උතුරු පළාතට මුල්වරට මුස්ලිම් දිසාපතිවරයෙක් පත් කෙරේ..

July 7, 2018 at 8:02 am | lanka C news
උතුරු පළාතට මුල්වරට මුස්ලිම් දිසාපතිවරයෙක් පත් කෙරේ..

උතුරු පලාතට පළමු වතාවට මුස්ලිම් දිසාපති වරයෙකු පත් කරමින් වව්නියාව දිස්ත්‍රීක්කය වෙනුවෙන් නව දිසාපති වශයෙන් අයි.එම්.හනීෆා මහතා සර්ව ආගමික වතාවත් හමුවේ සුභ මොහොතින් වැඩ භාරගනු ලැබීය.

නව දිසාපතිතුමන් වැඩ භාරගන්නා අවස්ථාවේදී වව්නියාව දිස්ත්‍රීක්කයේ රජයේ කාර්යාලයන්හි ජ්‍යේෂ්ඨ නිලධාරී වරුන් රැසක් සහභාගී වෙමින් සුභපතනු ලැබීය.

අයි.එම්.හනීෆා මහතා මීට පෙර මඩකලපුව සමන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි වන අතර සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් වරයා වශයෙන් සේව කළ අයෙක් වන අතර ප්‍රදේශයේ ජනතාවගේ ජනතා ප්‍රසාදයක් ලද අයෙකි..

වව්නියාව දිස්ත්‍රීක්කයේ මෙතෙක් සේවය කරන ලද දිසාපති සෝමරත්න විදානපතිරන මහතා ලබන සඳුදා සිට ගාල්ල දිස්ත්‍රීක්කයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,660 Viewers
Main News