදහස ලබද්දී උතුර සහ නැගෙනහිර ශ්‍රී ලංකාවේම කොටසක් ලෙසට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු පිළිගත්හ. පාකිස්ථානය බිහි කලාක් මෙන් උතුර (සහ නැගෙනහිර) වෙන් කර වෙනම ද්‍රවිඩ රාජ්‍යක් තනා ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමට ඔවුන්ට කිසිම උවමනාවක් නොවිය. එවකට සිටි ද්‍රවිඩ නායකයන් එවැනි ඉල්ලීමක් බ්‍රිතාන්‍යයන්ගෙන් නොකළහ. මන්ද, එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප වන බව ඔවුන් ඉතා හොඳින් දැනසිටි නිසාය.

  5. Love nature says:

    ද්‍රවිඩයන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉතා නිදහසේ ජිවත් විය හැක. අද කුරුනෑගල, තිස්සමහාරාම වැනි සිංහල බහුතරය ජීවත්වෙන ප්‍රදේශවල ද්‍රවිඩයන් ජිවත් වෙත්. මෙහි වරදක් නැත. නමුත් මෙම සිද්ධාන්තය සිංහලයන්ට උතුරේ ජිවත් වීම් සඳහාද බල පෑ යුතුය. අද එය එසේ බල නොපායි.

    සිංහලයන්ට උතුරේ ගොවිපලවල්, ව්‍යාපාර පටන් ගැනීමට, එසේ නොමැති නම් උතුරේ වූ නිස්කලංක පරිසරයේ ජීවත්වීමට, එවැනි දේ කැමති අයට අවස්ථාව සැලසිය යුතුයි. නියම සංහිඳියාව යනු මෙයයි.නමුත් අද සිදුවන්නේ එයට ඉඳුරාම විරුද්ධ දෙයකි. එසේ යන අයව වැලැක්වීම සහ ඒ අයට අවශ්‍ය පහසුකම් නොලැබීමයි.

    සංහිඳියාව පිළිබඳව අප දැන් උදේ සවස මාධ්‍ය මඟින් අසමු, දකිමු. සංහිඳියාව හොඳ දෙයකි. නමුත් සංහිඳියාව දෙපාර්ශ්වයටම ක්‍රියාත්මක විය යුතුයි. සංහිඳියා පණිවුඩය සිංහල, දෙමල, මුස්ලිම් සියළු දෙනාටම එක සේ අදාළ බව පෙන්වා දීම රජයේ යුතුකමකි. සිංහල මාද්‍ය මඟින් සංහිදියා පිළිවෙත අනුගමනය කරන මෙන් නොකඩවා දෙන උපදෙස් දෙමල, මුස්ලිම් මාධ්‍ය මඟින් එම ප්‍රජාව වෙතද ලබාදෙනවාද කියා සොයා බැලිය යුතුයි.

    නිදහසේ තමන් කැමති තැනක ජීවත්වීම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවීමේදී එහි අන්තර්ගත බව පැහැදිලියි. ශ්‍රී ලංකාව විසින් අත්සන් කර ඇති International Covenant on Civil and Political Rights 1966 නමැති ජාත්‍යාන්තර ප්‍රඥප්තියේද මේ බව සඳහන් වේ.

    සිංහලයන්ට උතුරේ පදිංචි විමට ඉඩ නොදීමෙන් රජයන් සහ ද්‍රවිඩ දේශපාලනඥයන් ජාතික සහ අන්තර් ජාතික නීති කඩ කරත්.

Leave a Comment

Main News