උතුරු මුහුදෙන් කේරල ගංජා වැඩිම තොගය හමුවේ.. කිලෝ 284ක් අත්අඩංගුවට..

September 9, 2018 at 5:30 pm | lanka C news
උතුරු මුහුදෙන් කේරල ගංජා වැඩිම තොගය හමුවේ.. කිලෝ 284ක් අත්අඩංගුවට..

උතුරු මුහුදේදී නාවික හමුදාවට එකවර හමු වූ විශාලතම කේරල ගංජා තොගය ව කිලෝ 284.05 ක ප්‍රමාණයක් කිලිනොච්චිය ඉරණතිව් මුහුදේ පාවෙමින් තිබියදී උතුරු මැද නාවික විධානයට අයත් නාවික යත්‍රාවකට හමුවී ඇත.

උතුරුමැද නාවික විධානයට අයත් මුර යාත්‍රා 3 ක් මගින් පසුගිය 07 වනදා රාත්‍රියේ කිලිනොච්චිය ඉරණතිව් මුහුදේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී අදාල කේරල ගංජා තොගය පාවෙමින් තිබියදී සොයාගෙන ඇත.

අදාල කේරල ගංජා තොගය ඇසුරුම් 95 ක බහා තිබූ අතර ඉන්දියාවේ සිට අදාල කේරල ගංජා තොගය රැගෙන එන්නට ඇති බවටත් පසුව නාවික හමුදා යාත්‍රාවන් දැක ජාවාරම් කරුවන් විසින් කේරල ගංජා තොගය මුහුදට දමා පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කොට සිටියේය.

කෙසේ වෙතත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 30 ක් ඉක්මවන අතරම එම කේරල ගංජා තොගය නාවික හමුදාව විසින් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය මුලංකාවිල් පොලීසියට භාර දී ඇති අතර පොලීසිය විසින් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,513 Viewers

2 Comments to “උතුරු මුහුදෙන් කේරල ගංජා වැඩිම තොගය හමුවේ.. කිලෝ 284ක් අත්අඩංගුවට..”

  1. sinha le says:

    ෆෙඩරල් දුන්නොත් කොහොම තියේද?

  2. **** says:

    මේ යන හැටියට අනාගතේ බුලත් විටට කන දුම්කොළ ගණනට වැටෙයි, 62,00,000 ක බත්කන හරක් හංසයාට ඡන්දෙ දීල ලැබෙන දේවල් තමයි.

Main News