උතුරු පළාතේම දැවැන්ත වැඩ වර්ජනයක් කැදවයි..

October 8, 2017 at 5:30 pm | lanka C news
උතුරු පළාතේම දැවැන්ත වැඩ වර්ජනයක් කැදවයි..

යාපනය දිස්ත්‍රීක්කයේ සේවය කරමින් සිටි මහජන පරික්සක වරුන් පස් දෙනෙකු අත්තනොමතිකව ස්ථාන මාරු වීම් ලබා දී පසුව ඔවුන් වැඩතහනමක්ට ලක් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් යාපනය වයි.එම්.සී ශාලාවේදී 07 වනදා සවස පැවත්විණි.

මෙම අවස්ථාවට දිවයිනේම මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ සංගමයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයින් , උතුරු පලාත් මහජන සෞඛ්‍ය පරික්ෂ සංගම් සාමාජිකයින්, පරිපූරක වෛද්‍ය සංගම් සාමාජිකයින්, අතුරු වෛද්‍ය සංගම් සාමාජිකයින් හා හෙද සංගම් සාමාජිකයින් සහභාගී වී ඇත.

එම සාකච්ඡාවේදී අවසාන වශයෙන් තීරණය වුනේ තවත් සතියක කාලයක් අදාල මහජන සේ්ඛ්‍ය පරික්ෂක වරුන්ගේ ගැටලුවට කල් දෙන බවටත් එම කාලය ඇතුලත අදාල ස්ථාාන මාරුවීම් අවලංගු කොට එම සේවකයින්ගේ හිග වැටුප්ද සමග නැවත සේවය පිහිටුවීමට කටුයුතු නොකරන්නේ නම් උතුරු පලාතම ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් ,වෛද්‍ය වරුන් හා හෙද කාර්ය මණ්ඩලයන් රාජකාරි කටයුතු වලින් ඉවත්ව විසඳුම් ඉල්ලා දැවන්ත විරෝධතාවක් සිදු කරන බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,626 Viewers

2 Comments to “උතුරු පළාතේම දැවැන්ත වැඩ වර්ජනයක් කැදවයි..”

  1. Open mind says:

    උතුරේ එවුන් පරිප්පු ව කාපුදෙන්. කාටද සනීප

    • Lolla says:

      Pls don’t tell gonkatha. Everyone has probs and do find solution. GOV not offer you any unless you demand.

Main News